ශ‍්‍රී ලංකාවේ කොරෝනා ජූනි දක්වා.. අධි වසංගත තත්වය වලකන සූදානමක් නෑ..- අලුත්ම පුරෝකතනය මෙන්න..

April 6, 2020 at 10:32 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා ජූනි දක්වා.. අධි වසංගත තත්වය වලකන සූදානමක් නෑ..- අලුත්ම පුරෝකතනය මෙන්න..

ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය එළඹෙන ජුනි මාසය දක්වා දීර්ඝ වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙතෙක් රජය විසින් වසංගත තත්වය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අධි වසංගත තත්ත්වයක් වළක්වා ගැනීමට ප‍්‍රමාණවත් නොවන බවද එම සංගමය පෙන්වා දෙයි.

එනිසා මේ මොහොකේදී වහා දැක්විය යුතු උග්‍ර පතිචාර එම සංගමය විසින් රජයට යෝජනා කරයි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විස්තර කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

341 views

40 Comments to “ශ‍්‍රී ලංකාවේ කොරෝනා ජූනි දක්වා.. අධි වසංගත තත්වය වලකන සූදානමක් නෑ..- අලුත්ම පුරෝකතනය මෙන්න..”

  1. sumith says:

    The test should have been started by maximum by 27th of March, investigate why the decision could not take ?, because some official wanted to buy medical equipment for commission ?

    Established, rapid action force take decision on health matters maximum within 48 hours,

  2. sam says:

    මේ වන විට විවිධ දේවල් GMOA එක කියනවා. දැන් මේ වෙලාවේ රජය කරන්න අවශ්ය දේ තමයි,මේ අප්රේල් මාසය ගතවෙන තුරු රට ටිකක් වහ ගෙන ඉන්න එක. කොහොම උනත් ගොඩක් ටෙස්ට් කරලා වැඩේ ගොඩ දන්නා බැහැ . අනික ටෙස් කරලා නෙගටිව් කියල කිව්වත් මිනිස්සුන්ට එලියට යන්න දෙන්න විදියක් නැහැ. නමුත් නිරෝදයනය කරලා එලියට යන අයගේ කාලය තව ටිකක් දික් කෙරුවොත් හොදයි. අනික PCR පරීක්ෂණය වෙලා ගියාට බොහෝ නිවැරිදියි. මේ වෙලා වේ 100% නිවැරිදි තාවයක් නැති ටෙස්ට් කල කියල අපේ සෞඛ්ය කාර්යමණ්ඩල තව දුරටත් වෙහෙස ගන්වන එක හොද වැඩක් නොවෙයි. ගොඩක් ටෙස්ට් කරත් නැතත් ලෙඩේ පැතිරිලා තිබුනොත් දෙකක් නැහැ මේ සියලු දේ නවත්වල ප්රතිශක්ති ඇති අයට නිකම්ම හොද වෙන්න ඇරලා ප්රතිශක්ති නොමැති අයට මැරෙන්න යවන්න වෙන්නේ. ඔබ තේරුම් ගත යුතුයි, මේ පිළිබඳව වේ වෙනකොට චීනය වෛද්ය මහාචාර්ය වරුන් පල කර ඇති වාර්තා වල පැහැදිලිව පෙන්වා දීල තියෙනවා, රෝගය හැදිලා හතර වන (4) දවසින් පසු critical බවට පත්වන අයගේ lab වාර්තා අනුව, දිනෙන් දිනම ඔවුන් මරණය දෙසට යනවා මිසක් අනිත් පැත්තට නොඑන බව. ඒ වගේ තත්වයක් පෙන්වන රෝගයක් එක්ක සටනක් කරන එක අතිශය සංකීර්ණ අයුරින් මනස මෙහෙයවා කලයුතු රජකාරියක් මිසක් දින දින පවත්වන මාධ්ය සාකච්චා වලට එහා ගිය දෙයක්.

