ශ්රී පාද උඩ මළුවේ කොටසක් නාය යයි.. මහගිරිදඹ අවහිරයි..
October 18, 2017 at 12:40 pm | lanka C news
අධික වර්ෂා තත්වය නිසා ශ්රී පාද නල්ලතන්නිය උඩමළුව තෙක් ඇති මාර්ගයේ කසළ කන්දක් නාය ගොස් ඇත.
මෙම නාය යාම සිදුව ඇත්තේ උඩමළුෙවන් ඉවත් කරනු ලබන කසළ ගොඩ ගසා තිබූ ස්ථානයකයි.
ශ්රි පාද පාරේ මහගිරිදඹට පහලින් කොටස මෙනිසා අවහිර වී ඇත.
වර්ෂා තත්වය මත නාය ගිය කොටස ඉවත් කිරීම ප්රමාද වී තිබේ.
බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී
හරක් මරා කන එවුන් කඳු පාමුල ආක්රමණය කරනකොට මේ වෙන දේවල් ගැන හිතන්න දෙයක් නෑ……….
මේකත් යහපාලනයේ ආනුභාවයෙන් බව අමතක කරන්න එපා!
ශ්රී පාදස්ථානයේ කසල දමන්නේ හරක් මරණ එවුන් ද
Palakayo Adarmista wana nisa
Wena dewal.
MAGE RATATA SAMMA SAMBUDU SARANEI
මේ පුවත දුටු සැනින්, ජ්යෝතිශ්යය හදාරා ඇති අයෙකු වශයෙන්, මම නිකමට වාගේ, මේ මොහොතේ පවතින ග්රහ චාරය විමසා බැලුවෙමි. මේ අවස්ථාවේ තත්කාල කේන්ද්රයේ කාල සර්ප යෝගයක් උදා වී පවතී. කාල සර්ප යෝගය යනු, කේන්දරයක රාහු කේතු දෙදෙනා සිටින රාශි දෙක යා කර ඉරක් ඇන්ද විට, අන් සියලු ග්රහයන් එම ඉරෙන් එක් පසෙකට වී අනෙක් පස මුලුමනින්ම ග්රහයන් ගෙන් තොරවීමයි. එය කිසිසේත්ම හොඳ තත්වයක් නොවේ. රාහු කටකයේ වන අතර කේතු ඇත්තේ මකරයේ ය. සඳු ද, සිකුරු ද, කුජ ද කන්යාවේ සිටින අතර, රවි, බුද, ගුරු තුලාවේ සිටී. සෙනසුරු වෘශ්චිකයේ ය. මේ සියලු රාශි, යට කී, රාහු කේතු යා කරන රේඛාවෙන් එක් පසෙක පිහිටින අතර එම රේඛාවෙන් අනෙක් පස පිහිටා ඇති කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන යන රාශි වල කිසිදු ග්රහයෙක් නොමැති වෙයි. එම නිසා සිරීපාද කන්ද යාම යනු, තනි සිද්ධියක් නොව, සිද්ධි දාමයක ආරම්භය පමණක් බව කිව හැකි වෙයි.
මිනිස්සු වන්දනාවෙ ගිහින් බුදුන්ගෙ පාමුල කිලිටි කරල කුණු කදු ගොඩ ගහල විනාස කරාම මේ විදියට මොන දෙයියද කම්පා නොවෙන්නෙ