‘ශ‍්‍රී පාද’ නම දෙමලෙන් යලි වෙනස් කරයි.. ‘සිවනොලි පාද මලෙයි’

March 8, 2019 at 12:00 pm | lanka C news
‘ශ‍්‍රී පාද’ නම දෙමලෙන් යලි වෙනස් කරයි.. ‘සිවනොලි පාද මලෙයි’

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය පාලමට ඉහලින් ශ්‍රි පාද පියගැටපෙල ආරම්භ වන ස්ථානයේ ශ්‍රි පාදස්ථානයට අගෞරවයක් නොවන සේ සිංහල භාෂාවෙන් සහ දමිල භාෂාවෙන් පමණක්  නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරිමට කටයුතු කරන බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි  මහත්මිය පැවසිය.

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ සභා සම්මත කරගත් යෝජනාවක් ක්‍රියාවට නංවමින් එම මාර්ගයේ පියගැටපෙල දකුණු පසින් එම නාම පුවරුව ප්‍රදර්ශනය කිරිමට සැලසුම් කර ඇති බව සභාපතිනිය කියා සිටියාය.

දැනට එම මාර්ගයේ වම් පස සිංහල භාෂාවෙන්  ගෞතම ශ්‍රි පාදස්ථානය යනුවෙන්ද, දමිල භාෂාවෙන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ සිරි පතුල යනුවෙන්  (ගෞතම බුද්ධ භගවානින් ශ්‍රි පාදස්ථානම්)  යනුවෙන් සදහන් කර ඇති බව සභාපතිනිය පවසයි.

ශ්‍රි පාදස්ථානය  ඉතිහාසයේ සිට දමිල ජනතාව සිවනොලි පාද මලෙයි යනුවෙන් හැදින්වු බවත්, නව අර්ථකථනය දමිල ජනතාවට පැහැදිලි නොවන නිසා ශ්‍රි පාදස්ථාධිපති පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සබරගමු පලතේ ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍ය බෙන්ගමුවේ  ධම්මදින්න ස්වාමින් වහන්සේව මේ පිලිබදව දැනුවත් කර උන් වහන්සේගේ අනුමැතිය ඇතිව සිංහල භාෂාවෙන් ශ්‍රි පාදස්ථානය සහ දමිල භාෂාවෙන් සිවනොලි පාද මලෙයි යනුවෙන් එම නාම පුවරුවේ සදහන් කිරිමට සැලසුම් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනිය කියා සිටියාය.

තමන් හින්දු ජාතියට අයත් වුවද බෞද්ධ දර්ශනයට දැඩි ලෙස  ගරු කරන බවත්, ශ්‍රි පාදස්ථානය හින්දු ජනතාව හදුන්වන්නේ සිවනොලි පාද මලෙයි යනුවෙන් නිසා එම නම ප්‍රදර්ශනය කිරිමට සැලසුම් කල බව සභාපතිනිය කියයි.

එම නාම පුවරුව ඉදි කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, තවදුරටත් ඒ පිලිබදව ශ්‍රි පාද ස්ථානාධිපති හිමියන්ගෙන් උපදෙස් ලබාගෙන උන් වහන්සේගේ ආශිර්වාද මධයයේ ඉදිරි කටයුතු කිරිමට අදහස් කරගෙන සිටින බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය අප කල විමසුමකට වැඩි දුරටත්  කියා සිටියාය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

42,691 Viewers

23 Comments to “‘ශ‍්‍රී පාද’ නම දෙමලෙන් යලි වෙනස් කරයි.. ‘සිවනොලි පාද මලෙයි’”

  1. මොකක්ද මේ අමාරුව අලුතෙන් නමක් ගැහුවෙ නැත්නම් යන එවුන්ට පාර වරදිනවද.?

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      බය වෙන්න එපා මල්ලිලා.
      ලග නොබලන්න. දුර බලන්න.

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        පාද සලකුන ගලේ කොටපු ගල් වඩුවා හිතන්න නැතුව ඇති මේකට නමක් දාගන්න බැරුව මෙහෙම දඟලයි කියලා.

        • Nagasinha says:

          1.) උබ දැක්කද ගල් වඩුවෙක් මොනවා හරි ගලක කොටනවා.
          2.) කොහෙද නමක් දාගන්න බැරි. නම ශ්‍රීපාදය. ඒ කියන්නේ බුදුන්ගේ පා සලකුණ තමයි නම.
          ඒකට වෙන වෙන අයගේ පා සලකුණ කියල නම් කරන්න ගියාම අනාගතයේ නොයෙකුත් ආගමික ගැටුම් ඇති වෙනවා.

          හරියට නිකම් උබේ අම්මා උබට උබේ තාත්තගේ වාසගම නොදා අල්ලපු ගෙදර එකාගේ වාසගම දැම්ම නම් උබේ තාත්තයි අල්ලපු ගෙදර එකයි අතර ගැටුමක් හට ගන්නවා වගේ.

    • Gnanasiri says:

      මේ මෝඩියන්ට කිසිම වැඩක් නැහැ, ඒ නිසා ඔවුන් යම් දෙයක් කළ යුතුයි

  2. Namal says:

    මුස්ලිම් සහ කතෝලිකයන්මෙයට එකග නැත????

