‘ශ්‍රී මුඛ’ගේ නියත පරාජයක පෙරවදන ඇල්පිටියෙන් ලියා අවසන්..
October 13, 2019 at 8:02 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
ඇල්පිටියෙන් ලියැවුණේ ගෝඨාභයගේ විජයග්‍රහණයේ පෙරවදනයි!
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිව ඇත්තේ එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද කොට්ඨාස 17හිම බලය එයට හිමිකර දෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහිදී ඡන්ද 23372ක් ලබාගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස 56.3%කි. අප කී පරිදිම ඇල්පිටියේ රටට හිතැති ජනතාව එළැඹෙන ජනාධිපතිවරණයේ පෙරවදන ලියා ඇත. එය අප කඳවුරට ‘ජයග්‍රහණයේ පෙරවදනක්’ නොව ‘විජයග්‍රහණයේ පෙරවදනකි’.
අප එසේ පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම මැතිවරණයේදී ලබාගත් 12.7%ක ඡන්ද ප්‍රතිශතය ද සමඟ අප දේශපාලන කඳවුරට මෙම මැතිවරණයෙන් සියයට 69%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති හෙයිනි. ප්‍රාදේශීය සභාවේ සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාව වන 29න් 20ක්ම ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටින දේශපාලන කඳවුරට ලැබී තිබේ. එනිසා ඇල්පිටිය පුංචි ඡන්දය ප්‍රතිඵලයෙන් ලියැවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්‍රහණයේ පෙරවදන නොවේද?
මෙම ඇල්පිටිය ඡන්ද ප්‍රතිඑලය, 2019 නොවැම්බර් 16 වැනිදාට යෙදී ඇති ජනාධිපතිවරණයේ පෙරවදන ලියන බව හොඳින් දැන සිටි එක්සත් ජාතික පක්ෂය, පරාජයේ ‘නිරුවත’ වසා ගැනීමට දැන් කුමක් පැවසුව ද ඉන් ජයගැනීමට නොකළ දෙයක් නැත. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොට්ඨාස 17ට ඇමතිවරුන් 17ක් යොදවා තිබුණු අතර සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබූ වහාම දිව ගියේ ද ඇල්පිටියට ය. එහෙත් මෙහිදී 24.3%ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව මන්ත්‍රී ධුර 07කින් සෑහීමකට පත්වීමට එජාපයට සිදුව ඇති ඇති අතර ඉන් ‘සජිත් ප්‍රේමදාස මහතාගේ අන්ත පරාජයක පෙරවදන’ ද ඉතා පැහැදිලි ලෙස ලියැවී තිබේ.
මෝස්තරකාර පූච්චානම් කතා ‘ශ්‍රී මුඛයෙන්’ වදාරන්නන් වෙනුවට රට වැටී ඇති වළෙන් ගොඩගැනීමට හැකි, කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන, රට මරබියෙන් මුදවා ගත් නායකත්වයක් එළඹෙන ජනාධිපතිවරණයේ දී තෝරා ගැනීමට ජනතාව සූදානම් බව කල්කියා පෙන්වා දුන් ඇල්පිටිය ජනතාවනි, ඔබට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.
විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
Ko me Mangalaya?
He is hiding with tail between his legs after attacking an injured war hero.
මොන්ගලලට, හරීන්ලට ඕනැ රනිල්ගෙන් බලය කඩා ගන්න මිස සජිත් දිනවන්න නොවේ. චංදෙන් පසු ශ්‍රී මුක දෙවෙනි ජවනිකාවේදී ඒ කොටස් බලා ගත හැක.
අපි කවදත් ගොටගේ පැත්තේ ඉන්න අය ඒත් අධො මුකයෙන් කතා කරන මේ කැනහිලා එලවන එක ගොටා කලේ නැත්නම් ගෝටතත් වෙන්නේ මහින්ද මහත්තයට වුන දේම තමයි ..
ඔබ කියන්නේ විමල් ගැන නම් එය වැරදියි පුතා. (මට වයස 70 නිසා ඔබට පුතා කියනවා ) ඔහු ගැන විජේවීර කාලයේ සිටම අප දන්නවා. ජේ. වී. පී.නිසා අධ්‍යාපනය නතර කළා. දේශපාලනයේදී දුර දිග දකින බව කිහිප විටක්ම පෙන්වා දී තියනවා. මහින්දලා පුබුදුවා ගෙන අද පවතින බලවේගය ඇතිකළ ආරම්භ කරු ඔහුයි. ඔහුට විශාල ජාතික හැඟීමක් තියනවා. සමාවන්න විමල් මා අඳුනන්නෙ නෑ. ඒත් මා ඔහු ගැන දන්නේ ජේ.වී. පි.යට ඔහු සම්බන්ධ කාලයේ සිටමයි. ඒ කියන්නේ අර්ධ ශතවර්ෂයකට ඉතා ආසන්න කාලයක්! (තුණුරුවන් සරණයි.)
ඔබ තුමාගේ කරුනු දැක්විමට බොහොමත් ස්තුති .නමුත් තරුණයන් වශයෙන් අපි මොහු වැනි වාචාලයන්ගේ ගොබ්බ කතා වලට බෙහෙවින්ම අකැමැති ..අනිත් කරැන තමා අපි සියලු දෙනාම දන්නවා මොහු ජේවීපි එකෙන් එලෙව්වා කියල.ජේවීපි එකේ ඉන්න කාලේ මොහුගේ ජීවන තත්වය සහ දැන් කොහොමද ..කොහොමද එයා මේ තරම් මාලීගා වගේ ගෙවල් ගහන්නේ.මන්ත්රීවරයකුගෙ පඩියෙන් කරන්න පුලුවන්ද ?මූත් අනිත් උන් වගේම ලෝක හොරෙක්..එපමණකි
Wediya uda paninna epa, Hambayo okkoma unta dhenne ogollan gaawath SABRI, Hisbulla wage iththo hitiyata.
නොවැම්බර් 17 වැනිදා සජිත් පාර්ශවය රනිල් පාර්ශවයට බනින්න පටන් ගන්නවා.රනිල් මෙි රට විනාශ කර නිසා සජිත්ට දිනන්න බැරි වුනා කියලා.ඒවගේම රනිල් පාර්ශවය සජිත් පාර්ශවයට බනින්න ගන්නවා රනිල්ට ඉල්ලන්න දුන්න නම් ෙමෙතරම් විශාල ගනනකින් පරාජය ෙවෙන්නේ නැහැ කියලා.කොහොම හරි ගෝඨා 17 වැනිදා ලක්ෂ 10ක වැඩි ඡන්දයෙන් මෙි රටෙි හත්වන විධායක ජනාධිපති ෙවෙනවා.
සංධානගත වූ පසුවද ශ්‍රීලනිප 12% ගත්තේ එය පොහොට්ටුවට නොදෙන නිසාය. හඬ විතරක් මදි වෙයි.
සංධානගත වීමෙන් දැන් දෙකම එකක් වගේ නිසා සම්ප්‍රදායික ශ්‍රීලනිප චන්ද ටිකක් ශ්රීලනිපටම ගියා. සංධානගත නොවී ශ්‍රීලනිප යහපාලන මුක්කුවක් වී තව දුරටත් සිටියානම් ඒ චන්ද ටික යන්නෙත් පොහොට්ටුවට.