ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක්.. ඉතා වේගයෙන් පැතිරේ..

January 27, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක්.. ඉතා වේගයෙන් පැතිරේ..

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක් ආසාදිත පුද්ගලයන් මෙරටින් වාර්තා වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මේ වන විට මෙම නව කොවිඩ් වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් බවය.

මෙරටට විදේශයක සිට පැමිණි පුද්ගලයකුගෙන් මෙම නව වයිරසය හඳුනාගෙන ඇති බව කියයි.

පසුගිය සති දෙක ඇතුළත විදේශයේ සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී එකතු කරගන්නා ලද කොවිඩ් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මෙම වයිරසය හමු වී තිබේ.

වයිරසය එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වූ නව කොවිඩ් වයිරසයට වඩා වෙනස් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය. එය B 1.258 ලෙස හැඳින්වේ.

එසේම මෙය ප්‍රතිදේහජනක පරීක්ෂණවලට හසු නොවන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

කෙසේ වුවත් මෙම වයිරසය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කෙරේ.

මේ ගැන බියට පත් නොවන ලෙසද ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

එම වයිරසය දැනට වාර්තා වී ඇත්තේ එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය ප්‍රංශය, චෙක් සමූහාණ්ඩුව, ස්විට්සර්ලන්තය පෘතුගාලය, අයිස් ලන්තය ඇතුළු යුරෝපා කලාපයේ රටවල්වලින් බව ලොව ප්‍රකට නේචර් වෙබ් අඩවිය සඳහන් කරයි.

එය වැලඳී ඇති බවට සැකකරන රෝගීන් පිරිසක් එක්සත් ජනපදයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇත.

කෙසේ වෙතත් මෙම නේචර් වෙබ් අඩවියේ පළකොට ඇති ව්‍යාප්තියට අදාළ සිතියමට අනුව ඊට ගොදුරු වූ රෝගීන් තිදෙනකු ලංකාවෙන් වාර්තා වී ඇත.

– aruna

52,222 views

21 Comments to “ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරස ප‍්‍රභේදයක්.. ඉතා වේගයෙන් පැතිරේ..”

  1. Jagath says:

    පට්ට සැපයි අප්පා දැන්…… කාලි පැණියෙන් ටිකක් ගහලා ටිකක් නිදාගන්න ඕනේ.

    • වයි දිස් කොලවෙරි says:

      එන්නත වැඩ කරන්නේ වයිරසයක එක් ප්‍රබේධයකට විතරයි. මේ වයිරසය ඉතා ඉක්මනින් අලුත් ප්‍රබේධ ගණනාවක් හදල තියනවා.

      ඒ නිසා එන්නත් ගහල බේරෙන්න බෑ.
      ජවිපෙ උබලා මාධ්‍ය සාකච්චා තියමින් සහ සමාජ මාධ්‍ය වලින් දේශීය දේ බාල්දු කරණ බව අපි දන්නවා. නමුත් මේ වයිරසය එන්නත් ගහල බේරෙන්න පුලුවන් එකක් නෙවෙයි. දේශීය අවුශධයක පිහිටම තමයි.

      • Sinha says:

        තම සිරුරේ ප්‍රතිශක්තිකරණ වැඩි කර ගැනීම සුදුසුම ප්‍රතිකර්මයි. එන්නත් වලින් බෑ.

  2. රන්වල says:

    සුදර්සනී පැණි දුම් මුට්ටි කාලි පැණි වලින් මිනිස්සු රවට්ටපු චන්න ජයසුමන දැන් කියනව එන්නත් ගෙනත් ගස්සෝනවලු.අරාබි රටවල් ඉන්දියාව නවසීලන්තෙ යුරෝපෙ මේ හෑම රටක්ම තම වැසියන් එන්නත්කරන වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරද්දි අපේ උන් පැණි අල්ලන් කපුවො ෆෝම් කරමින් ආතල් දුන්න දැන් රෙද්දෙ රෙවුනම එන්නත් කරන්න හදනව.හැමදාම අස්සය ගියාම ඉස්තාලෙ වහපු අපිට මේ පාරත් ඒක කරන එක විලිලැජ්ජාවක් නෙමේ

    • Nimal says:

      කවිද උඹට කිවෙි කුනු දතාද පල පල ඩෝ බත්බැලයා මෙික මෙි මඩ දේසපාලනේ කරන වෙලාවක් නෙමෙි පාඩුවෙි පැත්තකට වෙලා හිටපං. මහා ලොකුරට හදන්ට උපදෙස්දෙන මිනිහා උඹ ඉස්සෙල්ලා මොලේ හෝදගෙන හිටපං ඉස්සෙක් වගේ මුු

    • වයි දිස් කොලවෙරි says:

      උබ කොවිඩ් හැදිලා ඉස්පිරිතාලෙ ගියොත් උබට බොන්න දෙන්නෙත් ඉගුරු, කොත්තමල්ලි තමා. අල්ලන්න දෙන්නෙ හුමාලය තමා.