  3. Indika says:

    oya board eka balalada demala minissu kanda naginne? pahadili na kiyala harilath yanawada?? ova diirgakalina salasmawal.

  4. sinha le says:

    අපේ ඇමතිවරු ජනාදිපතිවරු තිරුපති වදින්න යන එකේ ප්‍රතිපල ලැජ්ජයි

  5. කමල් says:

    නැති ප්‍රශ්ණයක් හදන්නේ ඇයි කියලා පැහැදිලි මදි

  6. Bandaa says:

    “ශ්‍රි පාද ස්ථානාධිපති හිමියන්ගෙන් උපදෙස් ලබාගෙන උන් වහන්සේගේ ආශිර්වාද මැද ඉදිරි කටයුතු කිරිමට අදහස් කරගෙන සිටින බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පැවසීය ”

    එතකොට මුන් ශිවපාදම් කියලා නම වෙනස්කරන්න හැදුවෙත් ශ්‍රි පාද ස්ථානාධිපති හිමියන්ගෙන් උපදෙස් සහ උන් වහන්සේගේ ආශිර්වාද අරගෙනද දන්නෙ නැහැ …

    • CAT says:

      ශ්‍රි පාද ස්ථානාධිපති හිමියන්ගෙන් උපදෙස් ලබාගෙන අපේ බෞද්ධ පුද බිම හින්දු පුද බිමක් කරන්න හදන්නේ ? මොකද්ද මේ විහිළුව ?
      තිරුපති වදින්න යන රටේ ලොක්කෝ ශ්‍රිපාදයත් ‘සිවගේ පාදයක් කරන්න බාර වෙලාද ?
      මොකද මේ අලුත්ම දෙමල පිස්සුව ..මේ හෙළයන්ගේ මව් බිම අපිට මොකටද මේ සක්කිලින්ගේ දෙමල භාෂාව ..තේ වතුවල වහල් වැඩට ආපු දෙමෙල්ලු දැන් අපේ රටේ පළාත් වල බලය අරන්ද ?.පලයව් තමිල් නාඩුවට ..අපිට පුලුවන්ද තමිල් නඩුවේ පළාත්වල නම් සිංහලෙන් ලියා වනස් කරන්න
      වහාම මේ දෙමල නාම පුවරුව ඉදි කිරිමේ කටයුතු නතර කරනු එයට අපේ බලවත් විරුද්ධත්වය පළකරමු
      ජාතිවාදී කටයුතු කිරීම සම්බන්ධයෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපති ගොවින්දන් වහාම ඉවත් කරනු

  7. හරි නම විය යුත්තේ says:

    හරි නම විය යුත්තේ>>>> සිරි පාදය,, සිරි දළඳා ,,සිරි මලුව ,,සිරිමහ බෝධිය ,,සිරි ලංකාව ………….ශ්‍රී …කියපු ගමන් නිකන්ම්ම ඉන්දියානු වෙනවා

  8. Sam says:

    Rata gini thiyapalla..bolata one uyuddayakne…aye kapan awurudu 30k

  9. බොතේජු says:

    “ශ්‍රී පාදස්ථානය ඉතිහාසයේ සිට දමිල ජනතාව සිවනොලි පාද මලෙයි යනුවෙන් හැදින්වු බවත්”මේ සභාපතිනිය පට්ට බොරු කියන්නේ. දෙමළ මිනිස්සු වතුවල වැඩට ආවේ 19 ශත වර්ෂයේ අග සහ 20 ශත වර්ෂයේ මුල. . ඉතින් ශරි පාදස්ථානය ඉතිහාසයේ දමිල ජනතාව සිවනොලි පාද මලෙයි යනුවෙන් හැදින්වු බව”. බුදුහාමුදුරුවෝ වැඩියේ වසර 2550 පෙර, එතකොට හිටියේ සිංහලයන් විතරයි!

    • OLU says:

      වතු දෙමළ රාජ්‍යක් ගොඩනැගීමේ තවත් පියවරක් ..හෙළ මව් බිමේ පළාත් දැන් දෙමළ ජනතාවට අවශ්‍ය පරිදි දෙමළ නම් වලින් හදුන්වන්න පටන් අරන්
      වසර දෙදහස් 600 පැරණි අපේ ශ්‍රී පදයත් දෙමළෙන් ..ලගදීම සිංහලයන්ට කදුරටට යන්න තේවතු දෙමළ ජාතිකයන්ගෙන් අවසර ගන්නත් සිදුවේවි
      උතුරේ,නැගෙනහිර සිංහල බෞද්ධ සිද්ධාස්ඨාන දාගැබ් බිමට සමතලා කරනවා ..උතුරේ සිංහලෙන් පාසල්වල ඉගැන්වීමත් අත්හිටුවලා හැම තැනම දෙමළ භාෂාවට ප්‍රමුකත්වය ..දැන් දකුණේ දෙමළ භාෂාව රජ කිරීමට උත්සාහ දරනවා ..අපේ රටේ සිංහල ජාතිකයන් මේ විනාශය දැක දැක නිහඩව සිටීම නින්දිතයි
      මේක සිංහලයාගේ මාතෘ භුමිය …හෙළයනි උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මේ සිදුවන විනාශය නොපෙනෙන්නේ ..
      මේ රටේ ජිවත් වන සුළු ජාතින් සිංහල භාෂාව ඉගන ගත යුතුයි …එසේ කල නොහැකි නම් ඉන්දියාවේ තැමිල් නාඩුවට යා යුතුයි ..මේක සිංහලයාගේ රට බොලව්
      අවස්ථාවාදී දේශපාලුවන්ගේ පහත් වැඩ නිසා සිංහලයාට ඔවුන්ගේ මව් බිම අහිමි වීම වැඩි ඈතක නැහැ …
      කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ
      “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
      අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
      කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
      අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා

