ශ‍්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි-තෙවැනි රැල්ලක් ඇතිවෙන්න ඉඩක් නෑ..- ඇමරිකාව කියයි..

June 16, 2020 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි-තෙවැනි රැල්ලක් ඇතිවෙන්න ඉඩක් නෑ..- ඇමරිකාව කියයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ දෙවැනි හෝ තෙවැනි රැල්ලක් මතු වීමේ ඉඩකඩක් නැති බව පෙනී යන්නේ යැයි ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කර ඇති ආකාරය හේතුවෙන් එම තත්ත්වය ළඟා කරගෙන ඇති බව ඇය සදහන් කරන්නීය.

එසේ දෙවැනි හෝ තෙවැනි රැුල්ලකට ඉඩකඩක් නැති රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද අයිති වනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

ඇය මෙම අදහස් කලේ කොළඹ සිටින මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

491 views
Main News