      ඉගුරු කොත්තමල්ලි වලට වඩා සුදර්ශන පපැණිය බලවත්. නිකම්ම හුමාලයට වඩා දුම් හට්ටිය (හුමාලයට අවුශධ කොල දමා දුම් අල්ලන මිශ්‍රණය ) බලවත්.

      ජෙප්පොන්ට තියෙන 3% ත් නැති වෙන්නෙ මිනිස්සුන්ව මුලා කරණ නිසයි.

    • JVP hora hatta………………….

      • Jepi buster says:

        අපිට ආණ්ඩුව සනීපෙට පුකේ අරිද්දි 3% කුහක හැත්තයි ගූඑන්පී/සජබ සමනළ රෑනයි එනව අපේ ආතල් කඩන්න. පැරදුනා නම් කටපුක වහගෙන අවුරුදු 5ක් හිටපියව්කො පැත්තකට වෙලා පුක නොදී.

  3. UkreinBayya says:

    Api Saahenna sathutu Wenawa Udayanga Sir Ge ..Corona Bubulu Krameta hari Lankaawata Brand New Crona Wargayak Handunwaa deema Gana…

  4. ක්‍රිමිනල් says:

    නිසි ප්‍රතිපත්තියක් නොමැතිකමේ ආදීනව , එක එකා එක එකාට ඔනේ විදියට නටනවා ,නිරොධායන නිතී බලපාන්නේ රටේ පහල ස්ථරයට විතරයි , අමූ මීහරක් බානක් පාලනය කරන රටක මීට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ , පාඩම් ඉගෙනගනිල්ලා , වියට්නාමයෙන් , තායිවානයෙන් සහ සිංගප්පුරුවෙන් තව පුලුවන් නව සීලන්තය ,අයිස් ලන්තය වගේ රටවල් ගෙනියන ප්‍රතිපත්ති මොනවද කියලා හොයලා බලන්න, රට ආර්ථිකමය සහ සෞඛ්‍යමය වශයෙන් බංකොලොත්වෙලා . ජනාධිපතිවරයා දන්නේ හැම අංශයටම හමුදානිලධාරීන් පත්කිරීම වගේ ලඝු කාරනා කිහිපයක් පමනයි.පොඩි එවුන්ට තග දාලා ගජමුතුරො හුරතල් කරන්න හියොත් මේ රට විශාලා නුවරක් වනවා නොඅනුමානයි.

    • Nimal says:

      කවිද උඹට කිවෙි කුනු දතාද පල පල ඩෝ බත්බැලයා මෙික මෙි මඩ දේසපාලනේ කරන වෙලාවක් නෙමෙි පාඩුවෙි පැත්තකට වෙලා හිටපං. මහා ලොකුරට හදන්ට උපදෙස්දෙන මිනිහා උඹ ඉස්සෙල්ලා මොලේ හෝදගෙන හිටපං ඉස්සෙක් වගේ මුු

      • ක්‍රිමිනල් says:

        අනේ බං කීබොර්ඩ් එකක් තිබ්බ පලියට ඔහේ උලව් කොටන්නෙපා බොල , උබලෑ ස ෆෙල්, මී හරක් වගේ තැප්පුලුවා කියලා ස පාස් වෙන්නෑ , ඩොනල්ඩ් ට්‍රම්ප්ව ගෙදර ඇරියා , ඉතාලියේ අගමැති ඉල්ලා අස් උනා ,ඒ කොවිඩ්19 පැහැදිලිව කළමණාකරනය කරන්න බැරි වුන හින්දා , නවසීලන්තයේ එක් රොගීයෙක් මාස ගනනකට පස්සේ හමුවුනත් සංචරණ සීමා පනවලා රට රැකගන්නවා ,ඒකට අපේ රටේ කොවිඩ්19 ප්‍රචාරණය වෙන්න ඉඩ ඇරලා ,පිනට වැක්සීන් එනකං කට බලියං රගනවා , පී.සී.ආර්. කරන්න සල්ලී නෑ , රොගීන්ට රෝහල්වල ප්‍රතිකාර කරවන්න සල්ලී නෑ , සෞඛ්‍ය ඇමැටිනිය අමූ මිත්‍යාව ප්‍රවර්ධනය කරනවා , මුන් මෙහේ අමූ මීහරක් වගේ කවුද කිව්වේ කියලා අහනවා .යකො කිව්වේ කාළී උබලෑ අම්මා…😂😂😂

        • Jepi buster says:

          පල ජෙප්ප යන්න.
          ලංකාව දුප්පත් වුනේ උබලා කැරලි ගහලා, ශානපතියන් නැතිකරනවා කියලා ලංකාවේ තිබ්බ සියලුම කර්මාන්තාශාලා ගිනි තියලා විනාශ කරපු නිසා.
          ඒ කලේ රස්සා නැති වුන නිසා ගෑනු මැදපෙරදිග වහල් සේවයට යන්න පටන් ගත්තා.
          නෙදකින් තොපේ ජෙපි ලොජික්.