    රජය මේ මොහොතේ සිය මනස වෙහෙස විය යුත්තේ, මොන අයුරින්ද තව සති තුනක් හෝ හතරක් රට වහගෙන ඉන්නේ කියන එකටයි. එහිදී ජනයට අවශ්ය වන අහර හා අනිකුත් පහසු කම් උපරිම අයුරින් කරන්න පුළුවන් උනොත් යම් අපහු තාවයන් මැද උනත් අපිට මේ අයුරින මිනිසුන් එකිනෙකට ඇත්කර තබන්න පුළුවන් උනොත් එක ලොකු ජයක්. අනිත් අතට මහා වේගයකින් ටෙස්ට් කරලා ලෙඩුන් හඳුනා ගත්ත කියමු. එතකොට මේ අයගේ ගණන ඇති විශාල උනොත් මොකද අපි ගන්න කිර්යමර්ගය. මේවගේ ටෙස්ට් කරන කොට අතිශය අඩු රෝග ලක්ෂණ ය අපිට හමු වෙන්නත් උලුවන් ඒ අයවත් දහස් ගණනින් අපි රෝහල් වලට ඇතුලත් කරනවද, එහෙම නැත්තම් ගෙදරම තියෙනවද. මේ විදිහට බැලුවහම වැඩේ අතිශය සංකීර්ණ වෙනවා මිසක් වැඩේ සරල වෙනෙනේ නැහැ. මේ අයුරින මහා පරිමාණයෙන් ටෙස්ට් කරනන අපේ සුවවේවා කාර්යමණ්ඩල යොදවන වට වඩා සමාජ දුරස්ථ බවය තවත් ඉදිරියට කිරීම සඳහා අපේ සම්පත් යොදා ගැනීම තමයි නුවනට හුරු. අනික wuhan වල රෝහල් දෙකකට ඇතුලත් උන ලෙඩුන් 191 ක, සියලු විස්තර සහිත වෛද්ය නිබන්දනයක්
    Clinical course and risk factors for mortality of adult inpatients with COVID-19 in Wuhan, China: a retrospective ,cohort study
    (Published Online March 9, 2020https://doi.org/10.1016/S0140-6736(20)30566-3)

    නමින් පලකරලා තියෙනවා. මේ වාර්තාව කියවුහම ලෙඩේ කළමනා කිරීමේ අපහසුව හොදින්ම තේරුම් යනවා. මේකේ ඔවුන් කියනවා 191 ලෙඩුන් ගෙන් 53 මිය යනවා. 138 සුව වෙනවා. මෙහි එක තැනක් ඉතා පැහැදිලිව කියල කියෙනවා අපිශය අමාරු ලෙඩුන් ගෙන් 32 දෙනෙකුව Invasive mechanical ventilation (ඒ කියන්නේ සිංහල භාෂාවෙන් අපි මැෂින් එකට දානවා කියන්නේ ) වලට සවි කරනවා, නමුත් එයින් 31 ම මිය යනවා. එතකොට මේය තවත් තහවුරු වෙන තොරතුරු බොහෝ රට වලින් දැනගන්න පුළුවන් වෙනවා. හොඳින් එක දෙයක් තේරුම් දන්නේ 80-85% පිරිසකට කොරෝන නිකම් හෙම්බිර්ස්සාවක් වගෙයි තේරෙන්නේ. නමුත් 20-15% පමණ ප්රමානයකට මෙය ටිකක් අමාරු තත්වයට යනවා. නමුත් මාරාන්තික වෙන්නේ නැහැ . හැබැයි 5% පමණ පිරිසකට මෙය මාරාන්තික නියුමෝනියාවක් දක්වා යනවා. හොදින් මෙරුම් ගන්න මේ ලෙඩේ මාරාන්තික වෙන්නේ, හදවත් රෝග, සුවසන රෝග, ඇදුම, අනික රුධිර පීඩනය, දියවැඩියාව වගේ රෝගීන හා විශේෂයෙන් වකුගඩු බද්ද කල අයටත් තත්වය බෙහෙන් හොඳ නැහැ. වකුගඩු බද්ද කල රෝගීන් එම බද්ද කල වකුගඩුව තමන්ගෙ ශරීරයෙන් ප්රතික්ෂේප වීම වැළැක්වීමට ගන්න බෙහෙත් නිසා ඔවුන්නේ ප්රතිශක්තිය පහළ තියෙන්නේ. දැන් එතකොට මෙහිදී අපිට රටක් විදිහට ගන්න ක්රියා මාර්ග තොරනන්න වෙනවා. මෙහිදී දනට අපි රෝගය පාලනය කරගෙන යම් මටටමක සිටින නිසා ඉතා ඉක්මනට කලයුතු කාර්යයන් කිහිපයක් තියෙනවා.

