ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා..

February 29, 2020 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා..

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිල වශයෙන් එකඟත්වය පළකර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා පැවසීය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැත්වූ සියලූ සාකච්ඡුා සාර්ථක බවත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

දැනට මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග තමන් සමග එක්වන බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

– divaina

144 views

16 Comments to “ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා..”

  1. Saradiel says:

    සජිත් සමග අපායට යන්න එන්නලු.

  2. Rohan says:

    රන්ජා වගේ මෝල් හරක් ගත්තාම සජිත්ට හුලං….ශ්‍රිලංකා එකේ හුටංල ටිකත් ගගත්තාම නියමෙට තියෙයි…මිනිස්සු මෝඩ නෑ… mcc ගැන එදා කට නෑරපු එවුන් දැන් වැල් බයිලා ගහනවා

Main News