ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත්…

February 16, 2019 at 3:26 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත්…

විදේශ ආයෝජන හා තැන්පතු ගලා ඒම මේ වන විට සිදු නොවන නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී බංකොලොත් වීම නැවැත්විය නොහැකි ඇයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න සඳහන් කරයි.

ෆිස්කල් පරතරය ඇස්තමේන්තු තුළින් මේ බව ඉතා පැහැදිලිව පෙන්නුම් කරන බව ද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී රටට ලැබීමට තිබෙන ආදායම් වර්තමාන අගය ගණනය කර එමගින් අනාගතයේ වියදම් හා ණය හි වර්තමාන අගය අඩු කිරීම තුළින් ෆිස්කල් පරතරය ලැබෙන බව සඳහන් කළ ඒ මහතා මෙම පරතරය මහජනයා නොදැන සිටීම සිතීම භයානක තත්වයක් යැයිද ඔහු සඳහන් කළේය.

එම පරතරය අනුව ආදායමට වඩා වියදම වැඩි නම් රට බංකොලොත් යයි අර්ථ නිරූපනය වන බවත් විදේශ ආයතන හා තැන්පතු අඛණ්ඩව ගලා එන එම බංකොලොත්භාවය ඇති නොවන බවත් ඔහු සඳහන් කළේය.

285 views
Main News