ශ‍්‍රීලනිප CC අද කැදවයි.. ලොරි ටෝක් අකුලාගෙන 16 කණ්ඩායම පසුබැස සැගවෙති..

October 16, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිප CC අද කැදවයි.. ලොරි ටෝක් අකුලාගෙන 16 කණ්ඩායම පසුබැස සැගවෙති..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වනයෙන් අද පස්වරුවේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීමේදී සාකච්චා කිරීමට නියමිතව ඇත්තේ පක්‍ෂ ප්‍රතිසන්ධානය හා පවතින දේශපාලන තත්වය සම්බන්දයෙන් යයි පක්‍ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

මෙම හමුව සදහා සහභාගී නොවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනා තීරණය කර ඇත.

ශ‍්‍රීලනිපය එජාප ආණ්ඩුවෙන් ඉවත් වන තෙක් පක්‍ෂයේ මධ්‍යම කාරක සබා රැුස්වීමට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.

ශ‍්‍රීලනිප මද්‍යම කාරක සභාවේ බලය ඇල්ලීමට සියල්ල සූදානම් යයි 16 කණ්ඩායම අවස්ථා ගණනාවකදීම මාධ්‍ය හමුවේ කියා සිටියහ.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා සදහන් කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි යෝජනාවක් පක්‍ෂයට මෙතෙක් ලැබී නැති බවයි.

42 views