    පළමු කරුණ තමයි අර මුලින් කියපු විවිධ නිදන්ගත් ලෙඩ රෝග ඇති අයගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්රියාමාර්ග ගැනීම. විශේෂයෙනම මෙහිදී කිවයුතුයි අපේ මහලු උදවිය පුළුවන් තරම් හොදින් ආරක්ෂා කර ගැනීමට අපි සමාජය දැනුවත් කල යුතුයි. ඒ වගේම මේ කියන අසාදනය උනොත් අතිශය මාරාන්තික විය හැකි කණ්ඩායම ආරක්ෂා කිරීම සම්බන්දව මාධ්ය මගින් සියලු දෙන දැනුවත් කල යුතුයි. උදා හරණ ලෙස ඔවුන්ගේ කෝප්ප, පිගන්, තුවා වෙන් කර තැබීම හා ඔවුන්ට වෙනම කාමරයක් සකස් කර තැබීම වගේ දේවල් කල යුතුයි. අනුක ඔවුන් ටික දවසකට හෝ කුඩා දරුවන් ගෙන් වෙන කර තැබීමත් අතිශය වැදගත්. මොකද මේ රෝගය බෙහෝ විට කුඩා දරුවන්ට වලදුනත් සමහර විට ඔවුන් සුළු රෝග ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ වගේ ක්රියා කාරකම් වලින් අපිට ලෙඩේ හැදුනොත් අනිවාර්යෙන්ම මාරාන්තික වෙන කණ්ඩායම බෙර ගන්න පුළුවන්. අපේ මාධ්යට මේ වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.

    අනිත් කරණය තමයි, අපේ රෝහල් වල කාර්ය මණ්ඩල අතිශය අනාරක්ෂිතයි. ඔබ දන්නවද රජයේ රෝහල් වලට අනිකුත් රෝගීන් එනවා , නමුත් අපි කොහොමද දන්නේ මේ අය කොරෝන රෝගිනද නැද්ද කියල. මේ නිසා රජයට විවිද ක්රම යොදාගෙන රෝහල් වලට එන රෝගීන් දුරස්ථ දිවිහට තබාගෙන අවශ්ය මුලික ප්රතිකාර ලබා දීමට හැකි ක්රම ඇති කරන්න අවශයි . උදහරන් ලෙස රෝගියා හා වෛද්ය වරයා වෙන කරන අනිත් පැත්ත පෙනෙන ( ට්රාන්ස්පරෙන්ට් ) කුටියක් , ලෙඩ ස්පර්ශ කල හැකි උරහිස් තෙක් දිග ග්ලාවුස් දෙකක් සහිතව හා වේද නලාව ලෙඩා ඉන්න පැත්තේ තබා එහි අනිත් කෙළවර වෛද්ය වරයට කනේ තබා ගත හැකිලෙස සද ගත හොත්, සුරක්ෂිතව ලෙඩුන් බැලීමට හැකි වේවි. මෙමගින් මෙවැනි වසංගත කාලයක අනිකුත් ලෙඩ රෝග ඇති රෝගීන් බොහෝ දෙනෙකුට හොදින් සේවයක් ලබා දීමට වෛද්ය වරුන්ට හැකි වීම, තවත් බොහෝ දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිවෙනු ඇත. මේ ගැනත් අපි අනුවර්යයෙන්ම අවධානය දිය යුතු මයි. එකක් තේරුම් ගන්න, කොරෝන රෝගය යම් කෙනෙකුට අසාධ්ය වූ විට ඔහුගේ ජීවිතය යලිත් අනිත් අතට හරවා ගනිම අතිශය අපහසුයි. අන්න ඒ නිසා තමයි දැනට රජය අතිශය අමාරුවෙන් හෝ අඳුරු නීති හා විවිධ නීති මගින් එකිනෙක අතර දුරස්ථ භාවය තබා ගැනිමට කටයුතු කරන්නේ. අනිත් එක නිරෝධයන වැඩ පිළිවෙල. දැනට මේ වැඩ ටික අමාරුවෙන් කරගෙන යනව වෙනුවට මහා විසල වෙහසක් යෝදවල ටෙස්ට් කිරීමට වඩා අපේ තිබෙන සීමිත සම්පත් අර පරිස්සමට යොදා ගනිම අතිශය වැදගත්. ටිකක් සිතන්න 40,000 – 50,000 පමණ ටෙස්ට් කිරීම සඳහා කොපමණ කාර්ය මණ්ඩලයක් යෙදිය යුතුද, අනිත් අතට එම අයත් අනවශ්ය අවධානමකට ලක් නොකළ යුතුයි. හොදින් හිතන්න අපේ අවසානවකට රෝගීන් 2500 වුවහොත්, අඩුම වශයෙන ඒ අයගෙන් ටිකක් අසනීපය නරක අතට හැරුණත් සුව කරගන් හැකි පිරිසක් සිටින නිසා, එම පිරිස වත් බෙර ගැනීමටයි අපි කටයුතු කල යුතු වන්නේ. මෙවැනි crisis එකක් කලමනාකර ගැනීමට හා උපායශීලි ලෙස විසදුම් දීමට නම් ඒ ගැන යම් පුහුණුවක් තිබිය යුතුයි. මෙවැනි තත්වයකදී හදවතින් තීරණය ගැනීමට වැඩ වැදගත් වන්නේ මොළයෙන තීරණ ගැනීමයි. Invasive mechanical ventilation වගේ ඒවා මේ රටේ හැදීම අහිශය හොද දෙයක් , ඒ වගේම අපි තවත් බලන්න ඕනෑ තවත් පැත්තක් කියෙනවා. ඒ තමයි, මෙම රෝගය සැදුනු මුලි දින කිහිපය ඇතුලත සමහර යට ලෙඩේ ටික ටික දරුණු වෙනවා. හැබැයි අපි ඒ තත්වය කලින්ම හඳුනා ගත්තොත් අර ලෙඩාව අපිට බෙරගැනීමට අවශ්ය දේවල් කරනන් පුළුවන්. විශේෂයෙන්ම මෙය මාරාන්තික වෙන සමහර රෝගීන්ගේ , ලෙඩේ හැදිලා හතර වන දවස වෙනකොට හදවත් අබාධයකට ලක්වූ බව පෙන්වන high sensitive Cardiac Troponin i , වල අතිශය වැඩි වීමක් පෙන්නුම් කරනවා. මේ හා සමාන විවිධ ක්රම මගීන් රෝගියා අඩපන වෙන්න පෙර යම් යම් ප්රතිකාර දිය හැකි වෙනව. දැනට කොරෝන නිසා මියගිය සහ යම් ප්රමාණයකට severe තත්වයකට පත්වී, සුවවූ රෝගීන්ගේ දත්ත හා lab වාර්තා පල කර තිබෙනවා. වේ වගේ තත්වයක් ඇතිවූ විට අද අපිට පරිශීලනය කල හැකි ලිපි ලේඛන ගණනාවක් චීනයේ ආචාර්ය මහාචාර්ය වරුන් පල කරලා තියෙනවා. ඒව අපිට පරිශිලනය කරන්න පුළුවන්, ඒවා credible තැන් වලින් තමයි පල කරලා තියෙන්නේ. අපි මේවා හොදින බැලුවෙත් අපිට ගත හැකි හොදම ක්රියා මාර්ග අරගෙන කලිනම, ලෙඩාගේ තත්වය තේරුම් අරගෙන යමක් කරනන පුළුවන්.

