ශ්‍රී ලංකාවට ඔමික්‍රෝන් සුනාමියක්.. තවත් දරුණු ප්‍රභේද ලංකාවෙන්..?
January 17, 2022 at 3:22 am | lanka C news
කොවිඞ් විකෘති ප්‍රභේදයක් වන ‘ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් සමාජයේ පැතිර ඇති නිසා ‘‘බූස්ටර්’ එන්නත් මාත්‍රාව ලබා දීම කඩිනම් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ජනවාරි මස අවසානයේදි රට විශාල ව්‍යවසනයකට මුහුණ දෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයා කොවිඩි අමතක කර කටයුතු කරන බවත් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන බවත් පවසන එම සංගමය ඒ නිසා කොවිඞ් දත්ත පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද කියයි.
කොවිඞ් සැබෑ තත්ත්වය නිවැරදිව වටහා ගනිමින් කටයුතු කිරීම තුළින් මෙම වෛරසයට සාර්ථකව මුහුණ දිය හැකි වුවත් මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා එය පසෙකලා දේශපාලන න්‍යාය පත්රයකට කොටු වී කටයුතු කරන බවත් ඒ නිසා සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වරයා මෙසේද පැවසීය.
මෙරටින් ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ගැන වාර්තා වෙනවා. නමුත් ඔමික්‍රෝන් ගැන ලැබෙන දත්ත පිළිගන්න බැහැ. අද රජයත්, ජනතාවත් සැබෑ කොවිඞ් අවදානම අමතක කරලා. කොවිඞ් ගයිඞ් ලයින් කවුරුවත් පිළිගන්නේ නැහැ. සංගීත තියනවා. උත්සව තියනවා. මේ තත්ත්වය යටතේ ‘ ඕමික්‍රෝන්’ ට වඩා භයානක තවත් විකෘති ප්‍රභේද මෙරටින් මතු විය හැකියි.
මේ වන විට රටේ සියයට පනහකටත් අඩු සංඛ්‍යාවකට තමයි ‘බූස්ටර්’ එන්නත් මාත්‍රාව ලබා දී තිබෙන්නේ. මේ පවසන ඔමික්‍රෝන්’ අවධානමට මුහුණ දීමට නම් ‘බූස්ටර්’ එන්නත රටේ ජන ගහනයෙන් සියයට හැත්තෑවක් හෝ එය ඉක්මවා ලබා දීමට පියවර ගත යුතුයි.
‘ඔමික්‍රෝන්’ පමණක් නෙවෙයි, ඕනෑම භයානක ප්‍රභේදයක් ඕනෑම වෙලාවක ඉස්මතු විය හැකියි. එහෙම වුණොත් වෛරසයට මුහුණ දෙන්න එන්නතේ බලපෑම කුමනාකාර වෙයිද කියලත් සෙවිය යුතුයි. දැන් අනතුරුදායක තත්ත්වයක් තියනවා. මේ වෙලාවේ සෞඛ්‍ය ඇමැතිවරයා තීරණ ගත යුත්තේ දාර්ශනිකව සහ විiානුකූලව වෛiවරුන් වගේ පෙනී සිටින කේවට්ට උපදෙස් අනුව වැඩ කළොත් නව වසර රටට සුබදායී නොවන බව කිව යුතුයි.
– සුජීව තත්සර
මේ උපදෙස නම් දේශපාලනික නෙව්යී සම්පූරන සත්‍ය.ඊයේ කටුබෙද්ද ටිරෝන් ෆෙර්නෙන්ඩෝ ක්‍රීඩාන්ගනයේ පාසල් දෙකක් අතර වාර්ශික ක්‍රිකට් තරගයට අති විශාල පිරිසක් සහබාගී වෙලා සිටියා.,වාහන පෙලපාලිද තිබුන සවුකයනීතී කිසිවක් අනුගමනය කලේ නේ.තරගය අවසන්වනවිට 50%ප්‍රේක්ශකයන්ගේ මුකාවරන තිබුනේ නේ .තරගය අවසන ඔවුන් විශාල පිරිසක් ක්‍රීඩාංගණය ඉදිරිපිට සුපිරිහලට ආවා එහිව්සිටින ජනතාවටද අවදානමක් දුන්නා
බයවෙන්න එපා යකුනේ !
ඔය ඔමික්‍රෝන් ඇවිත් කොච්චර මිනිස්සු මලත් පාපාර්ලිමේන්තුවේ 225 ට කිසිදු අනතුරක් සිදූවෙන්නෙ නෑ .ඒනිසා රටට කිසිම හානියක් වෙන්නෙ නෑ . රටේ පාලනය හොදින් සිදුවෙනවා
නිදහසක් ලැබුණා කියා සංගීත සංදර්ශන ගෝෂාව රෑ 2-3 වනතුරු. හෝකන්දර කිට්ටුව ජනතාවට දින ගණනක් නින්දක් නෑ. නීතිය බල්ලන්ට ගිහින්.
සංගීත වගේම තමයි ක්‍රීඩා පිටි වලට ආසන්න හා 1km දුරින් ජීවත්වන මිනිසුන්ට සති අන්තවල උදේ 8 සිට හවස,6-7 දක්වා තිබෙන ක්‍රිකට් විස්තර ගෝශාව සහ පසුබිම් සන්ගීතය ගෝශාව.
දැන් වැඩවර්ජන තියද්දි උද්ඝෝෂණ තියද්දි පිකටින් යද්දි පඹයෝ ගිනිතියද්දි රෝහල්වල පොලිමේ ඉද්ද ගෑස් පොලිමේ ඉද්දි හාල් පොලිමේ ඉද්දි මේ කොරෝනා නැද්ද. මැරෙන්න බය වෙන්න එපා යකුනේ
ලෝක වවුක්ය සංවිදානයෙන් කියනව ඔමික්‍රෝන් කියන්නෙ වසන්ගතය උන හෙම්බිරිස්සාවක් ගානට දාල වසන්ගතය හොදකරන්න ආපු එකක් කියල. හැබැයි මෙහෙ specialist ල කියනව සුනාමියක් කියල මිනිස්සු තේරුම් අරගෙන තියෙන්නෙ මෙහෙ doctor ල මොන වගෙ නරි රැලක්ද කියල.
කෙහෙලිය & චන්න ඩබල වැඩ කරන්නේ කොව්ඩ් ඉවරයි කියලා වගේ ච්ත්‍රයක් මිනිසුන්ට මවලා,හොර ආයුර්වේද ගොඩ වෙද්දු බුසටර් ඩොස් එක ගන්න එපා කියලා ෆේස්බුක් කැම්පේන් කරනවා,ඒවට තාර්කික පිලිතුරක් දෙන්න ඔය ඇමති ඩබලට වෙලාවක් නැ වගේ.
හරි අනෙ බොරු කලබල එපා සුනාමි කොවිඩ් එකක් එන්නෙ නැහැ😊 බොරු කලබල…… උපුල් රෝහණ දැන් ගූ ඇන් පී ආන්ඩුවක් තිබ්බනම් කොහොමද නේද😁 බැශිල් මැට්ටට කෙල වෙලා තියෙන්නෙ පොඩ්ඩක් ඉවසල්ලා…… හරි නෙහ්