ශ‍්‍රීලනිප සාතිශය බහුතරය විශ්වාස භංගය සමග එක්වේ.. දෙමල සන්ධානය දෙකට බෙදේ.. ජවිපෙට පැනයන්න බැරිවේ.. අගමැති මෙවර කොටුවීම ස්ථිරයි..

March 17, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප සාතිශය බහුතරය විශ්වාස භංගය සමග එක්වේ.. දෙමල සන්ධානය දෙකට බෙදේ.. ජවිපෙට පැනයන්න බැරිවේ.. අගමැති මෙවර කොටුවීම ස්ථිරයි..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරිමට නියමිත විශ්වාස භංගය සදහා ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් සාතිශය බහුතරය පක්‍ෂ වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරයෙක් කියා සිටියේ දැනට විශ්වා භංගයට පක්‍ෂ නොවී සිටීමේ අදහසේ සිටින්නේ ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගෙන් අගේ ඇගිලි ගණනටත් අඩු පිරිසක් යයිද පැවසීය.

එම පිරිස අතර ශ‍්‍රීලනිපයේ ප‍්‍රධාන තනතුරක් දරන්නෙකු මෙන්ම අපප්පච්චි මල ඇමතියෙක්ද වන බව සදහන්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ජපාන සංචාරව නිමවා ශ‍්‍රී ලංකාවට පැමිණි පසු සතියක දෙකක කාලය ඉතා තීරණාත්මක වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඉදිරිපත් කෙරෙන විශ්වාස භංගයේ කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණට කිසිසේත්ම කරහැරිය නොහැකි වනු ඇති බවත් එක්සත් ජාතිකත පක්‍ෂයෙන් අවම දස දෙනෙකුගේ සහාය හිමිවුවහොත් ස්ථිර වශයෙන්ම අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

දැනටමත් දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් 16 දෙනා විශ්වාස භංගය සම්බන්දයෙන් දෙකට බෙදී සිටිති.

2 views
Main News