ශ‍්‍රීලනිප 16ක් සජිත්ට සහාය දෙන්න එක්වෙයි…

October 15, 2019 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප 16ක් සජිත්ට සහාය දෙන්න එක්වෙයි…

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජනතා නියෝජිතයන් 16 දෙනකු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ(14) දින පැල්මඩුල්ල ජනහමුවේ දී එක්විය.

එ් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ ලේකම් එල්.ඒ ජගත්සිරි ලියනගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමයේ භාණ්ඩාගාරික සෙල්ලදොරේ සරත් භාබු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් උප සභාපති කේ.ඒ ජයරත්න පිරිස සජිත් ප්‍රේමදාස මහතා සමඟ අත්වැල් බැඳගන්නා ලදී.

පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන ඒ.එස්.අසංක, මොහාන් මංජුල, බුද්ධික සම්පත්, පන්සිළු ගනේගම, කේ.කේ දේශප්‍රිය, දයානි සිසිර කාන්ති යන පිරිස පැල්මඩුල්ල වේදිකාවේදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වූහ.

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය අපෙක්ෂකයන් වන ඊ. කරුණාරත්න, සාන්ත ද සිල්වා, නිමල් පතිරණ, ඉෂිනි වන්නිනායක, අනෝමා චාන්දනී, පී රත්නම් යන පිරිස සහභාගී වූහ. එහිදී එම අපේක්ෂකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීම සඳහා තම සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළහ.

– dinamina

45 views

27 Comments to “ශ‍්‍රීලනිප 16ක් සජිත්ට සහාය දෙන්න එක්වෙයි…”

  1. Duminda says:

    Jayawewa

  2. prabath says:

    Mu chanda 1000 kwat thiyana ayada…Oni nam Sajith ekata Rs 100 0000 gane deela athi…habai mun sada desha palana anathyo welai nawathinne….Gotata mungiya kiyala kisima balapamak wenne na..Mokada Mun UNP ekata noya iddi minissu chande dunne ,UNP ekata giya kiyala dana gaththama niyama Sri lanka karyo nikamma Gotata chande denawa…

  3. kamal says:

    කමල් රහසක් එලිකරයි
    විමල් පුතේ උඹ දන්නවද කමල් කවුද කියා ඒ තමයි මනුස්‍යත්වය කමල්ගෙ. මෛත්‍රි සහයෝගය දක්වන්නෙ ගෝටාට තමයි. නමුත් සජිත් එක්කත් පොඩි අහිංසකකමක් තියෙනවා කෲර නැති මහවැලි ඇමති කමට කැමැත්තෙන් නමුත් මහින්ද කියපු දේ තේරුම් ගත්තෙ නැ මෛත්‍රි ඒ හින්දා. සහයෝගය දක්වන්නෙ ගෝටාට නමුත් කපටි කමට දෙකේම මහවැලි ඇමති කම බලාපොරොත්තු වෙනවා. මිට ශ්‍රි ලංකානිදහස් පක්ෂය නැවත නගා සිටවන්න පොරොන්දු වන කිරිබත්ගොඩ හිමි හා කමල්

  4. Ranjan says:

    How much votes they can collect. We heard that they cannot get even 100 votes. They had been removed from district represantation.

  5. Gemini says:

    That is the end of their political Careers. People of Sri Lanka have already decided to reject those who support UNP/Hansaya. There will be “NO MORE UNP/HANSAYA” Government in Sri Lanka.

  6. ක්‍රිමිනල් says:

    ඉස්සර තිබ්බේ නිදහස් පක්ශය , මහින්ද ජනාධිපති උනාට පස්සේ නිදහස් පක්ශයක් කියලා දෙයක් තිබ්බේ බෝඩ් ලෑල්ලට විතරයි . මහින්ද නිදහස් පක්ශය තමන්ගේ මතවාදයට යටත් කරලා එහි අතිශය බහුතරය රාජපක්ශවාදීන් බවට පත්කලා , පොහොට්ටුව ජයගත්තේ අන්න ඒ විදියට , දැන් නිදහස් පක්ශිකයෝ ඉන්නේ අතලොස්සක් , ඒ පාක්ශිකයා හා මහින්දවාදීයා අහසට පොලව වගේ , රාජපක්ශලට සහය දෙන්න නිදහස් පක්ශය තීරනය කරලා තිබියදීත් , උන්ට , මහින්දවාදීන් හූ තියන්නේ අන්න ඒ කාරනාව උඩයි. නිදහස් පාක්ශිකයාව පිලිගන්න මහින්දවාදියා සුදානම් නැත.

    • Me3 says:

      මහින්ද ජනාධිපති වෙන්න පෙර ශ්‍රීලනිප යක් තිබුනේ නැත. තිබුනේ චන්ද්‍රිකා ගේ බහුබූත පක්ෂ යයි.
      ඒ දෙදෙනාගේ පියවරුන් තැනූ පක්ෂය තමයි ශ්‍රීලනිප.
      එජාපද එලෙසම රූපාන්තරණය වී අැත.

      • ක්‍රිමිනල් says:

        නොදන්න දේවල් කියවන්නෙපා මහත්තයෝ !1994 චන්ද්‍රිකා දිනන්නේ සියයට 62 ක් අරගෙන ,1999 දිනන්නේ සියයට 51 ක් අරගෙන , ’77 පස්සේ කඩාගෙන වැටුන ශ්‍රී ලංකා එක , ප්‍රේමදාස මහත්තයගේ මලගමත් එක්ක චන්ද්‍රිකා උස්සලා ගත්තේ පනගැහිලා ආපු නිදහස් පාක්ශිකයගේ කරපිටින්.

        • vishnu says:

          ඒ වෙලාවෙ චන්ද්‍රිකා නෙවේයි පොල් පිත්තක් තිබ්බත්
          දිනනව.sb ට වඳින්න ඕන පිටරට ඉඳල ගෙනල්ල ඔය
          ගෑනිව ඔතෙන්ට දැම්මට

  7. Priyankara says:

    Rata jathiya gana nosithana me aya giyata, ratata adare kawruth Gotata

  8. බන්ඩා says:

    ඔය සජිත්ට සහයෝගය දෙන්න එක් උන පලාත්පාලන මැම්බර්ලා තමන්ගෙ ආසනේ දිනල මැම්බර් උන අයද නැත්නම් ආසනේ පැරදිලා පිනාට මැම්බර් උන අයද?

  9. nodath atho says:

    unp karayo ekka ekathuwena slfp karayo anatha wenawa. hodama udaharanaya MY3 janadipathi thuma. ethumata 2wara illana bari ganata unp karayo winasa kala. me slfp yata kotase unta thawama therila naha,

  10. sathya says:

    No change could do to win Sajith.
    Sajith is far away from winning.
    No Candidate could earn 50% or over

Main News