ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට නුසුදුසුයි..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි..

July 23, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට නුසුදුසුයි..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි..

ශ්‍රී ලංකාව මේ වන විට ව්‍යාපාර ආරම්භ කිරීමට නුසුදුසු අභියෝග රැසක් සහිත රාජ්‍යයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නම් කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2021 ආයෝජන දේශගුණ ප්‍රකාශනයේ මෙම අනතුරු හැඟවීම දක්වා තිබේ.

ශ්‍රී ලංකාව තුළ අනපේක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති සහිත පරිසරයක් ඇති ව තිබෙන බවත් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය සහ රජයේ ප්‍රසම්පාදන පිළිවෙල අවිධිමත් වීම මෙම කාරණා සඳහා බලපාන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම රාජ්‍ය අංශයේ පවතින දූෂණ ආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රබල අභියෝගයක් ඇයි ද එහි සඳහන්ය.

රාජ්‍ය සේවයේ ඥාති සංග්‍රහය මෙන්ම විදෙස් ආයෝජකයන්ට බලපාන නීති පද්ධතිය දැඩි බාධාවක් යැයි එහි දැක්වෙයි.

අදාළ වාර්තාව මෙතනින්

61,035 views

20 Comments to “ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට නුසුදුසුයි..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි..”

  1. SL says:

    රජයේ ආයතනයකට වැඩක් ගන්න ගියපු. උන් දන්නව උත්තරීතර රාජ්‍ය සේවය ගැන.මහජනතාව විසින් රාජ්‍ය සේවකයින්ගෙ අම්මල මුත්තලාටත් පින් දෙන රටගැන ඇමෙරිකාව ට වෙන මොනව කියන්න ද

    • සිරිසපාල says:

      රජයේ සේවකයෙකුටවත් රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න බෑ. පගවෙ දෙන්නම ඕනෑ. පිංපඩි තමයි කන්නේ.

  2. David Keith says:

    American advisories are political tools.

    It fools none.

  3. ඩී. එස්. යූරියා says:

    ලොකු දෙයක් ! තොපේ ආයෝජන අපිට එපා
    අපි හේනක් කොටාගෙන කාලා, වැව් සොරොව්වෙන් නාලා , සැපසේ ඉන්නං !!!

  4. G.L.PENIS says:

    Rate Lokuma` `Komasaaris Kaaraya` Mudal amathi welaa inna athare ayojane koranna Amerikan kaarayo bayayi. Ehedithkomis gahalaa athi Nahutheta!!

  5. RAYMOND says:

    ඇමරිකාව ලංකාව එක්ක තියන තරහා පිරිමහනවා
    ඇමරිකාව සුපිපි බලවතා වෙලා තියෙන්නේ කුහක කමින්

  6. Saman says:

    රජයේ සේවක ප්‍රමානය වැඩි වීමෙන් කාර්යක්ෂමතාවය අඩු වී ඇත.

  7. HUKARIS says:

    Americawe ayojana koranne modayoya. Koi welawe ho thuwakkuwakin vedi ka neseemata sidiwana rataki.

  8. Hosilbera says:

    ආයෝජනය තහනම් මට මෙහෙන් හොරකන් කරලා අරන් යන්න තහනමක් නෑ නේ ..බොරු නං බැසිල්ගෙන් අහන්න

  9. රජින්ද says:

    ලංකාවේ රාජ්‍ය සේවය ෆේල්. ඒක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි, ජේආර් මේ රටේ පැවති ආර්ථික රටාව ගලවලා රටේ ආර්ථිකය ලෝක ආර්ථිකයට විවෘත කල නිසයි මේ තරකාරි පීඩනය ඇති උනේ. දැන් රාජ්‍ය සේවයෙන් කිසිදු සේවයක් කරනු වෙනුවට ඔවුන් හැමවිටකම උත්සහ කරන්නේ ලාභ ඉපයීම පමණයි. රාජ්‍ය සේවකයා යනු එම යාන්ත්‍රණය තුල සිටින තවත් එක් කොටසක් පමණයි ඔවුන් රාජ්‍ය සේවය කරන්නේ ඔවුන්ගේ රැකියාවේ උසස්වීම්, ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප වෙනුවෙන් පමණයි. (මෙය ත්‍රිවිධ හමුදාවට සහ වෙනත් රාජ්‍ය අංශ නියෝජනය කරන අතිශය සුළු පිරිසකට අදාළ නොවේ)

  10. බන්ඩා says:

    ඇත්තටම රජයේ කන්තෝරැ වල සේවය කරන්නන් 50% ක් නිකන් පඩි ගන්නෙ. ඉතින් මේ රට දියුනු වෙන්නෙ කොහොමද?

    • සිරිසපාල says:

      සහතික ඇත්ත. මුන්දැන් ගෙවල් වලට වෙලා ඉඳගෙන නිකම්ම පඩි ගන්නවා

Main News