ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය.. මුහුද යටින් කේබලයක්..
October 11, 2016 at 3:00 pm | lanka C news
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය ලබා දීමේ සූදානමක් ඇති බව එරට විදුලිබල අමාත්‍යංශ ලේකම් පී.කේ. පුජාරි උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි.
මුහුද යටින් සම්බන්ධ වන කේබල් පද්ධතියක් ඔස්සේ විදුලිය ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු සදහන් කර ඇත.
මෙගාවොට් 500ක පමණ විදුලිය ධාරිතාවයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි යයිද පවසා ඇති ඔහු එය ප්‍රමාද වී ඇත්තේ සබදතා මාධ්‍යයක් නොමැති වීම නිසා බවද සදහන් කර ඇත.