    අනිත් ප්රධානම කරනව තමයි, මේ ලෙඩේ යම් කණ්ඩායමකට (5% පමණ ) දරුණු, මාරාන්තික වෙන්නේ, ඔවුන්ගේ ප්රතිශක්තිය අඩු නිසා. මේ වෙලාවේ රටක් විදිහට අපේ වැඩි හිටි අයගේ ප්රතිශක්තිය වැඩි කිරීම සඳහා විටමින් A , D , හා C ලබා දිව හැකිවුවහොත්, එයද රෝගය පාලනයට ගත හැකි හොද ක්රියා මාර්ගයක් වේවි. අවසන් වශයෙන් කිවයුතු වන්නේ මෙය crisis එකක්, බැවින් උපාය මාර්ගික (Strategic ) තීරණ වෙනුවෙන් අපි සියලු දෙනාම පෙනී සිටිය යුතු බවයි. තව ටික දවසක් මේ අයුරන් සියලු අමාරු කම් මැද ඉදිරියට යමු. අපිට ජය ගත හැකියි…..

    • මේ තාක් පළ වූ හොදම පැහැදිලි කිරීම…
      මෙන්න මේ ටික ඔය හොමාලට තේරෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..
      අනික WHO කේවට්ටයො රැල..පටන් ගත්ත දා ඉදං කිසිම පදනමක් නැතිව test, test and test කියනවා..ඒකෙන් රටවල් හුගක් මේ ව්‍යසනයේ වලිගයෙන් අල්ල ගත්තෙ..ඔලුව පැත්තට හැරෙන කොට ජනතාවයි, සෞඛ්‍ය කාර්‍ය මන්ඩලයි, අත්‍යවශ්‍ය රාජකාරී කළ අයයි සෑහෙන ගානක් මැරිල.. අපේ රට මේක ඔලුවෙන් අල්ලං ඉන්න බව පැහැදිලියි..

Main News