ශ‍්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම IOC සමාගමට…?

December 7, 2021 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම IOC සමාගමට…?

”ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේ සම්පූර්ණ අයිතිය IOC සමාගමට” පැවරීමට රජය තීරණය කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

ඊට පැහැදිලි කිරීමක් ද එක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, “පැහැදිලිකිරීම: මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය තුළ ඇති කර ගත් එකඟතාව තුළ ලංකාවේ සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතාවට ගැලපෙන ප්‍රමාණයක් IOC සමාගම විසින් මිල දී ගෙන ලංකාවට ගෙන එනු ඇත. ඉන්පසුව CPC පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණය IOC සමාගමෙන් මිල දී ගත යුතු ය,” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අපි ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාගෙන් ද කරුණු විමසීමු.

ඔහු ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට යාමට පෙර ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවට තමන්ට දැන ගන්නට ලැබුණ බව ය.

එම යෝජනාව හරහා මෙරටට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමට අවශ්‍ය ඩොලර් රජය සතුව නොමැති බැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහරින පළාත් රැසක ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන සැපයීම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට පැවරීමට යෝජිත බව ය.

එම සැලසුම ක්‍රියාත්මක වුවහොත් ඉන්ධනවලින් උපයන ලාභය ශ්‍රී ලංකාවට අහිමි වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් අප ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ, එවැනි සැලසුමක් නොමැති බව ය.

එමෙන් ම, මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ද විමසීමක් කළේ ය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි සැලසුමක් නොමැති බව ය.

– mawbima

49,203 views

7 Comments to “ශ‍්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම IOC සමාගමට…?”

  1. rata perata says:

    this story is true or false is not the problem. the real issue is where the present government stands. what will be the future of Sri lankans. end of the day politicians play games for their survival not thinking about country. does not matter MOLA HATHA or MALL hatha contolling the finance . NO option for him rather playing games and begging from India or China. shame on you all politicians. country is almost in a heLL. stop fantasy talks. teLL the truth to the nation and asked world help rather moving from bad to worst.still not too late.

  2. 3% ට බය බයියා. says:

    ලක් බිමේ වටිනා දේපල විජාතිකයන්ට විකුණන කොට පොහොට්ටුවේ හොර දේශප්‍රේමී නඩය නිදි.69 ලක්ෂය කිරිබත් උයාගෙන කයි .

    • Ruhune sinhaya says:

      අර යහපාලනය හම්බන්තොට වරාය චිනෙට අව්198 විකුනන කොට එ යහපාලනය ගෙනාපු තමුන් නිදාගෙනද හිටියෙ

      • 3% ට බය බයියා. says:

        විරුවා ආපු ගමන් ඒවා ආපහු නැවතත් ලංකාවට පවරා ගන්නවා කිව්වා මතකයිනේ .

      • 3% බය බයියා. says:

        ඔව් හම්බන්තොට වරාය විකුණනකොට අපිට උමා ඔයේ හිලක් හම්බ උනා. ඒක වහන්න කියල මහා පෙලපාලියක් ගිහිල්ල ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරා. රනිල් හාමු වරාය වික්කම උමා ඔයේ හිල නිකම්ම වැහිල ගියා. අපි එහෙමයි රනිල් හාමුට සපොට් කලෙග ඇයි ඊතිං රනිල් හාමු අපේ ලපයට විපක්ෂෙ ප්‍රධාන සංවිධායක කම දීලනෙ තිබුණෙ. ඒ නිසා වරායෙ ඩීල් එක ඉවර වෙනකල් මීක් නැතිව ඉඳල පස්සෙ පොඩි සද්දයක් දැම්ම.

      • 3% බය බයියා. says:

        ඔව් හම්බන්තොට වරාය කිකුණන කාලෙ අපිට උමා ඔය හිලක් හම්බ උනා. ඒක වහන්න කියල දැවැන්ත විරෝධතාවයක් තියල ජනතා අවධානය වෙන පැත්තකට හැරෙව්ව. වරායේ ඩීල් එක ඉවර වුනාම උමා එය හිල ඉබේම වැහුණ. අන්න එහෙමයි අපි රනිල් හාමුට සපොට් කළෙ. ඇයි ඉතින් යහපාල කාලේ රනිල් හාමු විපක්සෙ ප්‍රධාන සංවිධායක කම දිල තිබුණෙ අපේ ලපයටනෙ. ඒකට කළ ගුණ සලකන්න එපැයි.

  3. Jayashantha says:

    ඉංදියාවට තාවකාලිකව දීලා හරි මේ උගුලෙන් ගැලවෙන්න පුලුවන් නම් හොදය් .

    Cepetco එකේ ඉන්න උන් 50% විතර ඉන්නේ ot කාකයන්

Main News