ශ‍්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ අධිකරණයකට චීන-රුසියා නිෂේධ බලය අහිමි වීමේ තත්වයක්..

March 27, 2019 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ අධිකරණයකට චීන-රුසියා නිෂේධ බලය අහිමි වීමේ තත්වයක්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

පසුගිය සතියේ පාරලිමේන්තුව අමතමින් එම් ඒ සුමන්තිරන් මන්ත්‍රිතුමා හරි අපූරු ප්‍රකාශයක් සිදු කළා.  ඒ තමයි විදේශීය විනිසුරන් සහිත දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට කටයුතු නොකළොත් එක්සත් ජාතින්ගේ යුද අපරාධ විනිශ්චය සභාවක් ඉදිරියට ලංකාව ගෙන යෑමට කටයුතු කරනවා කියන එක.  දැන් ඉතින් ආණ්ඩුවේ නායකයින්ගේ කකුල් වෙව්ලන්න පටන් අරන් ඔළුව කැරකෙන්න පටන් අරන් සුමන්තිරන් මන්ත්‍රිතුමාට වැඳ වැටිලා කියාවි “අනේ අපිව යුද අපරාධ විනිශ්චය සභාවක් ඉදිරියට ගෙනියන්න එපා.  අපි විදේශීය විනිසුරන් ගේන්නම් කියලා”.

නමුත් සුමන්තිරන් මන්ත්‍රිතුමා තමන්ගේ දන්නා කම ප්‍රර්දශනය කරන්න ගිහින් නොදන්නා කම ප්‍රර්දශනය කරලා. එතුමා හිතන ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන්සභාවට යුද අපරාධ පිළිබද විනිශ්චය සභා පිහිටුවන්න බෑ. ඒ බුරන බල්ලෙක් මිසක හපාකන බල්ලෙක් නෙමෙයි අපේ ආණ්ඩුව බයවෙලා දැගලුවට. වෙනරටවල් නම් එත්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ සම්මත වෙන යෝජනා පයේ පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නේ නැහැ.  United Nation War Crime Tribunal හෙවත් එක්සත් ජාතින්ගේ යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවන්න පුළුවන් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට විතරයි.  යුගොස්ලෝවියාවට රුවන්ඩාවට ජර්මනියට එරෙහිව යුද අපරාධ විනිශ්චය සභා පිහිටුවූයේ ආරක්ෂක මණ්ඩලයයි.  ආරක්ෂක මණ්ඩලයට ගෙනෙන යෝජනාවකට පංච මහ බලවතුන්ගෙන් එක්කෙනෙකු විරුද්ධ වුණත් ඒ යෝජනාව සම්මත වෙන්නේ නෑ.  යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට පංච මහ බලවතුන්ට තිබෙන බලයට තමයි නිශේධ බලය කියන්නේ.

නිශේධ බලය තිබෙන රටවල් දෙකක් වන රුසියාව සහ චීනය ඉන්නේ ලංකාව යුද අපරාධ කලේ නෑ කියන ස්ථාවරයේ.  ඒ වගේම එවැනි අවස්ථාවක දී ඉන්දියාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් අපෙත් සමග සිට ගනීවි කියන විශ්වාසය අපට තිබෙනවා.  ඒ නිසා සුමන්තිරන් මන්ත්‍රිතුමාගේ ප්‍රකාශ වලට බය වෙලා විදේශීය විනිසුරන් ගෙන ඒමට කටයුතු කරන්න එපා කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

හැබැයි ඉතින් ජිනීවාවල 2015 දී සහ 2019 සම අනුග්‍රහය දක්වල ශ්‍රී ලංකාවට හදපු මර තෝන්ඩුව තමන්ම ගෙලේ පැලද ගත්ත වගේ මේ යෝජනාවට ලංකාව සහය දුන්නොත් නම් රුසියාව හෝ චීනයට නිෂේද බලය පාවිච්චි කරලා ඒ යෝජනාව පරාජය කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ කියන එකත් මේ අවස්තාවේ සිහිපත් කරන්නට ඕනෑ.

– අරවින්ද අතුකෝරල

40,014 Viewers

9 Comments to “ශ‍්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ අධිකරණයකට චීන-රුසියා නිෂේධ බලය අහිමි වීමේ තත්වයක්..”

  1. Saradiel says:

    චීනය රුසියාව පකිස්ථානය අපේ හොදම මිතුරෝ මහින්ද රජය එන දවසට මේ අය අපට සහයෝගය දෙනවා සිකුරුයි

  2. මැදමුලනෙ මුත්තා says:

    මූ කියන්නෙම බයිලා.
    රනිල් අගමැති කමෙන් අයින් කළ වෙලාවෙත් කෙස් පැලෙන තර්ක ගෙනාවා. අන්තිමට නටපු තොවිලෙකුත් නැ, බෙරේ පලුවකුත් නැ.
    රාජපක්ෂලා අමාරුවෙ නොදා හිටු.

    • මව්බිම says:

      හම්මෙ මුත්තට පුදුම ආදරයක් නෙ රාජපක්ෂ ල ගැන හැදිල තියෙන්නේ. උදයල විමල් ල රාජපක්ෂ වරුන් සහ රට වෙනුවෙන් පෙල ගැහෙද්දී උබ කොහෙද බං මුත්තෙ හිටියෙ

    • Sumith says:

      October indala prajathantrawadee thovile natuwe kawda danne ne. Ita passe rata surapurayak vunane. Den dawasata paya hathrak pahak pimba pimba innawa. Wenasa sapayida?

  3. රට වෙනුවෙන් says:

    සුමන්තිරන් හිතාගෙන ඉන්නේ සිංහල අපි උබ බයෙන් ඉන්න ඕනෑ කියල. සිංහල අපි නිවට නෑ කියල පෙන්නපු උදය ඔබට ස්තුතියි.

  4. එක්නැලිගොඩ says:

    ඉතාම හොඳ කරුණු ඉදිරිපත් කිරීම ක්. නුතන දෙමල බෙදුම්වාදී බලවේග පරාජය කල යුත්තේ මෙවැනි බුද්ධිමත් කරුණු දැක්වීම් මත සිටයි.

  5. එක්නැලිගොඩ says:

    සුමන්තිරන් කොටියට සැබෑ පිළිතුරු ගොඨාභය ජනපති වු උදය විමල් සිටින රජයකින් ලැබෙනු ඇත

  6. Asanka says:

    සූමන්තිරන් උට ඕනෑ එකම කරන්න යනවා. උදය වගේ තව දහයක් වත් මීලග පාර්ලිමේන්තු වට යවමු මුං ගෙ කටවල් වහන්න.

  7. රට වෙනුවෙන් says:

    යකො සුමන්තිරන් උබට බයෙ රනිල් හිටියට උබට බව නැති ගම්මන්පිල වගෙ සිංහලයන් මෙම රටෙ දසලක්ෂය ගානක් ඉන්නවා.

Main News