ශ්රී ලංකාවට විලිලැජ්ජා සහගත දැවැන්ත පරාජයක්..
August 20, 2017 at 8:43 pm | lanka C news
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු එන්දින තරගයෙන් ශ්රී ලංකා පිල පරාජයට පත් කරමින් ඉන්දීය පිල කඩුළු 09ක දැවැන්ත ජයග්රහණයක් අත්කර ගත්තේය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල පන්දු වාර 43.2කදී සියල්ලන් දැවී ලබා ගත් ලකුණු 216 ඉන්දීය පිල එක කඩුල්ලක් පමණක් දැවී පන්දු වාර 28.5කදී ලබා ගනිමින් ජය ගත්තේය.
ඉන්දීය පිලේ දැවී ගිය එකම කඩුල්ලද දුවද්දී දැවී යාමක් වූ අතර එකම ශ්රී ලංකාවේ එකම පන්දු යවන්නෙක්වත් ඉන්දීය පිතිකරුවෙකු දවා ගත්තේ නැත.