ශ‍්‍රී ලංකාවෙන් නම් කල තානාපතිවරුන් 03ක් භාරගැනීම එම රටවල් ප‍්‍රතික්‍ෂෙප කලාද…- විදේශ ලේකම් පහදයි..

April 14, 2021 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාවෙන් නම් කල තානාපතිවරුන් 03ක් භාරගැනීම එම රටවල් ප‍්‍රතික්‍ෂෙප කලාද…- විදේශ ලේකම් පහදයි..

ශ්‍රී ලංකාවෙන් රටවල් තුනකට පත්කරන ලද මහ කොමසාරිස්වරුන් දෙදෙනකුගේ හා තානාපතිවරයකුගේ නාමයෝජනාව අදාළ රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පළවන වාර්තා සියල්ල අසත්‍ය හා පදනම් විරහිත ඒවා බව විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

මෙලෙස නම් ප්‍රතික්ෂේප වී ඇතැයි සඳහන් වූයේ ඉන්දියාවට පත්කරන ලද මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හා සෞදි අරාබියේ තානාපති ලෙස පත්කළ අහමඩ් ඒ. ජවාඩ් යන මහත්වරුන්ගේ නම්ය. මෙයින් මිලින්ද මොරගොඩ මහතාගේ පත්වීම මේ වනවිට ඉන්දියාව අනුමත කර තිබේ. ඔහු ළඟදීම නවදිල්ලිය රාජකාරි අරඹනු ඇති බව විදේශ ලේකම්වරයා කීය.

කැනඩාවේ මහ කොමසාරිස් ලෙස නම්කළ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ පත්වීමට අදාළ ලිපිය මේ වනවිට කැනඩාවට යවා තිබේ. එරටින් ඒ සඳහා ප්‍රතිචාර දක්වනතෙක් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

එසේම සෞදි අරාබියට නම් කළ අහමඩ් ඒ. ජවාඩ් මහතාගේ වයස සම්පූර්ණ වී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ නිසා එරට පත්වීම භාරගත නොහැකි වූ බව විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.

ඔහු ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධරයෙකි. විශ්‍රාමලත් එම නිලධරයා වෙනුවට වෙනත් කෙනෙකු නම් කිරීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයිද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

– deshaya

43,010 views

12 Comments to “ශ‍්‍රී ලංකාවෙන් නම් කල තානාපතිවරුන් 03ක් භාරගැනීම එම රටවල් ප‍්‍රතික්‍ෂෙප කලාද…- විදේශ ලේකම් පහදයි..”

  1. Darshana abayakoon says:

    ජනදිපතිවරය පත් වෙලා අවුරුදු දෙකයි, රජය පත්වෙලා අවුරුද්දකට ආසන්නයි තාම අසල් වැසි රටට වත් තානාපති කෙනෙක් පත් කර ගන්න බැරිවුනා. UN ගිහින් නාන එක ඉතින් අහන්නත් දෙයක්ද? මෙයා මොනවද රාජතන්ත්‍රික සම්බන්දතා ගැන දන්නෙ? මොනවද මෙයාට තියෙන අත්දැකීම්? බල්ලගෙ වැඩේ කරන්න ඇදුනුම් කම මත බූරුවො දැම්මම ඔහොම වෙනවා.

  2. නිමල් says:

    මහාචාර්‍ය තුමා බොරුකියන්න.වන්නෙ නෑ. 60 පිරෙන එක සවුදියට ප්‍රශ්නයක් නෙමේ. ඇයි පුද්ගලික ලිපි ගොනුවෙ උප්පැන්නෙ නැද්ද

    • fernando says:

      ona mahacharyada??? igana ganna beri hiwalek yoshitha O.L nethiwa aragena, usasweem deela mahinda rawata allagatta. sahathika nethi mahacharayawaru meyata geniyak penna behe. langata nam yawanna epooooo

  3. නිරීක්ෂකයා says:

    විදේශ ලේඛම් ලෙස අද්මිරාල් ජයනාත් කොළඹගේ මැතිතුමා පත්කිරීම අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා ගත් නිවැරදි තීන්දුවක්. රටේ ඉදිරි කටයුතු හොදින් කෙරෙන බවට කොළඹගේ මැතිතුමන්ගේ හැකියා දෂතා තුලින් විශ්වාස තැබිය හැක.

