ශ‍්‍රීලනිප 11ක් එජාප 06ක් අලූත් ව්‍යවස්ථාවට විරුද්දයි.. තවත් පහකින් අලූත් ව්‍යවස්තාව හබක්..

October 26, 2017 at 3:29 am | lanka C news
ශ‍්‍රීලනිප 11ක් එජාප 06ක් අලූත් ව්‍යවස්ථාවට විරුද්දයි.. තවත් පහකින් අලූත් ව්‍යවස්තාව හබක්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත්වුව හොත් එම ජනමත විචාරණයේ ප්‍රථිපල කුමක් උවත් ඒක බෙදුම් වාදීන්ගේ ජයග්‍රහනයක් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් ජනමත විචාරණය දින්නත් දිනුම් පැරදුනත් දිනුම්. කොහොමද ඒක එහෙම වෙන්නේ. නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත් වුවහොත් උතුරු පලාතේ ජනතාව පෙඩරල් ව්‍යවස්ථාව ඉහළින් අනුමත කරාවි. අනිත් පලාත් වල ජනතාව ඒ ප්‍රතිශතයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරාවි. එවිට “උතුරේ දෙමළ ජනතාව අපේක්ෂා කරන දේ දකුණේ සිංහල ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා අපට එකට ඉන්න බෑ. අපට වෙනම රටකට ජනවරමක් ලැබුණා “ කියා දෙමළ බෙදුම්වාදින් ජාත්‍යන්තරයට පවසාවි.

1977 පාර්ලිමේන්තු ඡන්දයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මේ වගේම වඩුක්කොඩෙයි ප්‍රකාශනය සඳහා ජනවරමක් ඉල්ලුවා. ඔවුන් උතුරු නැගෙනහිර දෙමළ බහුතර ආසන සියල්ලම ජයග්‍රහණය කළාට පස්සේ එය දෙමළ ඊළම වෙනුවෙන් ලැබුණු ජනවරමක් බවට ප්‍රකාශ කළා. ඒ ජනතා අභිලාෂය දිනා ගන්න කියලා සන්නද්ධ අරගලයක් දියත් කළා. ඒ නිසා රට පෙඩරල් කරන ව්‍යවස්ථාව ජනමත විමසුමෙන් අනුමත වුණොත් දෙමළ ඊළමට පාර ඉබේම කැපෙනවා. ප්‍රතික්ෂේප වුණොත් ජාත්‍යන්තර මැදිහත් වීමකට එය පදනම කර ගන්නවා. ඒ නිසා ජනමත විමසුම පැවැත් වුවහොත් එයම දෙමළ බෙදුම්වාදින්ගේ ජයග්‍රහණයක්.

මේ තත්වය යටතේ රට බේරා ගැනීමට ඇති එකම විකල්පය ජනමත විමසුම වළක්වා ගැනීමයි. එය කළ හැක්කේ යෝජිත ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් අනුමත වීම වැළැක්වීමෙන් පමණයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නැති කිරීමට නම් මන්ත්‍රිවරු 76ක් පක්ෂ නොවී ඉන්න ඕනෑ. මේකෙන් අදහස් වෙන් නෑ ඔවුන් සියළු දෙනාම විරුද්ධ විය යුතුයි කියල. පක්ෂ නොවී සිටිීමත් ප්‍රමානවත්. දැනට ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රිවරු 54ක් ඉන්න නිසා තවත් මන්ත්‍රිවරු 22ක් ඕනෑ. ඒ අය නව ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය දෙන්න අවශ්‍ය නෑ. බඩේ අමාරුවක් හදා ගෙන ගෙදර හිටියත් ඇති.

දැනටමත් ශ්‍රිලනිප 11ක් සහ එජාප 6ක් නව ව්‍යවස්ථාවට විරුද්ධ වන බවට පොරාන්දු වී තිබෙනවා. හැබැයි ඉතින් මේ වැඩේ කෙරෙන තුරු මටනම් කිසිම විශ්වාසයක් නැ. ඒකත් මේ අවස්ථාවේ සදහන් කරන්න ඕනෑ. නව ව්‍යවස්ථාවේ භයානක කම දැන් දැන් මාධ්‍ය වලින් මතු වන නිසා ඉතිරි පස් දෙනාත් ළඟ දී මතු වෙන්න ඕනෑ. ඒ නිසා රටට අංශු මාත්‍රයක ආදරයක් තිබෙන මන්ත්‍රිවරුන් ආණ්ඩුවේ ඉන්නවා නම් මේ බෙදුම්වාදි ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුලම පරාජය කර විනාශකාරි ජනමත විමසුමට පාර කැපෙන එක වලක්වන්න අපෙත් එක්ක එකතු වෙන්න කියා ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

14 views

3 Comments to “ශ‍්‍රීලනිප 11ක් එජාප 06ක් අලූත් ව්‍යවස්ථාවට විරුද්දයි.. තවත් පහකින් අලූත් ව්‍යවස්තාව හබක්..”

  1. රටවැසියා says:

    Okun sure na. Wishwasa karanna epa.

  2. salli dunnagaman okkomahari badunkara salli thawa athine……………..

  3. siraa says:

    Baya wenna epaa, Vehicle permit + Baduwak denawa, eeta passe oya ganna 0 ta bahinawa. Minissu path karala yawapu deshapaaluwange heti ehemayi.

Main News