ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන් මැදිහත් වෙයි…. ප‍්‍රධානියා ලංකාවට….

December 1, 2018 at 10:28 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන් මැදිහත් වෙයි…. ප‍්‍රධානියා ලංකාවට….

දැනට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය දෙසැම්බර් 7 වැනි දින වන විට අවසන් නොවුණහොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඔහුගේ නියෝජිත කණ්ඩායමක් පසුගිය 27 වැනිදා මෙරටට පැමිණ ඇත. පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දුරකථන ඔස්සේ සාකච්ඡා කර ඇති අතර එහිදී පසුගිය 29 වැනි දින වන විට එම අර්බුදය අවසන් කරන බවට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පොරොන්දු වී ඇති බව එම සංවිධානයේ මෙරට කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙරටට පැමිණ ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස පසුගිය 29 වැනි දින ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් දැඩි මැදිහත් වීමක් සිදුකරමින් එක් එක් දේශපාලන පක්ෂවලටද බලපෑම් සිදු කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල පැවැති පාර්ලිමේන්තු සභා වාර නිරීක්ෂණයකට ද එම නියෝජිතයින් සහභාගි වී ඇත.

– aruna

150 views

48 Comments to “ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන් මැදිහත් වෙයි…. ප‍්‍රධානියා ලංකාවට….”

  1. ශ්‍රි ලංකා මාතාව අවධානමේ. දැන්වත් තම පටු අරමුණු පසෙක ලා පෙරට පැමිණිය යුතුය. ඒම ක්‍රියාවලිය දැනටමත් රටට ආදරය කරන බහුතරයක් හුදී ජනයා තේරුමි ගෙන ඇත. යුඇන්පි හා ජේවීපි ජීවීන්ගෙන් මම අහන්නේ ඇයි අපේ මවි බිම මේ පිටදේශක්කාරයන් නතු කරන්නේ. නුඔලාට අවශ්‍ය කුමක්ද? පෙර අප කොපමණ බියකින්ද මේ සිරිලක් දෙරණ තුළ ජිවත් වුයේ. එය මට පමණක් නොව සමස්ථ ශ්‍රි ලංකිකයන් සතු දුර්භික්ෂයකි. එය නිමා කර රට එක් සේසත් කළ වර්තමාන අගමැතිතුමා නුඔ පන්නා දමා මොකක්ද ලබා ගත්තේ පරගැතියන්ට මේ ලක්බිම සින්නක්කර ලියා දීම නොවේද. දැන්වත් දෙනෙත් ඇර වෙන දේ යතාර්ථවාදිය ලෙස දකිනු.

  2. රනිල් ජාත්‍යන්තරය දිනා ඇත. එයට තප්පුලන අපේ කාලයේ යුඇන්පි සහ ජේවිපි. අත්පුඩ් ගහන්නද සහෝදරවරුනේ. මම මේ ජාත්‍යන්තරයට ලැදී ලාංකික යුඇන්පි සහ ජේවිපි කට්ටියගෙන් එක ඉල්ලීමක් කරනවා හාද. එහෙනම් කරමු බලන්න වැසිකිලි ගිහින් පස්ස පැත්ත හොඳා නැවත් සබන් ගෑමට පෙර බත් කටක් කාලා බලන්න. හාද. ඒ වගේ අමන දේශපාලන බල්ලෝ රැලක් තමයි යකෝ තොපි. තොපිට රටට වඩා බඩ ලොකුයි, තොපි රට කෑවා දැන් මේ ඉන්න අපිවත් කාපං. 88-89 වගේ තොපිට මිනි මස් තමයි දැන් ඔින වෙලා තියෙන්නේ කාපිය අපේ රට කාපිට අපේ දරුවන්ගේ මස්

  3. karoo says:

    me thathwayata yam pramanayakata adikaranayada waga kiwa yuthi neda. waranayak dama thinduwa denna sathi 3katath eha dinayak dunna. waranayen pasu siduwunu siyyalu de ta adikaranayath wagakiya yuthuyi neda. waranaya anawu dinasita thinduwa dena thek athara kalaya adikaranaya magin paalnayakata yatath kara yamyam nithipanawiya uthuwa thibuna.

  4. harsha says:

    වීසා නැතිව හොරෙන්ද එන්නේ?

  5. Sudath says:

    මහින්ද රාජපක්ෂ වගේ පරිනත දේශපාලනඥයෙක් මේ විදියට රට අමාරුවේ දැමීම හරිම අභාග්‍ය සම්පන්නයි. අනවශ්‍ය ජාත්‍යන්තර මැදිහත් වීම් වලට අවශ්‍ය කරන පාර කැපුව. TNA වැනි ජාතිවාදී කණ්ඩායම් වලට අනවශ්‍ය වටිනාකමක් ලබා ගන්න මග පෑදුව. රට ඹබ වැනකෙුගෙන් බලාපොරොත්තු වූයේ මෙය නොවේ. ඹබට යලි සමාවක් නැත. අවස්ථාවක්ද නැත.

    • සිලිදු says:

      පලයන් පලයන් යන්න අවජාතක unp ගෙරියා බොරුවට මහින්ද මැතිතුමා ගැන කිඹුල් කඳුළු හෙලන්න එනවා .මහින්ද කියන්නේ තොපේ ලෝන් හැලිච්චි නාකි හමාල වන රනිල් කරු වගේ කෙනෙක් නෙවෙයි මහින්ද කියන්නේ නියම කළු සිංහලයෙක් තොපේ රනිල්ලා කරු ජයසුරියලා සුද්දන්ගෙන් පැවත එන එවුන් පෙන්නේ නැද්ද මුණ රැලි වැටිලා තියෙන හැටි නාකි සුද්දන්ගේ වගේම .ඔය පිටිපස්සෙන් ඉන්න රෝසිලා ගොන්ජන්ලා ඒවගේම මැරිච්චි බල්ලා ජේ ආර් ඔය ඔක්කොම සුද්දාගෙන් පවත එන කල්ලතොනියෝ

  6. Sudath says:

    සිලිදු, උඹල වගේ මැද මුලනෙ බයි වහලුන්ට මම කියන දේ තේරුම් ගන්න අමාරුයි. මහින්දල ගැන මට කිඹුල් කඳු හෙලන්න අවශ්‍ය නෑ. අපේ රටට සිදුවන අනවශ්‍ය ජාත්‍යන්තර මැදිහත් වීම් හා ජාත්‍යන්තරය හමුවේ අපේ රට පජාති වෙ එක ගැනයි ගැනයි මට දුක.

Main News