ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..

June 11, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..

ශ්‍රී ලංකා වෙත ලබා දෙමින් තිබෙන ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව විසින් ඊයේ දිනයේ යෝජනාවක් සම්මත කර තිබේ.

ඒ අනුව එම සහනය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම නුදුරේදීම කටයුතු ආරම්භ කරනු ඇත.

යුරෝපා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ලක් කරන ලද එම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් සහ විරුද්ධව 15 ඡන්ද ලබාදී තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසද එම සංගම් පාර්ලිමේන්තුව විසින් යෝජනාවේ සම්මත කර ඇත.

49,271 views

48 Comments to “ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..”

  1. යකා says:

    සිම්පල් කේස් එකක් නෙ ඔය අපේ ස ඕක ඉවත් කරකරගන්න කියල යුරෝපා සංගමයේ රටවල් වලට ගැසට් නිවේදනයක් නිකුත් කරයි

  2. chamee says:

    Hemadama api anith ayage aadaara balaporoththuwen inna asarana jathiyaka wenna ooneda?
    Think positively deshapalana paksha wala wahalun wenna epa.

  3. Silva says:

    යුරෝපයේ අය කවදද අපි වගේ ආසියාතික රටකට උදව් කලේ, අතීතයේ ඉදන්ම අපව සූරන් කෑවා මිසක්.

  4. Silva says:

    යුරෝපීය රටවල් අපිව සූරාගෙන කෑවා මිසක් කවදද උදව් කලේ