ශ‍්‍රී ලංකාවට සම්බාධක දමන්නැයි ඉල්ලයි..

September 12, 2020 at 10:32 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට සම්බාධක දමන්නැයි ඉල්ලයි..

ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන්නැයි කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගානට් ජීසස් විසින් එරට අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බවත් එනිසා කැනඩාවේ සම්බාධක පනත අනුව ශ්‍රී ලංකාවට කටයුතු කළ යුතු බවත් පෙන්වා දී ඇත.

කැනඩාවේ ද්‍රවිඩ ජනතාව විසින් ශ්‍රී ලංකාවේදී අතුරුදහන්වූවන් ගැන විමර්ශනයක් ඉල්ලා පා ගමනක් ආරම්භ කර ඇති බව ද ඔහු කැනඩා රජය වෙත දැනුම් දී ඇත.

මෙම ඉල්ලීම කරන ලද මන්ත්‍රීවරයා විදෙස් කොටි ඩයස්පෝරාවට සම්බන්ධකම් ඇත්තකුගේ හෙළිවී තිබේ.

64,941 views