ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්… ලෝක පරාජයන්ගේ වාර්තා පොත් අතරට.. හරීන්ගේ මොරාල් හැදිල්ලෙන් වැඩක් නැති වෙයි….

February 4, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්… ලෝක පරාජයන්ගේ වාර්තා පොත් අතරට.. හරීන්ගේ මොරාල් හැදිල්ලෙන් වැඩක් නැති වෙයි….

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

ලකුණු 366 කින් මෙම තරඟය පරාජයට පත්වීමත් සමග සමස්ත තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව සිටි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 534ක ලබා සිටියදී සිය ඉනිම හැදුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 215 ක් පමණි.

ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු තුනකට ලකුණු 196ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා යළිත් ලකුණු 516ක ජයග‍්‍රාහී ඉලක්කයක් සමගින් ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 149 ක් පමණි.

මෙම පරාජය ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්වන්නේ 20 වැනි ස්ථානයට වැඩිම ලකුණු සඛ්‍යාවකින් පරාජයට පත් වූ තරගය ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය දුරලා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ මානසිකත්වය සෑදීම සඳහා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී මෙම දරුණු වාර්තාගත පරාජය ලැබීමද විශේෂත්වයකි.

211 views
Main News