  4. Wasana says:

    This guy should remove from this position then only we can get recognition.

  5. සිංහල බන්ඩා says:

    ඔලිගාච් මිලින්දයා ඉන්දියාවෙ තානාපති කලේ ලංකාවට වැඩ කරන්නද ඇමරිකාවට වැඩ කරන්නද තමන්ට බිස්නස් තව අටවා ගන්නද?

    • බන්ඩා says:

      යල් පැනපු ඇම්බැසිඩර් එකක ගියාට ඉන්දියාව යැංකි මිලින්දට රැවටෙන්නෙ නැහැ.

    • බන්ඩා says:

      යල් පැනපු ඇම්බැසිඩර් එකක ගියාට ඉන්දියාව යැංකි මිලින්දට රැවටෙන්නෙ නැහැ. .

  6. Janatha apekshawa says:

    මිලිනිදලා මුසාම්මිලා මොන ආන්ඩුව ආවත් ඉන්නවා . තනතුරු එක්ක. අනේ මේවා කාට කියන්න.

  7. විතාරන්දෙණියේ සුනීත හිමි says:

    වර්තමානයේ ශ්‍රීලංකාව මුහුණපා සිටින ජාත්‍යන්තර භූදේශපාලන පීඩනයන්, මානව හිමිකමි චෝදනා, දෙමළ ඩයස්පෝරාවෙි බලපෑම් සහ දැවැන්ත විදේශ ණය බර කලමණාකරගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය මෙහෙයවීමට දක්ෂ ලේකමිවරයෙකුගේ සේවය අත්‍යාවශ්‍යව තිබෙනවා. යුධ ජයග්‍රහණය සඳහා කැපවීමි කළ හේතුවම මෙවැනි භාරධූර වගකීමක් පැවරීමට ප්‍රමාණවත් මදි.
    ශ්‍රීලංකා ඉතිහාසයේ සිවිල් හෝ විදේශ සේවයේ නොවන අයෙක් විදේශ ලේකමිවරයා හැටියට පත්කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා ජයනාත් කොළඹගේ මහතා කළ කැපවීම සහ ඔහු නාවික හමුදාපති ලෙස කළ සේවය මෙම තනතුර සඳහා පත්කිරීමට නිර්නායකයන් ලෙස යොදාගැනීම අදූරදර්ශී ක්‍රියාවක්.
    මෙම විදේශ ලේකමිවරයා ජිනීවා මානව හිමිකමි ගැටළුවලට මුහුණදීම සඳහා අමාත්‍යාංශය මෙහෙයවීමට අසමත්ව තිබෙනවා.
    විදේශ අමාත්‍යවරයාද ඉතාමත් අසාර්ථක පුද්ගලයෙක්. ඩඩිලි සේනානායක, SWRD බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, JR සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන රාජ්‍ය නායකයින් යට⁣තේ විශිෂ්ඨ ලෙස මෙහෙයවූ විදේශ අමාත්‍යාංශය G.L.පීරිස් අමත්‍යවරයා යටතේ අකර්මණ්‍ය තත්ත්වයකට පත්උනා. එකල නියෝජ්‍ය ඇමති සචින් වාස් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා සමග තිබූ සමීප සබඳතාවය නිසා අමාත්‍යාංශයේ නිළධාරීන්ද දෙකට බෙදුනා. නියෝජ්‍ය ඇමතිවරයා තානාපතිවරයෙකුට පහරදී රටෙිම විදේශ සේවය අපකීර්තියකට ලක්කළා. ජනතාව වර්තමාන ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු උනේ මෙම අමාත්‍යාංශය පූර්ණ වෙනසකට ලක්කරයි කියායි. එහෙත් මෙම ලේකමිවරයාට එය කිරීමට තරමි පරිචයක් නැතිබව පැහැදිළියි. ආරක්ෂක ලේකමිවරයා යටතට සියළු දිස්ත්‍රික් ලේකමිවරැන් සහ ප්‍රාදේශීය ලේකමිවරැන් පත්කර කරනලද වරද නිවැරදි කළාක් මෙන් ජයනාත් කොළඹගේ මහතා විදේශ ලේකමිධූරයෙන් ඉවත් කර ඊට පළපුරුදු විදේශ සේවා නිළධාරියෙක් පත්නොකළ හොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශය ඉබාගාතේ යාම වැලැක්විය නොහැකියි.

