ශ්රීලනිප හොරුන්ට ඕනෑ විදිහට ඇමති මාරු බෑ.. එජාප මන්ත්රී කණ්ඩායමෙන් ජනපතිට එරෙහිව කරැල්ලක්..
May 16, 2017 at 11:20 am | lanka C news
ජනවරම නොතකා කැබිනට් සංශෝධනය සිදු කලහොත් ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්රිවරුන් කැරැල්ලක් ගැසීමට සූදානම් බව එම පක්ෂ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
එම කැබිනට් සංශෝධනය සිදු වන්නේ පරාජිත දුෂිත බලවේගවලට තනතුරු වරප්රසාද ලබා දීමට නම් තම පක්ෂය ඊට දැඩි විරෝධය පල කරන බවද ඔහු කියා සිටියේ ගාල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.
මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවූයේ එජාපය ප්රමුඛ බලවේග බව සියළු දෙනා හොදින් මතක තබා ගත යුතු යයිද ඔහු සදහන් කලේය.