      • kumdhar says:

        සහතික ඇත්ත, ඒත් ඉතින් මේවා කාට කියන්නද? කාට කියා නිවැරදි කරගන්නද?

  10. Yaka says:

    Mona basawenuth ශ්‍රී පාදය ශ්‍රී පාදය wiya yuthui. Wena magul baha. Mekata wiruddha wenna ine hama bawuddhayekma

  11. Love nature says:

    බෞද්ධ ඉතිහාසයට අනුව බුදුන් වහන්සේගේ ශ්‍රී පා සළකුණ සටහන් වන ස්ථාන හතරක් ගැන කියවෙනවා. ඒ බව මේ පාළි ගාථාවෙන් තහවුරු වෙන බවයි විද්වතුන්ගේ පිළිගැනීම.

    යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
    යං සච්චබද්ධගිරිකේ සුමනාචලග්ගේ
    යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
    තං පාද ලාඤ්ඡනමහං සිරසා නමාමි

    මේ ගාථාවෙන් කියවෙන්නේ එක් සිරිපා සටහනක් නර්මදා නදී තීරයේ ද, දෙවැන්න සච්චබද්ධ පර්වතයේ ද, තුන්වැන්න සමන්තකූට පර්වතයේ ද, අනෙක යෝනක පුරයෙහිද පිහිටා ඇතිබවයි.

    ඒ හැරුණු විට අනුරාධපුර අභයගිරි චෛත්‍ය පිහිටි ස්ථානයේද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පැවති බව ක්‍රි.ව. 5 වන සියවසට අයත් ෆාහියන් වාර්තාවේ දක්නට ලැබෙනවා.

  12. tikka says:

    නැවත නැවතත් මතුවන්නේ බුද්ධ පුත්‍රයන්ගේ කාර්යය පැහැර හැරීමේ ඵලවිපාකයි.. ඔවුන් බුද්ධ ධර්මය අබෞද්ධයන් වෙතගෙනයාම පැහැර හැර තම තමන්ගේ ලෞකික සුඛවිවරණය සඳහා කල් ගතකරමින් සිටී. මේ දමිළයන්ට මෙය බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය සනිටුහන් කළ ස්මාරකය බව පැහැදිළි කිරීමට හැකි එක භික්ෂුවක් දේශපාලුවෙක් නැතිද?? මේ අප මෝඩයන්සේ පිලිගැනෙන්නේ දමිළයන්ට මෙය ශිව පාදය ලෙස පිළිගන්නා ලෙසයි. එය එසේ නම් ඉහළ මාලයේ ගණ්ඨාරයට මල් පහන් වලට අමතරව නොබෝදිනකින් පොල් ගැසීමත් කිරෙන් නෑවීමත් ආරම්භ වනු ඇත. මේ කියන භික්ෂුව එසේ අනුමැතිය ආශිර්වාදය දුන්නේ නම් සිදු කර ඇත්තේ බුදුන්ට බලවත් නිගාවකි.. බෞද්ධයන්ට නිගාවකි.

  13. Rayoer says:

    අපි ගිහින් උන්ග‌ෙ ගමක එහමෙ නම ව‌ෙනස් කලා නන් බලන්න තිබ්බා ද‌ෙමල ද‌ේශපාලුවන්ග‌ෙ සංහිදියාව.ජිනීවා ගිහිනුත් කියවයි ඒක. මුන්ට මාර අමාරුවක්න‌ෙ තිය‌ෙන්න‌ෙ සිරීපාද‌ෙ ගැන.දැන් කවුරු හරි ‌මේක නවත්තන්න කියල උද්ග‌ෝශනයක් එහමෙ කල‌ොත් ජාතිවාද‌ෙ අවුස්සනව කියල කුදල‌ග‌ෙන යයි. මුන්ග‌ෙ නල්ලමල‌ේ සහජීවන‌ේ .

  14. Rayoer says:

    This news is not in any popular media channel in Sri Lanka. What the hell is going on this country? Tamils are destroying our Sinhalese culture from north and east. We cant at least make a temple in these areas. Why they are allowed to make decisions to our Sinhalese historical places. If this notice board is prepared we must destroy it. Sri padha is sri padha in every language. There is nothing to do with Siva’s thing in sri padha.

Leave a Comment

Main News