ශ‍්‍රීලනිප යටිඋගුල් කාරයක් කිහිප දෙනා එජාපයට.. සෙසු පිරිසත් 16 කණ්ඩායමට එක්වෙති..

April 30, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප යටිඋගුල් කාරයක් කිහිප දෙනා එජාපයට.. සෙසු පිරිසත් 16 කණ්ඩායමට එක්වෙති..

එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ද වී යටි උගුල් අදින කණ්ඩායම හැරුණු විට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි කණ්ඩායමේ වැඩි පිරිස තම කණ්ඩායම සමග එක්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අද මුළු රටටම මේ රජය එපා වෙලා තියෙන්නේ. මොන ගිවිසුම් ගැහුවත් ජනතාව පිලිගන්න මට්ටමට ගේන්න බෑ. සමහර දේවල් ගැන අපට තියෙන්නෙ පසුතැවීමක්.

අද වන විට සන්ධිනයේ 3/4න් ඉන්නේ විපක්‍ෂයේ. තව ඉතිරිවෙලා ඉන්නේ කිහිප දෙනයි. ඒ කණ්ඩායමත් නුදුරේදීම අප හා එක්වෙනවා’

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල හපුගල ඔහුගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

16 views
Main News