ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් කරන සමාගම් ඇතුළු 24කට ඇමරිකාව සම්බාධක දමයි.. ලංකාවට බලපාන බව චීනය කියයි..

August 31, 2020 at 10:32 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් කරන සමාගම් ඇතුළු 24කට ඇමරිකාව සම්බාධක දමයි.. ලංකාවට බලපාන බව චීනය කියයි..

චීන සමාගම් 24කට ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එම සමාගම් අතර මෙරට කොළඹ වරාය නගරය ඉදිකිරීමට සම්බන්ධ ආයතනයද ඊට ඇතුළත් බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන චීන රජය සඳහන් කර ඇත්තේ වැරදි නිවැරදි කර වහාම චීනයේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම් ඇමරිකාව නතර කල යුතු බවයි.

ඇමරිකාව විසින් දකුණු චීන මුහුදේ ඉදිකිරීම්වලට සම්බන්ධ චීන සමාගමකට සම්බාධක පනවා ඇත්තේ ප්‍රථම අවස්ථාවටය.

කොළඹ වරාය නගරය ඉදි කරන චයිනා හාබර් සමාගමේ මවු සමාගම සම්බාධක පැනවූ ආයතන අතර වෙයි.

එම සමාගම මීට කලින් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ඉදි කිරීම සඳහා සම්බන්ධ විය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෑතකදී දොඹකර සැපයූ චීන සමාගමද ඇමරිකාව විසින් සම්බාධක පැනවීමට ලක් වූ සමාගම් අතර වෙයි.

කොළඹ සිටින කියන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම සම්බාධක පැනවීම නිසා චීනය ‍හා ශ‍්‍රී ලංකාවේ ව්‍යාපෘති වල සහයෝගීතාවයට බලපෑම් එල්ල වීමට හැකි බවයි.

98,458 views

14 Comments to “ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් කරන සමාගම් ඇතුළු 24කට ඇමරිකාව සම්බාධක දමයි.. ලංකාවට බලපාන බව චීනය කියයි..”

  1. low level says:

    කුරුණෑගල නගරාධිපති මයිලකටවත් අත තැබීමට පුරා විද්‍යා පනතටද නොහැකි විය පීරියඩ්
    සම්පායෝ “කුරුණෑගල” දීඅත්අඩංගුවට ගත් හැටි CCTV ඇතත් ඇපල් බා ගැනීමට හැකිවිය පීරියඩ්
    මේ වනවිට මහාමාර්ගයක ඇති වංගු මෙන් නීතිය නවන්නෙක් මේ පිටුපස ඇත් දැයි සැකයක් නැති තරම්ය පීරියඩ්

    එක රටක් එක නීතියක් සදහා ඇගෙන්ම / body එන උවමනාවක් තිබුණද මෙවැනි පීරියඩ් එකකදී / (කාල සීමාවකදී) ඇති අපහසුතා අප තේරුම් ගත යුතුව ඇත.

    • pohottu says:

      Corona pathurapu cheena ballanta kelawenna ona.

      • sunimal says:

        අපේ රටවසර 99 කට චීනයට බිල්ලට දී ගොඩනගන කොළඹ වරාය නගරයෙන් අපේ රටට සිදුවන යහපත කුමක්ද ?එය නතර කිරීම හොද වැඩක්

  2. දුටුගැමුණු says:

    අමෙරිකානු / ඉන්දියානු කුමංත්‍රන ක්‍රියාත්මක වන ආකාරය බලාගනිල්ලා ! මේ ආක්‍රමණ වලින් රට බේරා ගන්න නම් ඔය එක්සත් දුශ්ට ජාතීන්ගේ සංවිධානයේන් වහාම ශ්‍රී ලංකාව ඉවත් වීය යුතුය. චීනය / රුසියාව ප්‍රමුඛ ආසියානු රටවල් සංවිධානයක් වහාම පිහිටුවා ගත යුතුය

    • Saradiel says:

      ඇමරිකානු ඉන්දියානු MCC කලු තරුවේ තවත් උගුලක් ක්‍රියාත්මක කරනවා විය හැකියි …
      හෙළයිනි ,ඔය පෙන්නේ MCC කළු තරුවේ ආරම්භය විය හැකියි ..අපේ රටේ අවසානයත් එයයි
      වත්මන් රෙජීමය MCC සම්බන්දව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත ..MCC අපේ රටට අවශ්‍ය නොවේ එය අනතුරකි

  3. Anagarika says:

    The rest of the world should unite to question America how it got so much clout or power or authority to threaten others. It is no joke. America must be tamed at any cost!

  4. A citizen of Mihinlanthaya says:

    Are we worried? ??? NO…NO

  5. අල්ලා says:

    9/11 මතකද?

  6. බලාගනිල්ලා....................... ! says:

    අමෙරි “කානු” / ඉන්දිය “කානු” කුමංත්‍රන ක්‍රියාත්මක වන ආකාරය බලාගනිල්ලා………………….. !

  7. ගමරාළ says:

    මිලින්ද මොරගොඩ වැනි පරගැතියෝ ඉන්දියාව වගේ ලංකාව සමග සතුරැ රාජයන්ගේ තානාපති ලෙස පත්කිරීමේන් ලංකාවේ ඉදිරි ගමනට විශාල බාදාවක් වනු ඇත, ගරැ ජනාධිපති තුමනි මෙ ගැන අවදානය යොමුකර මෙම පත් විම අවලංගු කරන්න, තවද කරැපයියා ගැන සෙවිමට බුද්දි අංශයට බාර දෙන්න මොහු ගේ ගෙදරට පිට්පස්සේ ගෙට්ටුවෙන් ලංකාවට වින කටින ර… වල ඇත්තන් නිතර නිතර ඇතුඑ වෙ. මෙ ඔබේ අවදානටයි

    • sky says:

      මිලින්ද දේශද්‍රෝහියෙක් අවස්තාවාදියෙක් ,ජනපති තුමෙනි මෙවැනි පුද්ගලයින් ට අපේ රටේ තානාපති වැනි පත් වීම් දීමෙන් වලකින්න මොහු අපේ රට ඉන්දියාවට විකුනලා රටම විනාශකරයි ..මොහු විශ්වාසකළ නොහැකි දෙපත්නයෙක් ..කරුණාකර බුද්ධි අංශ යොදා මොහු ගැන පරීක්ෂණ ආරම්භ කරන්න ..අපේ රටේ වගකිවයුතු රාජ්‍ය තනතුරු මෙවැනි නරුම පුද්ගලයින්ට ලබා දී මව් බිම අනතුරේ හෙලන්න එපා ..මොහු දෙමල කොටි ඩයස් පෝරාවේ ඉත්තෙක්

  8. sunimal says:

    සවබාව ඩර්මයේ නිතිය මගින් ඇමෙරිකාවට පහර දෙනු ඇත එය දැනටත් පටන් ගෙන

  9. Ajith Prasanna says:

    මහින්ද සීයා ඇතුළු හත්මුතු පරම්පරාව රටේ ධනය හොරකම් කරලා අහුවෙලා මිනිස්සු ගෙදර යැව්වම හිරේ යන්න වෙයි කියලා ආයෙත් රටට විනකරන්න ඇවිත් රට හුරගෙන කනවා. මුන්ගේ පලවෙනි සසිවාරයේම රටේ වැඩ පැත්තක තියලා මුන්ගේ කෑම වේල ගැන තමයි කතාවුනේ. නොදකින් හැත්ත.

Main News