ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්.. එය යෝද පරාජ අතර වාර්තාවක්ද වෙයි..

December 23, 2019 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්.. එය යෝද පරාජ අතර වාර්තාවක්ද වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර කරච්චිහිදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 264ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.

පකිස්ථාන කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 191ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පිළිතුරු ලෙස මුල් ඉනිමේ දී සියල්ලන් දැවී ලකුණු 271ක් ලබාගත්තේය.

පාකිස්තානය සිය දෙවැනි ඉනිම සඳහා කඩුළු 03කට ලකුණු 555ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා හ‍්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කලේය.

ඒ අනුව තරගය ජයගැනීමට ඉලක්කය වූ ලකුණු 476 ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර ඔවුන් සිය දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 212ක් පමණි.

මෙම පරාජය ශ‍්‍රී ලංකා කණ්ඩායමක් විශාල ලකුණු සංඛ්‍යාවකින් ලද පරාජයන්හි වාර්තා අතරටද එක්වෙයි.

174 views

7 Comments to “ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්.. එය යෝද පරාජ අතර වාර්තාවක්ද වෙයි..”

  1. වැඩ්ඩා says:

    පළපුරුදු ක්‍රීඩකයො යවන හැම අවස්ථාවෙම ඕක වෙනව. දක්ෂතා අතරෙ ඉන්න එවුන් යවන්න බැරි නම් සල්ලි කන නිළධාරීන් ගෙදර යවන්න ඕනෙ.

  2. amila says:

    තුක් නොදකින්. දිනා ගෙන ආව රැල්ල මුන් කෑවා

    • Rata Wenuwen says:

      මේ පරයන් ගැන් කොමෙන්ට් දානවට වඩා රජිතයා ගැන කොමෙන්ට් එකක් දැමීම හොඳ ආතල් එකක් එනවා

  3. Gorilla says:

    ඇයි යකෝ හොදට සෙල්ලම්කරන එවුන් කපල වැඩබැරි එවුන්ම දාන්නේ?

  4. ඇත්ත යථාර්ය says:

    ලංකා ක්‍රීඩකයන් දක්ෂයි ‌නොසැලකිල්ල වගකීම් නැති කීඩා කිරීම පරාජයට ‌හේතුව. අලුත් දක්ෂ අය ‌යෙදිය යුතුයි.

  5. induni says:

    giya set eka dakkama apita hithuna mehema vevi kiyala

  6. මාරයා says:

    ටිම් එකට රාජපක්ෂ කෙනෙක් දමලා බලපල්ලා

Main News