ශ්‍රීලනිප සංවිධායකයන්ගෙන් ජනපතිට විරෝධය.. ජනපති නායකත්වයෙන් ඉවත් කර අලුත් නායකයෙක් පත් කර ගන්න යයි..
January 1, 2019 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම සංවිධායකයන් අවස්ථා කිහිපයකදී ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්,මේ වනවිට ඔවුන් කණ්ඩායම් වශයෙන් රැස්වී සාකච්ඡා කරන බවත් සඳහන් වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට පක්ෂ නායකත්වය ගත් තීරණයෙන් පසු කලකිරී සිටින සංවිධායකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පත් කරගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇතැයිද කියැවේ.
පසුගියදා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පළකරමින් අදහස් පළ කර තිබුණේ මෙම ආසන සංවිධායකයන්බවදශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජී.එච්.බුද්ධදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනායකත්වය වෙනස්විය යුතු බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට නායකත්වය බාරගැනීමට ශ්රීලනිපය තුළ අවශ්‍යතරම් නායකයන් සිටින බවත් පැවසූ ඒ මහතා,ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූ දින සිට මේ දක්වා ශ්රීලනිපය කුඩා පක්ෂයක් බවට පත්වී ඇතැයිද කියා සිටියේය.
ආණ්ඩුවට එක්වුවහොත් මන්ත්‍රී ධුරය අහෝසි කරන බව පවසමින් ශ්රීලනිපමන්ත්රීවරුන් 21 දෙනා බියගන්වා තිබෙන බවත්,මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ලබාදුන් නිදහස එම පිරිසටද ලබාදුන්නේනම් ඔවුන් සියලු දෙනා මේ වනවිටත් ආණ්ඩුවට එක්වී අවසන් බවත් ජී.එච්.බුද්ධදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– ada
මහින්ද මහත්තයට මේ බොරු ශ්‍රී ලංකා කාරයන්ගෙන් වැඩක් නැහැ….!
සිරිසේන ජනාධිපති මොනයම් හෝ හේතුවක් මත මහින්ද මහත්තයව අගමැති කල එකෙන් ආණ්ඩුවට 2/3 නැතිවීම දරා ගන්න බැරි පල් මෝඩයො මේ වෙලාවෙ යූ ඇන් පී එකට වාසි වෙන විදියට වැඩ කරනව නම්, ඒකෙන් පාඩුව රටට මිස මහින්ද මහත්තයට නෙවෙයි….!!
මුනුත් සේරම රනිල් ගෙනාපු ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ
The political role has failure during that 11 years of that rule by CBK of Tamil federalist.
The SLFP rule has lost that leadership of CBK which all mission undertaken by SLFP in 1951 and then 1956.
While that Party of SLFP has converted into the UNP policies of neo-Liberalist party by CBK and actor turn uneducated politician of Wiyjiya Kuranatunga ? We are in middle of crisis of SLFP has no role to play in future of our nation
This is good if these people will resign. THEY CAN BE QUICKLY REPLACED BY OTHERS CHOSEN BY THE PUBLIC. WHO WANTS SELFISH SANVIDHAYAKAYOS