ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..

April 13, 2020 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..

චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටින බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරයි.

ගෙවී ගිය වසර චීන-ශ්‍රී ලංකා දෙරටේ ජනතාවට අසාමාන්‍ය වසරක් වූ අතර චීන ශ්‍රී ලංකා සබඳතාවන්හි අඛණ්ඩ සංවර්ධනයට වැදගත් වූ වසරක් බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිටින වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුභ පැතුම් පණිවිඩය

2020 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන් මම ආදරණීය ශ්‍රී ලංකිකයින් සහ චීන-ශ්‍රී ලංකා සබඳතා සංවර්ධනයට අනුග්‍රහය මෙන්ම අනුබල ලබා දෙන විවිධ ක්ෂේත්‍රවල සියලු මිත්‍රයින් වෙත අලුත් අවුරුදු සුභ පැතුම් පිරිනමමි.

ගෙවී ගිය වසර චීන-ශ්‍රී ලංකා දෙරටේ ජනතාවට අසාමාන්‍ය වසරක් වූ අතර චීන ශ්‍රී ලංකා සබඳතාවන්හි අඛණ්ඩ සංවර්ධනයට වැදගත් වූ වසරකි. 2020 අලුත් අවුරුද්ද පෙරට වඩා වෙනස් වුවද, පැරණි දේ සිට අළුත් දේ පිළිගනිමින් නිර්භීතව ඉදිරියට යාමේ අපේ ආශාව ඊටත් වඩා දැඩි ය.

වෛරසය දේශසීමා නොමැතිව පැතිර යයි. එය සියලු මානව වර්ගයාගේ පොදු සතුරා වේ. වත්මන් ශ්‍රී ලංකාව නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමේ තීරණාත්මක අදියරක පවතී. චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටී. මේ තීරණාත්මක අවස්ථාවේදී වසංගතයට එරෙහි සටන ජය ගැනීමට ශ්‍රී ලංකා ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී.

නව වසරේ සීනු හඬ ඇසෙනු ඇත. සුන්දර ශ්‍රී ලංකාව නිමක් නැති බලාපොරොත්තුවෙන් පිරී තිබේ. චීන-ශ්‍රී ලංකා සබඳතා ද නව පරිච්ඡේදයක් විවෘත කරමින් සිටී. ඔබ සියලු දෙනාට ම සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි, මම නැවත ප්‍රාර්ථනා කරමි. චීන-ශ්‍රී ලංකා සබඳතාවට වඩාත් යහපත් අනාගතයක් හිමිවේවා! දෙරට අතර මිත්‍රත්වය දිගුකල් දිනේවා

– ADA

256 views

24 Comments to “ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..”

  1. ධනූ says:

    චීනය තීරණාත්මක අවස්ථාවන්වලදී අපේ රට වෙනුවෙන් පෙනීසිටි රටක් (අපේ ලඟම අසල්වැසියන් පවා අපිට විරුද්ධව අන්තර්ජාතික සභාවන්වල අත ඔසවන විටදී පවා).

  2. kamal says:

    World citizens do you think face mark and distance help you to protect from virus. No son it is not irrelevant if you have loving kindness for snakes or animals. Otherwise Naga(spountanious snak) world will hit you twice. you don’t know Buddhas teaching cunning people. i love sinhala or english irrelevant but not cunning. This is from your leader jesus cheries

  3. saman says:

    සැබෑවටම ඔවුන් නිහඩ මිතුරන්ය. ක්ෂණික ණය මුදල් මහා පරිමාණයෙන් ලබාද දෙනු ලැබේ

  4. A K පුමාරිස් අප්පු says:

    හු වෙයි මහතාටත් එසේම වේවා පතමු. අපිතනම් ඉතින් අවුරුදු කෙසේ වෙතත් හි# වෙලා තමයි තියෙන්නේ මේ කොරෝනා මඟුලක් නිසා. කොහොමත් ඉස්සරහට ඉතින් චීනයේ පිහිට නැතුව මේක ගොඩ දානවා බොරු. ඔක්කොම construction sites දැනටමත් අව්නිෂ්චිත තැනක තියෙන්නේ. හැබැයි ඉතින් අතමරුවට දෙන්න ඉතුරුවෙලා තියෙන්නේ කටුනායක යි ත්‍රිකුණාමලය යි විතරයි. කැමති එකක් තෝරලා එවන්න කෝ.

  5. Nishantha says:

    ලංකාව දුෂ්කරතාවයට පත්වූ අවස්ථාවේ අප රටට වැඩියෙන්ම උපකාර කල චීන රජයට සහ ජනතාවට අපේ ස්තූතිය

  6. gamarala says:

    චීනය රුසියාව පකිස්ථානය අපේ ආදී මිතුරෝ

  7. Sun says:

    Most of the western politicians are crooks and always look for ways to create problems in the developing countries. Their plan is to sell arms by inducing unrest within communities. They say they are developed but only outside colouring and inside is boiling with pressure and hatred. They make money and handle the world affairs the way they want as the financial member and taking power to their hands.

  8. assanka says:

    Many people in Sri Lanka , just like prog in a well do not know exactly who China is. Also many people do not know who Rajapaksha is . Do not worry SL will very soon bea Chinese colony with a Rajapaksha king. Those who support would enjoy with yellow skins as would recognise them. Cheers

  9. Japanjabara says:

    Coronath deela Nayath denne we kawda appaaa ?

Main News