    • Samantha says:

      Meyage ekama saha lokuma buddhimatha gon Sajiya & the clan bawa api dannawa. rata amuthuwean baokoloth wenna deyak naha yahapalana ostharla baaradila giye sampoornayenma baokoloth una ratak lokaye kisima aarthika aheniyak nothibuna kaleka.

  5. Rumesh says:

    මෙහෙම වයිරසය වෙනස් වෙමින් පවතිද්දී, වඩා සාර්ථක වෙන්නේ දේශීය වෙදකමේ පරිදි තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි. එවිට වෙනස් කොවිඩ් ප්‍රබේධ විතරක් නෙමේ, අලුතින් වයිරසයක් ආවත් ආරක්ෂාවක් තියේවි.
    ඒකට හෙළ වෙදකමේ බෙහෙත් වගේම මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් පවා යහපත් කරගන්න වේවි.
    මත් පැන් සිගරැට් මත් ද්‍රව්‍ය වලින් ඉවත් වීම, කෘතීම ද්‍රව්‍ය යෙදු ආහාර වලින් වැලකීම, වස විස යෙදු පිටි කිරි, චොකලට්, මස් ආදී ආහාර වලින් ඇත් වීම, පාරම්පරික සහල් – කොළ කැද ආදි හිතකර අහාර ගැනීම, ද්වේශයෙන් යුතු සිතුවිලි වලින් සහ ක්‍රියා වලින් ඇත් වීම, ඇග වෙහෙසවා වැඩ පල කිරීම, නිදහස් සැහැල්ලු මනසක් සදහා සුළු වෙලාවක් හෝ භාවනාවක් කිරීම, මෛත්‍රී සහගත සිතුවිලි තුල සිටීම, අන් අයට හැකි පමණින් උදව් කිරීම, සොබා දහමට ආදරය කිරීම – මේවා තුලින් කිසිදු වියදමක් නොමැතිවම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකිවෙයි.

    • වයි දිස් කොලවෙරි says:

      නිවැරදි අදහස් දැක්වීමක්.
      මනසට සහනය ගෙන දෙන භාවනාවක් ප්‍රගුණ කිරීමද මෙයට ඇතුලත් කල හැකියි.

    • ක්‍රිමිනල් says:

      දවසේ කමෙන්ටුව ! ජය..✌️

    • aniwa says:

      සීනිවුස් වැනි වෙබ් අඩවි මග හැරීමද ඒවායේ කොට්ටෝරුවන් මෙන් කෙටීමෙන් වැලකීමද ඔබ කෙරෙහි මයිත්‍රී සහගත සිතිවිලි වර්ධනයට ඉවහල් වනු ඇත ✌️

      • Podu Jana Jayaa says:

        අනිවාර්යෙන් දම්මික වෛද්‍යතුමා කියපු විදිහට මස් මාළු වලින්, සිගරට් අරක්කු වලි, ලිංගික සංසර්ගයෙන්, කොවිඩ් ආසාදිතයො ආශ්‍රය කිරීමෙන් වැළකිලා අපේ ප්‍රතිශක්තිය දියුණු කරගෙන සාර්තකව මේ වසංගතයට මුහුණ දෙන්න පුලුවන්. හැමෝම එක වගේ කැප උනොත් මුළු ලෝකෙම මේ අසිරිමත් පුංචි රට ගැන කතා කරන්න පටන් ගනීවි. අපේ අතිගරු ජනාදිපති තුමාගෙ ශ්‍රී නාමයට ලෝකෙ හතර කොනේම ප්‍රශස්ති ගැයේවි.

  6. Kalana says:

    කවුද වගකීම ගන්නේ? අරය ගත්තද වගේකිම? දැන් එයා මොකක්ද වගකීම අරන් කරන්නේ? අරය ඕන කෙනෙකුට නටන්න දුන්නනේ, සංචාරකයෝ ගෙන්නුවා, රටේ මිනිස්සුන්ගේ හූරගෙන කනවා.

  7. අනේ අපි කවදාද එකමුතු වන්නේ says:

    පක්ෂ ක්‍රමය අපේ රටත්, සමාජයත් විනාශ කර අැත. අද අැමෙරිකාව ගිනිගෙන දැවෙන කල් ඉකුත් වූ යෝධයෙකි. පක්ෂ දෙක රටත් සමාජයත් බෙදා විනාශ කරමින් පවතී. ශ්‍රීලංකා මාතාව ඒ මගේම යන බවක් පෙනේ.
    දකුණු නැගෙනහිර උතුරද බටහිර එක කොඩියේ සෙවනේ. එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යන්නෙ කවද්ද?

Main News