ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්… ලෝක පරාජයන්ගේ වාර්තා පොත් අතරට.. හරීන්ගේ මොරාල් හැදිල්ලෙන් වැඩක් නැති වෙයි….

February 4, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්… ලෝක පරාජයන්ගේ වාර්තා පොත් අතරට.. හරීන්ගේ මොරාල් හැදිල්ලෙන් වැඩක් නැති වෙයි….

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

ලකුණු 366 කින් මෙම තරඟය පරාජයට පත්වීමත් සමග සමස්ත තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව සිටි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 534ක ලබා සිටියදී සිය ඉනිම හැදුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 215 ක් පමණි.

ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු තුනකට ලකුණු 196ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා යළිත් ලකුණු 516ක ජයග‍්‍රාහී ඉලක්කයක් සමගින් ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 149 ක් පමණි.

මෙම පරාජය ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්වන්නේ 20 වැනි ස්ථානයට වැඩිම ලකුණු සඛ්‍යාවකින් පරාජයට පත් වූ තරගය ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය දුරලා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ මානසිකත්වය සෑදීම සඳහා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී මෙම දරුණු වාර්තාගත පරාජය ලැබීමද විශේෂත්වයකි.

126 views

17 Comments to “ශ‍්‍රී ලංකාවට යෝද පරාජයක්… ලෝක පරාජයන්ගේ වාර්තා පොත් අතරට.. හරීන්ගේ මොරාල් හැදිල්ලෙන් වැඩක් නැති වෙයි….”

  1. desta says:

    a me ape under13nteam ekada eka paw podi kollo haryage moral eka kese wetatah mora gen nam hodata weda ganna ethi australia wedi

    • කනිෂ්ක මහසෙන් says:

      ඩිජිටල් කියන වචනේ තේරුම දැනගෙන හිටපු නැති ,පාර්ලිමේන්තු සභා ගර්භයේ අමු කුණුහරුපෙන් සබාව ඇමතුව කෙනෙක් මොරාල් කියන වචනයේ තේරුම දැනගෙන ඉන්න ඒවගේ කෙනෙක්ට මොරාල් එකක් තියෙන්නේ ඕනා නේද මොරාල් නැග්ග්විම කොහොමත් එජාපයට කරන්න බෑ. මුන්ට පුළුවන් මොරාල් කැඩීම් පමණයි .එකට කැප ගහපු උන් තමා එජාපෙ ඉන්නේ .ඔය පක්ෂයේ ඇතුලේ ඉන්න මංගල සමරවීර එකට අති දක්ෂයා .චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඉන්නකාලේ මිනිහා කාලකන්නි යුද්ද්ය කියල කාලකන්නි හමුදාව කියල හම්දුආවට බැඳෙන පිරිස් බින්දුවට බැස්සුවා අන්න එහෙවු දක්ෂයෝ ඉන්න සුද්දට වදින නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ ඉන්න ඒ නායකයා වන්දනාමාන කරන හරින් ප්‍රනන්දෝ වගේ පෘතුගීසි නම් තියෙන ඇමතියෝ ඉන්න රටක ක්‍රීඩකයන්ගේ මොරාල් හදන්නේ සුද්දට පරදින්න මිසක් දිනන්න නෙවෙයි

  2. saman says:

    me yakkunta cricket baha. mokak kalath wedak naha…

  3. ගන්ජ බන්ඩා says:

    හරියගෙ ෆ්‍රි වය්-ෆය් වගේ තමය් අනෙක් වැඩත්. බොරැවම තමය්. කට විතරය්.

  4. sakalabujan says:

    Okunta eka match 1kata wiyadam karana salli walin Harak baanakata kanna bonna denna puluwani auruddak witara

  5. T M S Thennakoon says:

    මුලින්ම විනය හදන්න වෙනව නායකයා ගේ සිට සියලු දෙනාගෙම.විනය අනුව කිුඩා කරන්න බැරි නමි ඉවත් වෙන්න ඔින නැති නමි ඉවත් කරන්න මොන ජගතා උනත්
    ඵහෙම කරන කොට කන්ඩායමෙ අය හැදෙයි .මෙිකකරලා බලන්න

  6. Manel says:

    There are few things to come. 1. Sri Lanka must be de-listed from Test Playing countries. This will dry out SLC bank accounts. Then all the crooks and big headed players will move away. Then it is the time for real players to come in to the team, do the hard work and play for there dignity and for the country.

  7. sunimal says:

    මේ රජයට කිසිම තැනකින් ජයක් ලැබෙන්නේ නැහැ එය සහතිකයි

  8. Sri Lanka Cricket says:

    අද නිදහස් දිනය දවසේ, හතුරුසිංහගේ සිඩ්නී ගෙදර රැ dinner එකක් අපිට. හතුරුසිංහගේ wife කැම හදලා බලාගෙන ඉන්නවා. කැම හිතල වෙයි කියලා. ඒ හින්දා අපි match එක කලින්ම ඉවර කලා.

  9. මහතුන් says:

    ටෙස්ට්කු තරඟ – කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා වැනි හාල් පාරුවන් එලවා දමන්න.
    කුසල් මෙන්ඩිස් මදාවියෙක් බව ඔප්පු කර අවසානයි, බංගලා ක්‍රීඩකයන්ට ගහන්න පැන්නා

    එක් දින තරඟ = තිසර පෙරේරා ඔලුව ඉදිමිලා, කණ්ඩායම් හැඟීමක් නැහැ එළවලා දමන්න

  10. Ranga says:

    Srilanka cricket was at its peak during Mahinda Rajapakse era. Three times we came to T20 finals and won once. Twice became World Cup finalists. He may not be personally responsible for any of those but his super fortunes leaked to everybody in the country including the cricket team. See the difference now.

Main News