ශ‍්‍රී ලංකාවේ තත්වය දරුණුයි.. ලංකාව හදිසි උපකාර අවශ්‍ය කාණ්ඩයට ඇතුලත් කරමින් WHO ප‍්‍රධානී කියයි…

May 15, 2021 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ තත්වය දරුණුයි.. ලංකාව හදිසි උපකාර අවශ්‍ය කාණ්ඩයට ඇතුලත් කරමින් WHO ප‍්‍රධානී කියයි…

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම නිසා රට තුළ තත්වය දරුණු අතට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් රෝහල් ගත කිරීම් වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවයි.

ලෝකයේ හදිසි අවශ්‍යතා සහිත රටවල් අතරට ඉන්දියාවට අමතරව නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව ඇතුලත් වන බවද ඔහු කියා සිටී.

දැනට කොරෝනා පාලනය සදහා ඇති එකම ක‍්‍රමය වන්නේ එන්නත්කරණය හා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් යැයිද ඔහු තව දුරටත් පැවසීය.

101,519 views

16 Comments to “ශ‍්‍රී ලංකාවේ තත්වය දරුණුයි.. ලංකාව හදිසි උපකාර අවශ්‍ය කාණ්ඩයට ඇතුලත් කරමින් WHO ප‍්‍රධානී කියයි…”

  1. Weera says:

    ටෙඩ්රෝස් හෙට ඉදන් විජාතික කුමන්ත්රනවාදීන්ගේ බලල් අතක් .ගොම්මන්පිල විමල් බන්දුල හෙට ඉදියි ටී වී චැනල්වල .

    • Weera සූර් වේ. බොලාලා තප්පුන උන්දලා සහරාන්ගේන් අහිංසකයින් බේරා ගෙන නෝබෙල් තෑග්ගක් ගත්තලු. හොග්..හොග්..

  2. Justin says:

    Vaccination is still not streamlined. I am in Ratmalana unable to get the vaccine.

    • Madushanka says:

      ජස්ටින් අයියා ඔරකල් එකට දාල තියෙන්නෙ වෙලාවට වැක්සින් වෙයි එහෙම නොවුනොත් පැනියක් හරි කරාපිටි කරලක් හරි එවන්නම් ඒත් හරි ගියේ නැත්නම් බය වෙන්න එපා අපේ බයි මිතුරො ඇති වෙන්න ඇදන් හදනව.

      • Weerasetti says:

        පැකනිල් මෝඩයා නැද්ද ?

      • බයියා says:

        මේ වෙලාවෙත් දේශපාලනේ කරේ එල්ලගෙන වෛරයෙන් තැවි තැවී බයි මිතුරන්ව බයිට් කර කර ඔහොම හිටිං.. ඕක තමයි ජෙප්පෙක් විදියට තමන්ගෙ කුහකකමයි නොහැකියාවයි පෙන්නන්න තියෙන හොඳම විදිහ

        • ජෙජ්පට අං තටිටුවක් ජාතික ව්‍යපාරය says:

          සුපිරි කතාව බ්‍රෝ දවසේ කියමන ඔය බත්බැල ජෙප්පාට පිස්සු තදවෙලා ඉන්නේ

        • Janaka from Matara says:

          බයියාලුවේ, තරහිං කියන හැම දේම බොරු නොවෙයි.

  3. නාරද says:

    අපිට අපේ අය කියන්නේ තත්ත්වය පාලනය කරා, එන්නත් කරනය කරගෙන යනවා කියලනේ. අවිශ්වාස කරන්නද අපේ අයව? එන්නත් කරන තැන් වලට රංචු පිටින් ජනතාව ගෙන්වන්නේ නැතිව (එන්නත් පෙකුරු හදන්නේ නැතිව). කුඩා කල ප්‍රදේශයක් තුල කුඩා කණ්ඩායමකට දෙමින් විශාල ප්‍රදේශයක් ආවරණය කල හැකි බව ඉගෙන ගන්න.

  4. මල්වානේ බැසිල් says:

    පාස්කු ශාපය ,පරිසර විනාශයේ ශාපය ,කැළණියේ නාගරාජයා ගේ ශාපය

  5. Basnayaka says:

    ලංකාවෙ එයාපෝට් වල කිසිම ආරක්ෂාවක් නැ කොවිඩ් හැදුන ‍ේවකයොත් ඉන්නව මැනේජ්මනට් එක ඔහේ ඉන්නව ලක්ෂ ගණන් පඩ් ගන්නව කිසිම පිලිවෙලක් නැ සුබසාධනයක් නැ සෝබනේ විතරයි රට ඉදල මගියෙක් ආවොත් පුදුම රස්තියාදුවක් තොරතුරු දැනගන්න විදිහක් නැ කෝල් ආන්සර් කරන්නෙත් නැ මත්තලත් එහෙමයි.

  6. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් says:

    සියළුම ආගම්වල ආගමික කටයුතුවලින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම ඉවත් කරන්න ! අධික ශබ්දය මිනිසුන්ට සතුන්ට හානිකරයි. මෙම කෘතිම ශබ්ද කම්පන තරංග සොභාවධර්මයට ආගන්තුකයි. ස්වභාවධර්මයේ මූලික න්‍යායන් මෙම ශබ්ද තරංග ප්‍රතික්ෂේප කරනවා. ඊට විරුද්ධය යම් දෙයක් සොභා දහමෙන් සිදුවෙනවා. ඒක මේ මෝඩ මිනිසුන්ට තේරෙන්නෙ නෑ..

  7. Mega says:

    Rengannath thank hadaganna epai ekata tamai me wage un paawichchi karanne prasneta issarawela uththere enawa kiyanne mewatai mouth ungen salli ganna ekeda danne na

  8. සමනා says:

    ආසාදිතයන් ගණන ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස වැඩි කවුද? මරණ ගණන ආසාදිතයන්ගේ ප්‍රතිශතයක් ලෙස වැඩි කවුද? සුව වන ප්‍රමාණය ආසාදිතයන්ගේ ප්‍රතිශතයක් ලෙස අඩු කවුද? ඒ
    කාම්බොජයද? ලංකාව ද? වියට්නාමය ද? නැතිනම් එංගලන්තය, ඇමෙරිකා එක්සත් ජනපද ,බ්‍රසීලය ද?

Main News