ශ‍්‍රී ලංකාවට වාහන ගෙන්වීමට සම්බාධක පනවයි… මෝටර් රථ මිල තවත් තවත් ඉහලට..

September 21, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට වාහන ගෙන්වීමට සම්බාධක පනවයි… මෝටර් රථ මිල තවත් තවත් ඉහලට..

විදේශයන්ගෙන් වාහන ආනයනය කිරීමේ දී රජය විසින් පනවා ඇති නව කොන්දේසි වාහන ආනයනය දැනට පනවා ඇති සම්බාධක ලෙස හැඳින්විය හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා සඳහන් කරන්නේ මේ දිනවල රුපියල 7%-8% වැනි ඉහළ අගයකින් අවප්‍රමාණ වෙමින් ඇති නිසා වාහන මිල ද ඒ හා සමාන ප්‍රතිශතයකින් මිල ඉහළ යනු ඇති බවයි.

සාමාන්‍යයෙන් වානනයක් රුපියල් ලක්ෂ දෙකකින් හෝ තුනකින් මිල ඉහළ යනු ඇති බව ද ඔහු කියා සිටියේය.

වාහන ආනයනය කිරීමට බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමේදී ඒ සඳහා 100% ක මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට රජය විසින් ඊයේ දිනයේ සිට නීතියක් පනවා ඇත.

731 views

4 Comments to “ශ‍්‍රී ලංකාවට වාහන ගෙන්වීමට සම්බාධක පනවයි… මෝටර් රථ මිල තවත් තවත් ඉහලට..”

  1. මරා හොරා says:

    ඕන තරන් ලන්කාවෙ හදන වොක්ස්වගන් කාර් අඩුවට තියෙද්දි මොකට පිටරට වලින් කාර් ගේනවද?

  2. Neutral man says:

    BRAVO. I really do not mind government ( I mean Ra-nil) imposing a total ban on import of all types of vehicles as long as it is not applied to drug dealers,underworld and most importantly the corrupt politicians, who are today the guardian angles of our beloved country.
    May the blessings of the noble triple gem and the god be with them always, grant them protection and strength to accomplish, what they started 3 1/2 years ago,before the next election, beyond redemption.

    I BELIEVE THAT MAY LEAD THE SINHALA RACE ( INCLUDING THE LITERATE GOVERNMENT AND ARMED FORCES SERVANTS) TO THINK RATIONALLY, FORGET ABOUT POLITICAL DIFFERENCES and COME TOGETHER AS ONE FOR THE SAKE OF OUR FUTURE GENERATION, EVEN IF IT MAY BE A LITTLE TOO LATE.

  3. sakalabujan says:

    ඉදිරි සති කිහිපයේදී රුපියල තවත් කඩා වැටෙනවා..- අන්තිමේ මුදල් ඇමති කියයි..

  4. චමින්ද මල්ලි says:

    Eka nam honda wedak. Den parawal wala vahana wedi. Kollai ballai hamooma vahana padinawa. Laksha 6k7k ganan giyoth hondai. Mama giya sathiye vahanayak gaththa wahana ganan giyoth eka hadissiyakata paduwak wenne nathuwa wikuna ganna puluwanne.

Main News