ශ්රීලනිප 10ක් ආණ්ඩුවට.. මෙහෙයුම චන්ද්රිකාගෙන්..?
December 28, 2018 at 12:01 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 10ක පමණ පිරිසක් කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටවනු ලබන නව සන්ධානය සමග මෙම පිරිස එක්වනු ඇත්තේ මීලගට පැවැත්වීමට නියමිත මැතිවරණයලදී එම නව පෙරමුණෙන් තරග වැදීම සදහායි.
මෙම කණ්ඩායමට හිටපු ජනාධිපතිති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය විසින් නිරන්තර උපෙදස් දෙන්නේ යයිද වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම ගැන මෙම පිරිස විරෝධයෙන් සිටින්නේ යයිද පැවසේ.
කෙසේ වෙතත් ආණ්ඩුවට එක්වන ශ්රීලනිප කිසිවෙකුට තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය නිසා මෙම පිරිස තව දුරටත් පසුබාමින් සිටී.
පට්ටම ඇමතිකම ගත්තට වැඩ බැරිය
තට්ටම රිදෙනකම් පුටුවෙ දවසම හිඳිය
කිට්ටුම ඥාතියව ලඟ පුටුවෙ හිඳව සුදිය
කට්ටම ඇමති හොරු රටේම බැංකු බිඳිය
සමාගමක නම් වැඩබැරි අය එලියටම දමති
මන්ත්රී සමාගම වැඩබැරි අයම ආයිත් ගනිති
පිල්මාරුකර රට හැමදා මුන්ම අඩපන කරති
කාලය ඇවිත් සමාගම ක්රමයට රට ජය කරති
ඉතාමත් නින්දිත දේශපාලන රටාවක් කරා යන ශ්රී ලංකවේ පාර්ලිමේන්තුව කිසිවෙකු විසින් විශ්වාස නොකරණු ඇත. මහ චන්දයක් නොතබා මේ නටන නාඩගම කවදා අවසන් වේද? සියල්ලෝම ජාතික හොරුන්ය.
PANENA GEMBO
SRI LANKA WE
DESAPALANA BOOMEYEN
ATHUGA DAMEEMA TA
JAYAWEWA WAGA
BALAGATHA UTHIEE.
මෑත ඉතිහාසය යන්තමින් හෝ මතක තියනවා නම් ඇමතිකම ලැබුනත් චන්ද්රිකා පස්සෙ යන්නෙ නෑ. පහුගිය චන්දෙදි චන්ද්රිකා පස්සෙ ගිය සෙට් එක අන්ත පරාජයට පතවුනා. අන්තිමට සිරිසේන ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගත්ත .
බල්ලෝ චන්දය දෙයි මේ ගෑනිගේ පක්ෂයකට.
හොරගොල්ලට කෙලපු මාර දෝනි….ඉල්ලන් කන්න හදනවා..වලටත් හෙන ගහනවා…
මේ රට පාලනය කරන්නෙ කම්බ හොරු සෙට් එකක්. උන්ට රට ගැන හැගීමක් නෑ. උන්ට ඕනි තව හොරා කන්නයි මේ රට කෑලි කෑලි වලට කඩල විකුනගෙන කන්නයි. මුන් ඔක්කොම මේ රටට බරක්. මුන් කරන හැමදෙකටම අන්තිමේට දුක් විදින්නෙ මේන් රටේ අහින්සක මිනිස්සු. මුන් ඔච්චර දගලන්නෙ රටට තියෙන ආදරෙකට නෙමෙයි උන්ගෙ බඩගෝස්තරේ රැක ගන්නයි