ශ‍්‍රී පාදය කරුණා කරද්දී අයෙක් මිය යයි…

January 17, 2022 at 8:40 am | lanka C news
ශ‍්‍රී පාදය කරුණා කරද්දී අයෙක් මිය යයි…

තම පවුලේ පිරිසක් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේදි හදිසියේ අසනිපවි රෝහල කරා රැගෙන යන විටදි මිය ගිය බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නාවලපිටිය ප්‍රදේශයේ සිට අවුරුදු 75ක් වයැසැති පුද්ගලයක් තම පවුලේ පිරිසක් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින සිටි අතර මෙම පිරිස නල්ලතන්නිය සිට ශ්‍රිපාද මළුව දක්වා ගමන් කරමින් සිටියදි හදිසියේ අසනිපවි  පහලට රැගෙන විත් මස්කෙළිය ප්‍රිදේශීය රෝහල දක්වා රැගෙය යන විටදි මෙම පුද්ගයා මිය ගොස් ඇති බවත්ය.

පසුව මෙසේ මිය ගිය පුද්ගලයාගේමරණය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සදහා මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙල රැගෙන යාමට පියවර ගත් බවත් මේ පිලිබදව වැඩි දුර පරික්ෂන නල්ලතන්නිය පොලිසිය විසින් ආරම්භ කර ඇති බවත් එම නිළධාරියා තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

10,837 views

One Comment to “ශ‍්‍රී පාදය කරුණා කරද්දී අයෙක් මිය යයි…”

  1. සුදා says:

    මි හරක් හැත්ත. මුන්ට පිස්සු