ශ‍්‍රීලනිප මූලස්ථානය වසා දමයි..? නියෝගය ජනපතිගෙන්..?

December 26, 2018 at 10:30 pm | lanka C news
ශ‍්‍රීලනිප මූලස්ථානය වසා දමයි..? නියෝගය ජනපතිගෙන්..?

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත වසා දමා ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වූ යම් අර්බුදකාරී තත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමා නැති බවයි.

නත්තල් නිවාඩුව සහ වර්ෂ අවසාන නිවාඩුව එම කාර්යාලයේ නිළධාරීන්ද ලබාගෙන ඇති බවත් එහි කටයුතු පමණක් මේ දිනවල සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය.

එන සතියේ සිට නැවතත් පුරුදු පරිදි එහි කටයුතු ආරම්භ කරන බවත් එසේ නොමැතිව කාර්යාලය වසා දමා නැති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප සංවිධායක හමුවේදී එම පක්‍ෂ දිස්ත‍්‍රික් සංවිධායක ධුරයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පිරිසක් යම් විරෝධයක නිරත වන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල පුද්ගලික සංචාරයක් සඳහා දින කිහිපයක් රටින් බැහැරව සිටින අතර ඔහු එන වසරේ මුල නැවත පැමිණීමට නියමිතය.

179 views

3 Comments to “ශ‍්‍රීලනිප මූලස්ථානය වසා දමයි..? නියෝගය ජනපතිගෙන්..?”

  1. Gayantha says:

    ඇරන් හිටියත් වැඩක් නෑනේ.

    • බන්ඩා says:

      රටේ සම්පත් විකිනීම රණවීරැ දඩයම් හාමුදුරුවරැ හිරේ දැමීම ත වැනි යූඑන්පී පරගැති වැඩ ජනාධිපති නිසා නතර උනා.

  2. Pambaya says:

    Better to close that useless building forever

Main News