ශ‍්‍රීලනිප යෝජනාවට ජවිපෙ පක්‍ෂයි.. ජනාධිපතිවරණයේදී එක්වෙන්න කැමති වෙයි..

September 17, 2019 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප යෝජනාවට ජවිපෙ පක්‍ෂයි.. ජනාධිපතිවරණයේදී එක්වෙන්න කැමති වෙයි..

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ඉදිරි ජනාධිපතිවරණයේදී ජවිපෙ පාර්ශ්වයට සහයෝගය දීම සුදුසු බවට ශ්‍රීලනිප මහ ලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශය සුබවාදීව පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරන්නේ අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතාව ජාතික ජනබලවේගය සහාය දීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළංකර ගතහැකි එකම විකල්පය ජාතික ජනබලවේගය පමණක් බවත් කී ඔහු ඇතිව තිබෙන තත්ත්වය මත එජාපෙට හෝ පොදු ජන පෙරමුණට ප්‍රතිපත්තිමය ලෙස කිසිදු ආකාරයකින් එක්විය නොහැකි තත්ත්වයකට ශ්‍රීලනිපය පත්ව ඇතැයිද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව අන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී ජනතාව ජාතික ජනබලවේගයට සහාය දී රට ගොඩ ගැනීමට එක්වන ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

52 views

20 Comments to “ශ‍්‍රීලනිප යෝජනාවට ජවිපෙ පක්‍ෂයි.. ජනාධිපතිවරණයේදී එක්වෙන්න කැමති වෙයි..”

  1. එතකොට සිරිසේන නිසා නැත්තට නැතිවෙන අන්තිම පක්ෂය ජෙප්පන්ගෙ එකද….?

  2. තොත්ත බබා says:

    දැන් කැත නැතුව අත දිගහැර ගෝටාභය මැතිදුන් ට ඡන්දය දිය හැකියි.

  3. winase says:

    ranil ekka ekathu wela my3 wa kawe jvp karayo thamayi. anika dayasiri slfp eke ithuru tikath winasa karanawa.

  4. gothaya says:

    SLFP labbai thattei dekama hodata, partially samanaloyoth ekka weda karavi anthimata labba gevila nethi wela yai

  5. sunimal says:

    රනිල් සමග දිග ගිය සිරිසේන සමග එකතුවීම JVP ලැජ්ජා වෙන්න ඕනේ දැනට තිබෙන ආසන තුනත් නැතිවෙනවා සහතිකයි

    • RATA WESIYO says:

      The people observes ridiculously, how the present opportunistic, hypicritical ,bankrupt S.L F.P.politicians try to pay tribute and gratitude to the J.V.P.ers ,for trying to topple the Mrs. Sirimavo’s July 1970 government ,which was elected with more than two _ thirds majority by patriotic ,progressive people,on 5th April 1971,by attacking police stations in the island,which resulted thousands of misguided youths to lost their lives.Also seem to be endorsing the killings of Buddhist priests, school principals ,Journalists and other citizens during their 88_89 courting period with U.N.P.

  6. Nim says:

    ” RATHÙ ALI PATAW KAWADATH
    UNP AKA TA WASI WANA
    WEDIYE THEERANA NE GANNE. “

Main News