ශ්‍රීලනිප සංවිධායකයින් 12ක් ඉල්ලා අස්වෙන්න සූදානම්..
February 8, 2017 at 12:28 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් 12 දෙනකු පමණ ලබන සතියේදී ඉල්ලා අස්වීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සංවිධායකවරයෙක් පැවසීය.
මෙම පිරිසෙන් තිදෙනකු ඉදිරි දින කිහිපය ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත බව ද හෙතෙම කීය.
මෙම තිදෙනා ඉකුත් මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ නමුත් ආසන සංවිධායකවරුන් ලෙස තවමත් කටයුතු කරන බව ද ඒ මහතා කීය.
ඉල්ලා අස්වන ආසන සංවිධායකවරුන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් පසුව ප්‍රකාශයට පත්කරනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
– දිවයින