සාකච්චා සම්පූර්ණයෙන්ම නතර කරයි.. ඒකාබද්දය පොහොට්ටුවෙන් නාම යෝජනා සකසා අවසන්.. පලමු දිනයේම බාර දෙන්න සූදානම්..
December 7, 2017 at 9:20 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග වැදීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වන සාකච්චා සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කල බව ඒකාබද්ද විඵක්‍ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැුස්වූ ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම මෙම අවසාන තීන්දුව ගත් බව ඔහු සදහන් කලේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා සම්බන්දයෙන් මෙහිදී අවධානය යොමු වූ බවද කී මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය සමග වන ආණ්ඩුවෙන් ඉවත් වන තෙක් ශ්රීලනිපය සමග තව දුරටත් කිසිදු සාකච්චාවක් නොපාවැත්වීමට තීරණය කල බවද කියා සිටියේය.
මෙම මැතිවරණය දේශපාලන පක්ෂවල පුද්ගලික මැතිවණයක් නොව ජනතාවගේ මැතිවණයක් බැවින් ඒකාබද්ද විපක්ෂය එහිදී කටයුතු කරන්නේ ආන්ඩු විරෝධීව බවද මන්ත්‍රිවරයා කියයි.
ශ්‍රිලනිපය ආණ්ඩුව සමග සිටියදී හවුලේ මැතිවරණයකට ගියහොත් ආණ්ඩු විරෝධී ඡුන්ද විශාල ප්‍රමාණයක් අහිමි වීමේ වැඩි ඉඩක් ඇති නිසා තව දුරටත් හවුල් සාකච්චා නොකිරීමට මන්ත්‍රී කණ්ඩායම තීරණය කල බවද ඔහු කියා සිටියේය.
මේ අතර වාර්තා වන්නේ නාම යෝජනා කැදවා ඇති පළාත් පාලන ආයතන සියල්ල සදහා ඒකාබද්ද විපක්ෂය පොහොට්ටුව ලකුණින් නාම යෝජනා බාර දීම සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.
නාම යෝජනා බාර ගන්නා පළමු දිනයේම ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පෙරමුණ විසින් නාම යෝජනා බාර දීම සිදු කරනු ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
සම්පත් ඔක්කොම විකුනලා අපි අන්තිමට හමුදා වීරයනුත් පීටර විකුනනවා. ඊට පස්සේ මහින්දත් අවුරුදු 30 යුද්දේ දිනපු මහින්දත් එයාගේ පව්ලේ අයත් UN එකට විකුනනවාමයි.
නියම යු ඇන් පී විරෝධී ජනතාවට තම නියෝජනයක් ලබා දීමට ඒකාබද්ධ විපක්ෂය තනිවම සිටිය යුතුමය. යූ ඇන් පී රජය සමග එකතුවී සිටින ව්‍යාජ ශ්‍රී ලංකා කාරයන් සමග එක් වුවහොත් එම ජනතාවට එකඟව ඡන්දය දීමට විකල්පයක් තැති වනු ඇත.
GREAT.
Whether you Win or Lose . This is the path.