ශ‍්‍රීලනිප 16ට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන්නැයි යෝජනාවක්.. මධ්‍යම කාරක සභාවේ සාකච්චාවට..

August 19, 2020 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප 16ට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන්නැයි යෝජනාවක්.. මධ්‍යම කාරක සභාවේ සාකච්චාවට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී ඇති මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව වන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මන්ත්‍රී ආසන 16ක් මෙවර මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය ජයග්‍රහණය කර ඇති අතර ඔවුනට ස්වාධීන වන ලෙස යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබාදුන් භික්ෂූන් වහන්සේලා පිරිසකි.

ඒ අනුව එළැඹෙන සතියේ රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධානීන්ට කැබිනට් ඇමති ධුර ලබා නොදීම මෙන්ම ලබා දුන් ඇමති ධුරවල බලතල අඩු කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් කනස්සල්ලෙන් පසුවන බවද සදහන්ය.

105,865 views

40 Comments to “ශ‍්‍රීලනිප 16ට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන්නැයි යෝජනාවක්.. මධ්‍යම කාරක සභාවේ සාකච්චාවට..”

  1. Kamalini says:

    රිලාසිරි හා සිරා එකතුවී ගහන්න හිතාගෙන හිටපු ගේම් එක අවුල් වුන නිසා දැන් හදන්නේ භය ගන්නවලා අර හකීම්ලා, මනෝ ගනේෂන්ලා ස්වාධින වෙනවා කියල සජිත් භය ගන්වන්න කළා වගේම සංදර්ශනයක් කරන්න. ඕකුන් ඕක කරන්නේ පන්සල්වල හාමුදුරුවරු පිට දාලා. ඒ අයට රකින්න රැකියාවක්, පව්ලක් , ගේ දොරක්, දහමක්, නිවනක් නැතිනිසා; ඕන දේකට සිවුර කරගහගෙන, වැඩම කරනවා රතනයන් වගේ. මොලේ තියන ගිහියන් නම් දන්නවා මේ රිලාල, සිරාල ගේ ගේම් බව. ප්‍රසන්න රණතුංගටලට රෝෂන්ලට දණගහල වදින්න ඕන මුන් මේ ජාතියේ බඩු බව කලින්ම ජනතාවට පෙන්නලා දුන්නට.

Main News