ශ‍්‍රීලනිප රැස්වීමට ආ අනුර යාපාට හූ තියා පන්නා දමති.. හූ කියු කොල්ලන් පොලීසි කැදවති..

November 20, 2016 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප රැස්වීමට ආ අනුර යාපාට හූ තියා පන්නා දමති.. හූ කියු කොල්ලන් පොලීසි කැදවති..

ඇමති අනුර ප‍්‍රියදර්ශණ යාපා විසින් ඊයේ දිනයේ පවත්වන්නට සූදානම් කර තිබූ කටුගම්පොල ඉංගරදවුල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා සමිතිය ගම්මාන කිහිපයක ජනතාව එක්ව විරෝධය පෑමක් හේතුවන් අත්හිටුවා තිබේ.

ඇමතිවරයා ශාඛා සමිතිය වෙත පැමිනෙද්දී ජනතාව හූ තියමින් එන පාර මැදට රතිඤ්ඤා පත්තු කරමින් ඔහුට දැඩි විරෝදය දක්වා තිබේ.

එම තත්වය මත ඇමතිවරයා ශාකා සමිතය කැදවීම අත්හැර දමා ආපසු හරී ගොස් තිබේ.

කෙසේ වෙතත් අද පෙරවරුවේ පන්නල පොලීසිය විසින් ඊයේ දිනයේ ඇමතිවරයට හූ කිවුවේ යයි සැක පිට පුද්ගලයින් සිවු දෙනෙකු පොලීසියට කැදවා ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් කරන ලද බලපෑම මත තමන් අසාධාරණ ලෙස පොලීසියට කැදවනු ලැබ ඇති බවයි.

20 views
Main News