ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර යුධ අධිකරණයක්.. යෝජනාව සම්මතයි..

February 28, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර යුධ අධිකරණයක්.. යෝජනාව සම්මතයි..

යුධ සමයේ උතුරු පළාතේ සිදුවු මානව හිමිකම් කඩවීම වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කිරීමට  උතුරු පළාත් සභාව ඊයේ (27) යෝජනාවක් සම්මත කරගනු ලැබීය.

උතුරු පළාත් සභා 117 වන සභා වාරය යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වු අවස්ථාවේදී අදාළ යෝජනාව සම්මත  කර ගැණින.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා විසින් අදාළ යෝජනාව පළාත් සාභාව වෙත ඉදිරිපත් කළ අතර, පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්ත මත යෝජනාව සම්මත කර ගනු ලැබිණ.

යෝජනාව පළාත් සභාව වෙත ඉදිරිපත් කරමින් ශිවාජිලිංගම් මහතා පැවසූවේ පසුගිය එක්සත් ජාතීන්ගේ සංවිධාන මානව හිමිකම් කවුන්සලයේ සභා වාරයේදීද යුධ සමයේ උතුරු නැගෙනහිර සිදුවු මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර විනිසුරුවරුන් යොදාගෙන පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටි අතර අදාළ බලපෑම හමුවේ මෙරට සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය මෙරට රජයෙන් ඉල්ලා සිටියදී රජය මෙතෙක් ඒ වෙනුවෙන් කිසිවක් සිදුකොට නොමැති බැවින් නැවත වතාවක් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් හරහා යුධ සමයේ සිදුවු මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවට ඉල්ලීම් කරමින් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවද සිවාජිලිංගම් මන්ත්‍රී වරයා උතුරු පලාත් සභාවේදී පැවසුවේය.

ශිවාජිලිංගම් මහතා වැඩිදුරටත් පැවසූවේ මෙරට රජයන් හරහා යුධ සමයේ සිදුවු යුධ අපරාධ වෙනුවෙන් විසදුම් ලබාදීම සම්බන්ධයෙන් විශ්වාස කළ නොහැකි බැවින් ජාත්‍යන්තර බලපෑම් හමුවේ මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් සාධාරණය ඉටුකර ගත යුතු බවටයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙවර සභා වාරය ආරම්භ වි ඇති බැවින් ඒ සඳහා අදාළ යෝජනාව යොමු කිරීමට නියමිත බව අනෙකුත් පළාත් සභා මන්ත්‍රීවරුන්ද පලාත් සභා වාරයේදී පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

96 views