ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයන් වේගයෙන් ඉහලට.. රොහින්ග්‍යා සහ ඇෆ්ගන් සරණාගතයින්ගෙන් පිරී යයි..
May 18, 2018 at 4:40 pm | lanka C news
පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
ඓතිහාසිකව ලංකාවේ සංක්‍රමණ තිබුණේ සෘණ අගයක්. ඒ කියන්නේ ලංකාවේ පදිංචියට එන පිරිසට වඩා ලංකාවෙන් පිටරට පදිංචියට යන පිරිස වැඩියි. හැටේ දශකයේ ඉදන් ශ්‍රී ලංකාවේ බර්ගර් ජනතාව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම, 60 දශකයේ මැද ඉදන් 80 දශකය දක්වා සිරිමා සාස්ත්‍රී ගිවිසුම යටතේ වතු දෙමළ ජනතාව ඉන්දියාවට යැවීම, වඩා හොඳ ජීවිතයක් පතා බටහිර රටවලට සංක්‍රමණය වීම, රැකියා සඳහා මැද පෙරදිග, කොරියාව, ජපානය සහ ඉතාලිය වැනි රටවලට යෑම වැනි කරුණු මීට බලපෑවා.
2015 වසරේ සිට ලංකාවේ සංක්‍රමණ ධන අගයක් අරගෙන. ඒ කියන්නේ ලංකාවෙන් බැහැරට යන අයට වඩා ලංකාවේ පදිංචියට එන පිරිස වැඩියි. අපි දන්න හැමෝම රට හැර යන විට මෙහෙම වෙන්න පුළුවන් ද? පිටරටින් ලංකාවේ පදිංචියට එන්නේ කවුද?
මෙවැනි සංඛ්‍යා ලේඛණ වාර්තා හදලා පොත් ගහන්නට නොවෙයි ඕනේ. මේ සංඛ්‍යා ලේඛණ විග්රහ කරලා ආණ්ඩුව මෙහි ඇති අනතුර හදුනාගෙන තීන්දු තීරණ ගන්නවා. නමුත් ආණ්ඩුව මේ කාරණය මේ දක්වා සාකච්ඡා කර නැහැ. රොහින්ග්‍යා සහ ඇෆ්ගන් සරණාගතයින් ලංකාවේ රහසේ සිටිය දී හමු වී තිබෙනවා. ඉන්දියානුවන් සංචාරක වීසා ලබා ගෙන ඇවිත් මෙරට නැවතී රැකියා කරනවා. කම්කරුවාගේ සිට වෛද්‍ය වරයා දක්වා විවිධ මට්ටමේ කටයුතු වල අද ඉන්දියානුවන් මේ රට තුල යෙදිල ඉන්නවා.
මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන මේ ප්‍රවණතාවයට දිගටම ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නොත් ලංකාවේ ජන සංයුතිය පවා බරපතල ලෙස වෙනස් වෙලා ජනවාර්ගික ගැටුම් වලට පවා තුඩු දෙන තත්වයක් ඇතිවිය හැකි කියන අනතුරු ඇගවීම අපි ආණ්ඩුවට කරනවා.
– අරවින්ද අතුකෝරල
ME KATHAWE ATHA MATA
ATHDAKEEMEN THIYENAWA
DENAK ETHAMATH ALUTH
THREE WEEL EKAKATA GODAWU
MATA REYADURUTA YANA THANA
KIYANNA WUNE HASTHA MUDRAWEN
OHUTA SINHALA TH BAHA , ENGLISH BAHA , DEMALATH BAHA
ME KA APE RATA.
මොනවද මේ ලියන්නේ
සිංගිලිසිද ලියන්නේ
අප රට බව කියන්නේ
අප බස නැත ලියන්නේ
You can find hard working Pakistan labors for Rs.2000 per day around Negombo, Jaela, Kandana area.
There are plenty of them are available.
පානදුර සරික්කාමුල්ල කියන ප්‍රදේශයේ සහ ආසන්න ප්‍රදේශවල ගාරාජ් වල සහ වඩු මඩු වල බයිසිකල වැඩපළවල් වල සපත්තු වැඩපළවල් වල කොන්ක්‍රීට් වැඩපළවල්වල බන්ගලාදෙශ ,පාකිස්තාන සහ ඇෆ්ගන් ජාතිකයන් වැඩකරනවා සරික්කමුල්ල මුස්ලිම් ජනතාව මොවුන්ට රැකවරණ දෙනවා .
සංචාරක වීසා මත ඉන්දියානුවන් ලක්ෂ 2කට වඩා ඇවිත් ඉන්නවා ඉදිරියේදී ගොයම් කැපීමටත් ඉන්දියානු ශ්‍රමිකයන් සංචාරක වීසා මත එන්න පුලුවන්
සංචාරක වීසා මත කොළඹ ආශ්‍රීතව රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයින් 23 දෙදෙනක් අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසයි.
සීපා ගිවිසුම
ඉන්දීය ශ්‍රම බලකාය කොපමණද යන්න සිතා ගැනීමට ඇති හොඳම නිදසුන වන්නේ වසරක් තුළ ඉන්දීය ශ්‍රම බළකායට එකතු වන ප්‍රමාණය ලක්ෂ 70 කට වැඩිය. එය අපේ රටේ සම්පූර්ණ ශ්‍රම බළකායට සමාන ප්රමාණයකි. ඉන්දියාවේ 90% ක් වන ශ්‍රම බළකාය රැකියාවක නියුතුව සිටින්නේ අසංවිධානාත්මක ක්ෂේත්‍රවලය. මෙම පිරිස සඳහා ලංකාවට පැමිණ රැකියාවක් කිරීමට දැනට ගැටලු ගණනාවක් ඇත. එසේ නොවන්නේ නම් විශාල පිරිසක් ලංකාවට පැමිණ ඉතා අඩු වැටුප්වලට දැඩි අවදානම් රැකියා පවා කිරීමට පෙළඹෙනු ඇත. සීපා හරහා සිදුකරනු ලබන්නේ මෙම ඉන්දීය ශ්‍රම බළකායට බාධාවකින් තොරව ලංකාවට පැමිණ රැකියාවක් කිරීමට ඉඩ ප්රස්ථා සකස් කර ගැනීමයි.
පුද්ගලයන්ට දේශ සීමා බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා ඉඩ සැලසීමට මේ හරහා සාකච්ඡා කර ඇත. මෙය ඉන්දියාවේ විරැකියා නමැති ගංවතුරට ලංකාව නමැති ගේට්ටුව විවෘත කිරීම බඳුය. මන්දයත් ඉන්දියාවේ පවතින විරැකියාව අප වඩා හොඳින් තේරුම් ගත යුතුය. අපේ එක් අයෙකුට රැකියාවක් සොයා ගැනීමට අපහසු වන විට ඉන්දියාවේ 60 දෙනකුට එය එසේ වී ඇත. එයින් සිදුවිය හැක්කේ විරැකියාවෙන් සිටින ඉන්දියානු කම්කරුවන් විශාල ප්‍රමාණයකට ලංකාවට පැමිණීම සඳහා ඉඩ පහසුකම් සලසා දීමය.
සීපා ගිවිසුම අත්සන කිරීම වැලක්විමට අප සියලු දෙනා එක් විය යුතුය.