  8. විතාරන්දෙණියේ සුනීත හිමි says:

    වර්තමානයේ ශ්‍රීලංකාව මුහුණපා සිටින ජාත්‍යන්තර භූදේශපාලන පීඩනයන්, මානව හිමිකමි චෝදනා, දෙමළ ඩයස්පෝරාවෙි බලපෑම් සහ දැවැන්ත විදේශ ණය බර කලමණාකරගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය මෙහෙයවීමට දක්ෂ ලේකමිවරයෙකුගේ සේවය අත්‍යාවශ්‍යව තිබෙනවා. යුධ ජයග්‍රහණය සඳහා කැපවීමි කළ හේතුවම මෙවැනි භාරධූර වගකීමක් පැවරීමට ප්‍රමාණවත් මදි.
    ශ්‍රීලංකා ඉතිහාසයේ සිවිල් හෝ විදේශ සේවයේ නොවන අයෙක් විදේශ ලේකමිවරයා හැටියට පත්කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා ජයනාත් කොළඹගේ කළ කැපවීම සහ ඔහු නාවික හමුදාපති ලෙස කළ සේවය මෙම තනතුර සඳහා පත්කිරීමට නිර්නායකයන් ලෙස යොදාගැනීම අදූරදර්ශී ක්‍රියාවක්.
    මෙම විදේශ ලේකමිවරයා ජිනීවා මානව හිමිකමි ගැටළුවලට මුහුණදීම සඳහා අමාත්‍යාංශය මෙහෙයවීමට අසමත්ව තිබෙනවා.
    විදේශ අමාත්‍යවරයාද ඉතාමත් අසාර්ථක පුද්ගලයෙක්. ඩඩිලි සේනානායක, SWRD බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, JR සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජ්‍ය නායකයින් යට⁣තේ විශිෂ්ඨ ලෙස මෙහෙයවූ විදේශ අමාත්‍යාංශය G.L.පීරිස් අමත්‍යවරයා යටතේ අකර්මණ්‍ය තත්ත්වයකට පත්උනා. එකල නියෝජ්‍ය ඇමති සචින් වාස් ගුණවර්ධන ජනාධිපතිවරයා සමග තිබූ සමීප සබඳතාවය නිසා අමාත්‍යාංශයේ නිළධාරීන්ද දෙකට බෙදුනා. නියෝජ්‍ය ඇමතිවරයා තානාපතිවරයෙකුට පහරදී රටෙිම විදේශ සේවය අපකීර්තියකට ලක්කළා. ජනතාව වර්තමාන ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු උනේ මෙම අමාත්‍යාංශය පූර්ණ වෙනසකට ලක්කරයි කියායි. එහෙත් මෙම ලේකමිවරයාට එය කිරීමට තරමි පරිචයක් නැතිබව පැහැදිළියි. ආරක්ෂක ලේකමිවරයා යටතට සියළු දිස්ත්‍රික් ලේකමිවරැන් සහ ප්‍රාදේශීය ලේකමිවරැන් පත්කර කරනලද වරද නිවැරදි කළාක් මෙන් ජයනාත් කොළඹගේ විදේශ ලේකමිධූරයෙන් ඉවත් කර ඊට පළපුරුදු විදේශ සේවා නිළධාරියෙක් පත්නොකළ හොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශය ඉබාගාතේ යාම වැලැක්විය නොහැකියි.

  9. Nalaka says:

    What a shame.
    This shows, the standard we have in the world.
    In near future, almost all ambassadors and high commissioners will back to sl as every country will reject them.
    Asiyawe ashcharya…

Main News