ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා.. අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා.. 2/3න් සම්මත කරනවා..- TNA

December 30, 2018 at 12:01 am | lanka C news
ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා.. අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා.. 2/3න් සම්මත කරනවා..- TNA

එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වනදාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ(29) දින යාපනයේ පිහිටි සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිල නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කියා සිටියේ.

“2015 අගෝස්තු වල ඉඳලම යහපාලන ආණ්ඩුවට එකතුවෙන්න කියලා දෙමළ සන්ධානයට ආරාධනා ලැබුනා.එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා ඇයි ඔයාලා එකතු වෙන්නේ නැත්තේ කියලා. මට පුද්ගලිකව ආරාධනා ලැබුනේ නෑ. හැබැයි ආණ්ඩුවට එක්වෙලා ඇමතිකම් බාරගන්න කියලා අපේ සන්ධානයට යෝජනා ආවා. නමුත්, දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක් ලබාදෙනතුරු කිසිම ආණ්ඩුවකට එකතුවෙන්න අපේ කිසිම සූදානමක් නෑ.

 

‘අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතුවෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙනාවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා.

මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති‍ පෙරමුණ එයට අදහසක් දැක්වු‍වේ නැහැ ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලා පළාත් ඒකාබද්ධ වෙනවනම් එහෙම එකතු වෙන්න පුළුවන් නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි.

ඊයේ අගමැතිතුමා මහනායක හිමිවරුන් හමුවුණා. එහිදී බුද්ධාගමටත් ප්‍රමුඛස්ථානයක් දෙනවා කියන ප්‍රවෘත්තිය  පළ වෙලා තියෙනවා. ඒ බව අර අතුරු කමිටු වාර්තාවෙත් තියෙනවා.

‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දී ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලටත් සමානව සලකන්න ඕනේ. මහින්දගේ පාර්ශ්වය කියන දෙයක් තමයි නොවැම්බර් 07 වනදා ගේන්න තිබුණ ව්‍යවස්ථා කෙටුම්පතට බාධා කරන්න තමයි අපි වෙනසක් කළේ කියලා. හැබැයි අපි ජාතික ආණ්ඩුවක් හදාගන්න අපේ සහය පළ කළේ අපිට අරමුණක් තිබ්බ හින්දා.

ඒ අරමුණ කඩා බිඳෙන ලෙස ඔක්තෝබර් 26 වනදා සිදුවූ සිදුවීමෙන් සිදුවූ වෙනස්කම් අපේ අරමුණට බාධා වෙන නිසාත් ව්‍යවස්ථාවට, නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන හින්දාත් ඊට විරුද්ධ වෙන්න සිදුවුණා.

දැන් ඉක්මනින් නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු කරගෙන යනවා.  එළඹෙන පෙබරවාරි 04 ට කලින් එ.ජා.ප. , ජ.වි‍.පෙ. සහ අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් ඉදිරි‍පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

දැනටමත් විශේෂඥ කමිටුව දීපු වාර්තාවේ තිබෙන කරුණු ගැන අපේ පාර්ශ්ව 03 ම සලකලා බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුණු නිසා පාර්ලිමේන්තු බහුතරය නැහැ කියලා කියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 20 ක් 21 දෙනෙක් විතර ආණ්ඩුවට එක්වෙන්න යනවා කියලා කියනවා.

ඒ හින්දා අද ඒ අය අතරෙම අර්බුදයක් ඇති වෙලා. ඒ නිසාම එයාලට පක්ෂ කාර්යාලය වහන්නත් සිදුවෙලා. එයාලගෙන් එහෙම පිරිසක් ආවොත් අපේ අනිත් පාර්ශ්වයත් එක්ක 150 කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා යනවා. යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

96 views

34 Comments to “ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා.. අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා.. 2/3න් සම්මත කරනවා..- TNA”

  1. boo says:

    Creation of 9 states coming up from time to time!!!

Main News