ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..

January 17, 2022 at 4:40 pm | lanka C news
ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..

සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනා පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ට විනාඩි ගනනක් එක තැන රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පොංගල් උත්සවයත් සමග පැමිනි දිර්ග සති අන්ත නිවාඩුව හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම දින දෙක තුල අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත්ය.

එසේ අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වන්දනාකරුවන්ගේ දැඩි තද බදයක් හටගත් බවත් එම තත්වයන් මත  සමහර ස්ථානවලදි වන්දනාකරුවන්ට විනාඩි කිපයක් එක් තැන රැදි සිටිමට සිදුවු බවද ඔහු පවසන ලදි.

එමෙන්ම වන්දනාකරුවන් පැමිනි රථ වාහනවලින් නල්ලතන්නිය රථ ගාල් පිරි යාමත් සමග වන්දනාකරුවන් පැමිනි රථ වාහන නල්ලතන්නිය සිට මෝහිණි ඇල්ල අසලත් පසු කරමින් පෝලිම් ගසා නතර කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

අධික පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට මෙසේ පැමිනියද එම සියලුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත නල්ලතන්නිය පොලිසිය මගින් උපරිම ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල බවද ඔහු තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

26,848 views

8 Comments to “ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..”

  1. චන්ද දායක says:

    දැන දැනම තෙරපිලා,පොඩිවෙලා, කෑගහගෙන, දඟලන්න පුදුම ආසාවක් තියන ජාතියක් තමයි අපි.

  2. Eri Claud says:

    Why there is no control by the police? Few days later health officials will say so many people got covid19 or Omicron. There must be health officials and police to control them. There is no system in our country.

  3. Kata waraddaganna epa says:

    MOda yakku. AwAre palayanko. Aye man ware tiya awarewath yanne na. Maha moda gamanak.

  4. විද්‍යාත්මකවremu says:

    විනාඩි කීපයක් නවතින්නේ නැතිව එක හුස්මට යා හැකි ගමනක් ද?

  5. මරතේනිස් අයියා says:

    රට වැටිලා තිබෙන තත්වයට ආණ්ඩුවට විතරක් දොස් කියල වැඩක් නැහැ.මිනිස්සු වගකීමකින් වැඩ නොකිරීම හරිම කණගාටුයි.

  6. ගවයා says:

    සාර්ථක එන්නත්කරනයේ සෘජු ප්‍රතිපල නේද ?

  7. Kalu Albot says:

    Manasgaatha! Monaaa oke wandinna thiyenne? Budunwahanse oya wage moda weda karanna athi kiyalaa hithanawada?

  8. HUKARIS says:

    Joliyata Yanne 90%, Bhakthiyen Yanne 10%.

Main News