ශ‍්‍රීලනිප ලොක්කන් ඇතුළු පිරිසක් ‘හදවත’ පක්‍ෂයට…

February 11, 2020 at 10:32 pm | lanka C news
ශ‍්‍රීලනිප ලොක්කන් ඇතුළු පිරිසක් ‘හදවත’ පක්‍ෂයට…

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කරන නව සන්ධානය සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබලම නායකයන් ඇතුළු පිරිසක් කැමැත්ත පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ‘හදවත’ පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ස පිරිසේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ අලියා ලකුණ වෙනුවට පොදු ලකුණක් ඉදිරිපත් කිරීම බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් අලියා ලකුණ හැර වෙනත් ලකුණක් සන්ධානයේ මැතිවරණ ලකුණ ලෙස ඉදිරිපත් විය යුතු බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට සහ අලියා ලකුණට එකතු විය නොහැකි බොහෝ පිරිසක් පොදු ලකුණක් පොදු වර්ණයක් යටතට එක් කළ හැකි යැයිද පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් බිහිවන නව සන්ධානයේ ලේකම් ධුරය අනිවාර්යෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාට හිමි විය යුතු යයිද ඔහු තව දුරටත් පැවසීය.

48,114 Viewers

11 Comments to “ශ‍්‍රීලනිප ලොක්කන් ඇතුළු පිරිසක් ‘හදවත’ පක්‍ෂයට…”

  1. gamarala says:

    මෙදා පොටේ මුන්ට ඇපත් නැහැ ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී..

  2. Susil says:

    People with No heart can join the the Heart alliance.
    These kalakanni, robbbed and baked innocent people’s heart for money and greed!

  3. 💘💘💘💘💘💘💘💘💘 says:

    රට ගැන හිතල නොව මං ගැන හිතලා
    යන වාහනය දෙන්නට බැහැත් හිතලා
    අත හදවතට තියලා මම මාරුව හිතලා
    රැකගමි මගෙ තැන සුදුලෝගුව හිතලා

  4. Wijebahu says:

    Sandhanum Ajootha Perera is day dreaming.

    Wake-up man, wake-up!

  5. Rata Wenuwen says:

    ඒ කෙසේවෙතත් බිහිවෙන සන්ධානයට හොර සල්ලි මුද්ද්‍රනයට අධිපති මද්දුම දලු බන්ඩාරයා ලේකම් හැටියට පත්කලයුතු
    බවට පුට්නෝට් හොරෙක් සඳහනක් තබයි

  6. ඇලෝසියස් says:

    ශ්‍රී ල නි ප නායකයෙක් කියන්නේ ඇනිබල් අක්ක නේද, වෙන ඉතින් කවුරු එන්නද ගිලෙන නැවේ හබල් ගාන්න,

  7. Ratnamalala says:

    සුභපැතුම් අලුත් පක්ෂයට. ජෙප්පොන්ට එකතුවෙන්න නියමම පක්ෂය.එයාලා ආසම පාට දෙකම තියෙනවා.

  8. අභිමානී says:

    මුන් රණ්ඩු කර කර ඉන්න කොට රේස් එකේ අයිනෙන් එන එවුන් දිනලා ඉවරයි. අපිට “සිහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” කිව්වේ ඒකනේ. උන් විපක්ෂයටත් ඇවිත්ඉවරයි. ඊට පස්සේ දීපල්ලකෝ ඉල්ලන ඉල්ලන දේවල්.

  9. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    වැලේ වැල් නැතුව ඉන්න ශ්‍රීලංනිප පිරිසක් වෙන්න ඇති. සිරිසේන 2015 න් පසුව ශ්‍රීලංනිපය පෙට්ටියේ දමා ඇණ ගසා භූමදානය කර ඇත. අජිත් පී. පෙරේරාට එම මීනීවල හාරා ගන්නා ලද ඇටකටුවල වටිනාකමක් පෙනුණාට, රටේ බහුතර ජනතාවට ඒවායෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.

  10. Parakum says:

    Once bitten twice shy, never entertain the SLFPers in the UNP. They are not genuine people and very untruthworthy, like their FOUNDER of this KODIVINA party.

  11. malraj says:

    වැලේ වැල් නැතුව ඉන්න ශ්‍රීලංනිප පිරිසක් වෙන්න ඇති. සිරිසේන 2015 න් පසුව ශ්‍රීලංනිපය පෙට්ටියේ දමා ඇණ ගසා භූමදානය කර ඇත.

Main News