ශ‍්‍රී ලංකාවට ඇමරිකානු යුධ කදවුරක්.. ශ‍්‍රී ලංකාව න්‍යෂ්ඨික ප‍්‍රහාර අවදානමක…

October 31, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාවට ඇමරිකානු යුධ කදවුරක්.. ශ‍්‍රී ලංකාව න්‍යෂ්ඨික ප‍්‍රහාර අවදානමක…

වත්මන් රජයේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාව තමන්ගේ යටත් යුද කඳවුරක්‌ කර ගැනීමට ඇමරිකාව සැරසෙන බව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා පැවසීය.

මේ වන විට ඇමරිකානු හත්වන නාවික බළකායට අයත් ප්‍රහාරක ගුවන් යානා සහ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඇමරිකානු යුද නෞකාවක්‌ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළුන් පුහුණු කරන මුවාවෙන් ඇමරිකානු සෙබළුන් රැසක්‌ සමඟ මෙම නෞකාව මෙරටට පැමිණ ඇති අතර අපට මුහුණදීමට යුද්ධයක්‌ හෝ ආක්‍රමණයක්‌ නොමැති අවස්‌ථාවක ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකා සෙබළුන් පුහුණු කරන්නේ කුමකටදැයි රජයෙන් ප්‍රශ්න කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (30 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසීය.

අපට මුහුණදීමට යුද්ධයක්‌ හෝ ආක්‍රමණයක්‌ නැහැ. එහෙත් ඇමරිකානු හමුදා ත්‍රිකුණාමලයට පැමිණ අපේ සෙබළුන් පුහුණු කරනවා. ඔවුන් මේ හදන්නේ සූක්‍ෂ්මව මේ රට ආක්‍රමණය කරන්නයි.

වසර හතළිහකට පසුවයි ප්‍රහාරක ගුවන් යානා සහිත න්‍යෂ්ටික තාක්‍ෂණයෙන් යුතු ඇමරිකානු යුද නැවක්‌ මේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ. ඒ සමඟ තවත් යුද නැව් හතරක්‌ පැමිණ තිබෙනවා.

අද ඇමරිකානු හමුදා ත්‍රිකුණාමලයට එනකොට ආණ්‌ඩුව හම්බන්තොට චීනයට දීලා. මේ වෙනකොට මුළු ලෝකෙම දන්නා කරුණක්‌ තමයි චීනයට විරුද්ධව යුද ප්‍රකාශ කිරීමේ අරමුණක ඇමරිකාව සිටින බව.

යම් ලෙසකින් උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව යුද්ධයකට පිවිසුණොත් එහිදී චීනයට ද පහර දීමේ ඉඩක්‌ තිබෙනවා. එදාට එහේ යුද ගැටුම් ඇවිළෙද්දී ලංකාවත් ඊට මැදි වෙනවා. ඇමරිකානු න්‍යෂ්ටික නෞකා මෙරට තිබියදී න්‍යෂ්ටික ප්‍රහාර පවා අපට එල්ල විය හැකියි. ඒ ප්‍රහාරවලදී ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ අපේ ජනතාවට බව ද පැවසූ ඒ මහතා එවැන්නක්‌ සිදුවුවහොත් එයට වගකීමට ආණ්‌ඩුවට හැකිදැයි ප්‍රශ්න කළේය.

සමන් ගමගේ
– Divaina

159 views

4 Comments to “ශ‍්‍රී ලංකාවට ඇමරිකානු යුධ කදවුරක්.. ශ‍්‍රී ලංකාව න්‍යෂ්ඨික ප‍්‍රහාර අවදානමක…”

  1. Gona says:

    Muta mahacharya kiyala kiyanna lajjay. Moda harakek. Kisi tharkayak nethi moda Katha dodawanawa.

  2. A9 says:

    Gonnunta apahasa nokara nama marukarapan

  3. dammika says:

    Peace time means, ready to battle. Doing a Naval Exercises with other countries is a normal issue for Sri Lanka navy. We did it even before the LTTE war too. I do not agree with the present government political strategy, But good thing they are doing we have to accept as a”Good”. Why this professor stating such a statement ? This type of political parties may be danger than the present government as their intention is only the “POWER”

  4. Sampath says:

    Mu Mahindage passe Yana eka sadaranai mu wage harakekuta jathika laiathu manthri kamak denne mahindaa thamai. Amarican kadawuru tiyenne Mona ratada prhara ellawela thiyenne kiyala kiyanna puluwanda. Uthru kotiywa thanks anthar mahadvipika misaila hadala nha. Japanat a tikak what yawanna puluwan.misaila withrai thiyenne. Chin kawadawath americawe ekka yuddeta yanne nha. Chine dannawa eyage tharama. Americawe ekka yuddyak sathiyak Allan yanna cheneta bha

Main News