ශ‍්‍රී ලංකාවෙන් පලමු කොරෝනා රෝගියා හමුවේ.. ඇය ඇසුරු කල අය, ගිය තැන් ගැන වහා විමර්ශණ.. එක් අයෙකුගෙන් 16කට බෝවිය හැකියි..

January 27, 2020 at 9:40 pm | lanka C news
ශ‍්‍රී ලංකාවෙන් පලමු කොරෝනා රෝගියා හමුවේ.. ඇය ඇසුරු කල අය, ගිය තැන් ගැන වහා විමර්ශණ.. එක් අයෙකුගෙන් 16කට බෝවිය හැකියි..

නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකු පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබේ.

වයස අවුරුදු හතළිස් දෙකක් වූ චීනයේ වූහන් පළාතේ සිට පැමිණි චීන ජාතික කාන්තාවකට මෙම වෛරසය ආසාදන වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එම රෝගියාට මේ වන විට කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටින අතර රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු කටයුතු ගනිමින් පවතී.

එම කාන්තාව පසුගිය දිනවල ආශ්‍රය කළ පුද්ගලයන් සහ සංචාරය කල ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් අවධානය යොමු කර ඇත.

මේ අතර චීනය වූහන් ප්‍රදේශායෙර් ප්‍රතිකාර කටයුතුවල යෙදී යෙදී සිටින හෙදියක විසින් සමාජ ජාල වෙත වීඩියෝවක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය වැළඳුණු එක් රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙකුට පමණ වෛරසය ආසාදන විය හැකි බවයි.

142 views

29 Comments to “ශ‍්‍රී ලංකාවෙන් පලමු කොරෝනා රෝගියා හමුවේ.. ඇය ඇසුරු කල අය, ගිය තැන් ගැන වහා විමර්ශණ.. එක් අයෙකුගෙන් 16කට බෝවිය හැකියි..”

  1. අපේ සියලුම ශ්‍රි ලාංකිකයන්ට සේම මුළු ලොව වෙසෙන සියලුම ජනයාට දළදා සමිදු පිහිටයි

  2. Kon Kanis says:

    China ekek da ????
    Ahe nan Colombo 15 Malsalawe Mini Lee ta hodai, Next month shipment ekak thiyenawa.

  3. Fernando says:

    Signs of the Times;
    “…….ජාතියක් ජාතියකටද ,රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්දව නැගිටිනවා ඇත .මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද ,වන්නේය .භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය……” ලූක් 21:10-12

  4. each time i used to read smaller articles or reviews which as well clear their motive, and that
    is also happening with this article which I am reading now.

Main News