ශ්රීලනිප මැයි රැළියට කොළඹ සිට නොමිලේ කෝච්චි.. ඉතිහාසයේ මුල් වරටයි..
April 26, 2017 at 1:20 pm | lanka C news
මැයි පළමුවැනිවා මහනුවර ගැටඹේ ක්රීඩාංගනයේදී පැවැත්වෙන ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගී වන්නන් වෙනුවෙන්ම වෙන් කරන ලද දුම්රියක් මැයි පළමුවැනිදා කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කෙරේ.
ශ්රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසන්නේ මැයි රැළියක් සදහා පාක්ෂිකයින් වෙනුවෙන් දුම්රියක් නොමිලේ ලබා දෙන්නේ ඉතිහාසයේ ප්රථම වතාවට බවයි.
බස් රථ 3,000ක් පමණ ඇණැවුම් කර ඇති බවද කී සභාපතිවරයා ශ්ර්රීලනිප මැයි රැුළිය වෙනුවෙන් තරුණ තරුණියන් 40,000ක් කැදවන බවද පැවසීය.