ශ‍්‍රී පාද වන්දනාකරුවෙකු සිරුරට ගිනි තබා ගනී.. අනියම් පෙම් හබයක්..

January 3, 2022 at 11:20 am | lanka C news
ශ‍්‍රී පාද වන්දනාකරුවෙකු සිරුරට ගිනි තබා ගනී.. අනියම් පෙම් හබයක්..

අනියම් බිරිද සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි දෙදරු පියෙකු නල්ලතන්නිය පෞද්ගලික රථගාලකදි (03) දින අලුයම 3.30 ට පමණ සිරුරට භුමිතෙල්  හලාගෙන ඔහු විසින්ම සිරුරට ගිනි තබාගෙන ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

කඩවත ප්‍රදේශයේ සිට (02) දින  36 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් සමග බස් රථයකින් තුවාලකරු ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ඇති අතර , එම පිරිස ශ්‍රි පාදය කරුණා කරමින් සිටින අතුරතුර අනියම් බිරිද සමග ඇති කරගත්තේ යැයි කියන අරවුලකට උරණ වු දෙදරු පියා ශ්‍රි පාදස්ථානය කරුණා නොකර ආපසු නල්ලතන්නිය වෙත පැමිණ බස් රථයේ ආහාර පිසිම සදහා රැගෙන පැමිණි භුමිතෙල් ගැලුම සිය සිරුරේ හලාගෙන ගිනිතබාගෙන ඇත.

සිරුරට අවිලුණු ගින්න නිවි යාමෙන්  අනතුරුව දෙදරු පියා විසින් තමන් ගිනි තබාගත් බවත්, තමන්ව රෝහල් ගත කරන ලෙස බස් රථයේ රියදුරාගෙන් කල ඉල්ලිමක් මත බස් රථයේ රියදුරා  නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් සමග එක් ව තුවාලකරු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

සිරුරට ගිනි තබාගැනිම සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

39,996 views

6 Comments to “ශ‍්‍රී පාද වන්දනාකරුවෙකු සිරුරට ගිනි තබා ගනී.. අනියම් පෙම් හබයක්..”

  1. සනත් ඉතාලිය says:

    හැටන් – රන්ජිත් රාජපක්ෂ අද නැතෙයි ගෑස් අවුලක් හැටන් ප්‍රදේශ.

  2. King Bull says:

    ගෙදර ගිහිං හමාරයි . පැට්‍රෝල් දාල ගිනිතියාගනු .

  3. Love nature says:

    කාමය වරදවා යන අයට මේ දඩුවම ගැලපෙනවා. අනික් අයටත් මෙය හොද පාඩමක්

  4. Love nature says:

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.
    ”යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති”
    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

  5. Love nature says:

    කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි. අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.

  6. දේවක says:

    සුමන සමන් දෙවි පිහිටයි.

Main News