‘ශ්‍රී පාදය’ ‘ශිවපාදම්’ කිරීම වහා තහනම් කරයි..
March 7, 2019 at 4:40 pm | lanka C news
කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ‘ශිව පාදම්’ ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර ඇත.
මේ පිළිබඳව පළවූ පුවත් පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.
පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.
කිර්ති දුනුවිල
මධ්‍යම පළාත් ආණ්දුකාරවර මාධ්‍ය ලේකම්
A good decision by the Governor. Nobody should be allowed to handle sensitive matters like this arbitrarily.
ශිව පාදය යනු හරක් අඩියකි. ලංකාවේ ජනතාවට ගැලපෙන අදහසකි.
හරක් අඩියක් නොව, මීහරක් අඩියක්.මී හරකෙක් දෙයියෙක් කර ගත්තහම හොම වෙනවා.
This is another proof how much racist and religious are these Tamil People!!
ගරු ආණ්ඩුකාරතුමනි
ඔබ සැබෑ වීරයෙක්.
මගේ සුබපැතුම්
මේ ආකාරයට කිසිවෙකුට වෙනස් කල නොහැකි වන පරිදි ශ්‍රී පාදය ජාතික වස්තුවක් ලෙස නීතිගත කලයුතුයි
19 න් පසු ජනාධි නොව අගමැති බලවත් වෙලා. අලිකොටිසීනු නඩයෙ කස්ටිය ලංකාවෙ නම වෙනස් කලත්. ජනාධිපති ට කරන්න දෙයක් නැහැ. තව 20 සම්මත උනොත් කොහොම තියෙය්ද?
These Tamil racists landed in this country two -three hundreds years ago and see how they behave now! They started these things in north now in central part of the country!